අනුරගේ රු10, 000 සහන මල්ලට මුදල් සොයා ගන්න විදිහ Featured

Wednesday, 21 August 2024 15:26

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර මේ වන විට මැතිවරණ පොරොන්දු ගනනාවක් ලබා දෙමින් තිබේ.

එ් අතර සහනාධාර පොරොන්දුත් රැසකි. ඊයේ පෙරෙදා මැතිවරණ රැලියක දී ඔහු පොරොන්දු ලැයිස්තුවක් ඉදිරිපත් කර තිබිණි. ඒ අතර දුප්පත් පවුල් සඳහා රු 10,000 සිට 20,000 දක්වා වන මුල්‍ය සහනාධාරයක් ලබා දෙන බව සපත කර පවසා තිබිණි. එ් අතර වැට් බදු අහෝසි කරීම,විදුලි බිල දැනය පවතින ප්‍රමාණයට වඩා තුනෙන් එකකින් අඩු කරන බවත් ඉන්ධන මිල සැලකිය යුතු ගනකින් අඩු කරන බවත් පවසා තිබිණි.

මෙලෙස අනුර කුමාරට තරගයකට මෙන් සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස ද සහනාධාර පොරොන්දු ලබා දීම මේ දින වල කැපී පෙනෙන තත්වයකි.

එ් කොහොම නමුත් ගැටලුව ඇත්තේ මේ කියන සහනාධාර ලබා දෙන බව පැවැසීමේ අමාරුවක් නැති නමුත් ඔවුන්ගේ ආණ්ඩු බලයක් හමුවේ මෙම පොරොන්දු ඉ‍ටු කරන විදිහ ගැනත් පැහැදිලි කිරීමක් නොකිරීමය. අපි ආවොත් කරල පෙන්වනවා කිවාට වැඩක් නැත. මේ කතා දැන් මෙරට පුරවැසියා හොඳට අසා පුරුදු දේවල්ය. පුරවැසියා දැන් බලාගෙන ඉන්නේ මේවා කරන විදිහත් පවසන තෙක්ය.

නමුත් එ් ගැන නිශ්චිත අදහස් පල කිරීම් විපක්ෂ වේදිකාවල දකින්ට නොලැබේ. අනුර කුමාර මෙරට දුප්පත් ජනතාවට රු 10,000 ක මුල්‍ය සහනාධාරයක් ලබා දෙන බව පවසන්නෙ කවර නිර්ණායක මත පදනම්වද යන්න විසඳාගත යුතු ගැටළුවකි. මන්ද වත්මන් රජය මෙය නොකරන්නේ ඇයිද යන්න ගැන පුරවැසියා දැන ගත යුතු බැවිනි.

අනුරලා පසුගිය කාලය මුළුල්ලෙ ගනන් හිලව් ඇතිව කියා සිටියෙ මේ රටෙ පවුල් ලක්ෂ 50ක් 60ක් පමණ දරිද්‍රතාවයට පත්ව ඇති බවය. අනුර රු 10,000 බැගින් දෙන්න යන්නේ මේ ලක්ෂ 50 ට හෝ 60 ට නම් තත්වයන් අතිශය බරපතලය. මන්ද රු 10,000 ක අවම සහනාධාරයක් ගෙව්වත් මාසිකව පවුල් ලක්ෂ 50 කට රු.බිලියන 50 බැගින්, වසරකට බිලියන 600 ක අවශ්‍යය. 20,000 බැගින් වුවහොත් රු.බිලියන 1200 ක් අවශ්‍යය.

මේ මුදල අනුරගෙ පාලනයක් යටතේ සොයා ගන්නා ආකාරය පැහැදිලි කළ යුතුය. 2023 වසරෙ රජයේ ආදායම රු.බිලියන 3,000 කට ආසන්නය. මේ 3,000 ඉලක්කම අනුව නම් එයින් 600 හෝ 1200 ක් වැයකිරීම ගැටළුවක් නැත. නමුත් ප්‍රශ්නය ඇත්තේ රජයේ අනෙක් වියදම් පියවීමේ ගැටළුවය.

