සේමිණී දමිතා අපහාස නඩු සමතයට පත්වේ

Published in අනං මනං
Wednesday, 15 October 2014 10:13
ගුවන් විදුලි නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකදී අපහාසාත්මක ප්‍රකාශ කළ බවට ජනප්‍රිය නිළි දෙපළක් වන සේමිණි ඉද්දමල්ගොඩ හා දමිතා අබේරත්න එකිනෙකා වෙත පවරා තිබූ නඩු පවරා තිබුණි.ඊයේ (14) එම නඩුව ඉල්ලා අස්කර ගනිමින් කොළඹ දිසා අධිකරණයේදී  සමථයට පත්වූහ. 
ප්‍රථමයෙන් ජනප්‍රිය නිළි සේමිණි ඉද්දමල්ගොඩ, ජනප්‍රිය නිළි දමිතා අබේරත්නට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනු කරනු ලැබුවාය. රුපියල් කෝටි 50ක වන්දියක් ඉල්ලා එම නඩුව පවරා තිබුණි. එයට හේතුව වූයේ පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකදී තම චරිතය ඝාතනය වන ලෙස ප්‍රකාශ නිකුත් කිරීමට එරෙහිවය. 
 
සේමිණි ඉද්දමල්ගොඩගේ එම පැමිණිල්ල මගින් තම චරිතයටද අපහාසයක් වූ බව පවසමින් රුපියල් කෝටි 100ක වන්දියක් ඉල්ලා දමිතා අබේරත්නද ඇයට එරෙහිව නඩු පවරන ලදී.
කොළඹ දිසා අධිකරණයේදී ඊයේ (14) මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී සේමිණි ඉද්දමල්ගොඩ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ දමිතා අබේරත්න විසින් නැවත අපහාසාත්මක ප්‍රකාශ මාධ්‍යයට නොදෙන්නේ නම් කොන්දේසි සහිතව නඩුව ඉල්ලා අස්කර ගැනීමට කැමති බවය.
 
දමිතා අබේරත්න වෙනුවෙන් පෙනී සිටි නෙවිල් අබේරත්න නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ කිසිදු අවස්ථාවක අපහාසාත්මක ප්‍රකාශ නිකුත් නොකළ බැවින් කොන්දේසිවලට එකඟ නොවන බවයි. අනතුරුව දෙපාර්ශ්වය නඩුව සමථයකට පත්කර ගැනීමට එකඟ වූහ.

 

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us