අනුරගේ පච, බොරු, කෙබර සහ පට්ටපල් බොරු - කංචන විජේසේකර Featured

Sunday, 25 August 2024 16:39

ජනතා විමුක්ති පෙරමුණේ නායකයා පසුගිය දවසක කියා සිටියා ඔහු බලයට පත් වුවහොත් දැනට මහා භාණ්ඩාගාරය විසින් ලබා ගෙන ඇති ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ තිබු විදේශ ණය ප්‍රමාණය ගෙවීමට අය කරන ඉන්ධන ලීටරයක් මත පවතින රුපියල් 50ක බද්ද ඉවත් කර ඉන්ධන මිල අඩු කරන බව.

ඔහු තව දුරටත් පැවසුවේ එම ණය මුදල සම්පුර්ණයෙන්ම මහා භාණ්ඩාගාරයට පියවා ඇති බැවින් එය ඉවත් කල හැකි බවයි.
මෙම නිගමනයට ඔහු පැමිණියේ කෙසේදැයි මම නොදනිමි.
පසුගිය ඉන්ධන නොමැති සහ විදුලිය නොමැති ආර්ථික අර්බුද අසීරු අවස්ථාවේ ජනාධිපතිවරයාට ජනප්‍රිය නොවන නිවැරදි තීරණ ගැනීමට සිදු විය. එම තීරණ ගත් බැවින් අද අවශ්‍ය ඉන්ධන ලබා දීමට හැකියාව ඇත.
2022 වසරේ මහා භාණ්ඩාගාරය විසින් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ගෙන තිබු සහ ගෙවීම් පැහැර හැර තිබු රුපියල් බිලියන 1200කට (ඇමෙරිකානු ඩොලර් මිලියන 3400ක් පමණ) වැඩි ණය ප්‍රමාණයක් ඔවුන්ගේ ගිණුමට ලබා ගන්නා ලදි. එසේ ගනු ලැබුවේ ඉන්ධන ලීටරයකින් රුපියල් 25ක පමණ බද්ධක් 2022 වසරේ සිට අය කර එය ගෙවීමටය. එම බද්ධ රුපියල් 50 දක්වා 2023 වසරේ වැඩි කරන ලද්දේ එම ණය 2029 වසර වන විට ගෙවා අවසන් කරන්න සැලසුමක් සහිතවය. 2025 වසර ආරම්භ වන විට තවත් ගෙවීමට ඇති මුදල රුපියල් බිලියන 656ක් වේ.
මෙලෙස තවත් රුපියල් බිලියන 656ක් ගෙවීමට ඇති පසුබිමක ජනතාව සහ ඡන්ද දායකයන් මුලා කරමින් ඉන්ධන මත ඇති බදු අඩු කර ඉන්ධන මිල අඩු කරන බව පවසන්නේ එම ගෙවීමට ඇති මුදල පියවීමට මුදල් මුද්‍රණය කිරිමෙන්ද, තවත් ණය ගැනීමෙන්ද, වෙනත් බදු වැඩි කර අදායම වැඩි කිරීමෙන්ද එහෙමත් නැත්නම් වෙන කවර ආකාරයෙන්ද?
මා මෙයට පෙර කල ආරාධනාව නැවත කරමි. ජාතික ජන බලවේගයේ සහ සමගි ජන බලවේගයේ පාර්ශවයන්ගේ බලශක්ති ප්‍රතිපත්ති පිළිබඳව, රජයේ බලශක්ති ප්‍රතිපත්ති පිළිබඳව, රජයට එල්ල කරන බලශක්ති ක්ෂේත්‍රයේ දුෂණ හෝ වංචා ගැන ඕනෑම විවාදයකට හෝ සංවාදයකට මා සමග සිදු කිරීමට පැමිණෙන ලෙස ආරාධනා කරමි.
කංචන විජේසේකර

ka 1

k 2

k 3

 

Last modified on Sunday, 25 August 2024 16:40

Leave a comment

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us