රාජ්‍ය ආදායම යනු වැට් බදු, පුද්ගලික හා ආයතනික ආදායම් බදු, සුරා බදු ආදි බදු ආදායම් මගින් උපයා ගත් ආදායමයි. මෙම ආදායමෙන් රාජ්‍ය වැ‍ටුප්, විශ්‍රාම වැ‍ටුප්, අස්වැසුම ඇතුලු අනෙක් සහනාධාරයන්, දේශිය ණය ගෙවීම් සහ එදිනෙදා රජයේ නඩත්තු සහ ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් වැය කිරීමට සිදුවේ. නමුත් 2023 වසරේ එම වියදම් ලැයිස්තුව බිලියන 4000 ද ඉක්මවා තිබිණි. එනම් රාජ්‍ය ආදායම් මද වීම නිසා රජයට තවත් ණය ගන්න සිදුව ඇති බවය.

මේ අනුව මේ වන විට රජය අස්වැසුම වෙනුවෙන් වැය කරන බිලියන 200 මුදලට වඩා අනුරගේ සහන මල්ල වෙනුවෙන් බිලියන 400 ක් ද අමුතුවෙන් සොයා ගත යුතුය. මේක සොයා ගන්නේ ණය අරගෙනද, බදු වැඩි කරද, නැතිනම් මුදල් අච්චු ගැසීමෙන්දැයි අනුර පැවසිය යුතුය.

කොහොම නමුත් අනුරලා මේ රටේ පවුල් ලක්ෂ 50 ක් 60 ක් දුප්පත් වී ඇති බව පැවැසුවද රජයේ සහ අනෙකුත් දත්ත අනුව මෙම ප්‍රමාණය පවුල් ලක්ෂ 20 කට අඩුය. මේ අය අතරිනුත් පසුගිය කාලයේ කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය නිසා තාවකාලික ආර්ථික දුෂ්කර තාවයන්ට පත්ව ආවදානම් කාණ්ඩයට හෝ ඒ ආසන්න තැනකට පත්වූ පිරිස ලක්ෂ 8 ක් පමණ වේ. එ් අනුව සැබැවින්ම දුප්පතුන් සහ අන්ත දිළ්ඳු වශයෙන් සැලකෙන ප්‍රමාණය ලක්ෂ 12 කට අඩු ප්‍රමාණයකි.

රජය අස්වැසුම සහනාධාර ලබා දෙන්නේ කාණ්ඩ 4 කට වෙන් කරය. එ් අනුව සංක්‍රාණ්තික එනම් අවදානමට ලක් විය හැකි මට්ටමේ ලක්ෂ 4 කටත්, අවදානමට ලක් වුවන් ලක්ෂ 4 කටත්, සුළු සහනාධාරයක් ලබා දෙයි. එයත් කෙටි කාලීනවය. මන්ද යත් මෙම පිරිස් නැවත රටේ ආර්ථිකය ස්ථාවරත්වය සමග නැගී සිටින බැවිනි. ඔවුන්ට අහිමි වූ රැකියා මාර්ග, ආදායම් මාර්ග යළි ක්‍රමයෙන් ගොඩ නැගෙන නිසාය. එ් අනුව දිගුකාලීනව ඔවුන්ට සහනාධාර අවශ්‍ය නොවේ. මේ අනුව දැනට ලබා දෙමින් පවතින සහනාධාර නුදුරෙම අවසන් වෙනු ඇත.

දුප්පතුන්ගේ කාණ්ඩයත් නැවත් සවිබල ගැන්විය හැකි නමුත් එයට යම් කාලයක් ගතවේ. මේ වන විටත් එම කාණ්ඩය සම්බන්ධයෙන් සවිබල ගැන්වීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇත. එ් අනුව වසර කිහිපයක් තුළ එම පවුල් ආර්ථික වශෙයෙන් ගොඩ නැංවීම සිදුවේ. ඒ අනුව රජයට ඔවුන් සම්බන්ධයෙන් තිබෙන බර ද අඩුවේ.

නමුත් දරිද්‍රතාවයේ පත්ලටම වැටී සිටින කොටස් එනම් රැකියාවක් ආදයම් මාර්ගයක වෙනුවෙන් සම්බන්ධ විය නොහැකි මට්ටමේ අන්ත දිළිඳු කාණ්ඩය, රජයට බොහෝ කාලයක් යන තෙක් නැතිනම් ඔවුන්ගේ ජීවිත කාලය තුළම හෝ නඩත්තු කිරීමට සිදුවේ. රජය දැනට රු.15,000 ක සහනාධාරයක් දෙන්නේ මේ පවුල් වලටය.

මෙම රජයේ ගනන් හිලව් අනුව අනුර කුමාර රු.10,000ක අවමයක් ගෙවනවා යැයි කියන්නේ මේ සංක්‍රාණ්තික, අවදානම් සහ දුප්පත් පවුල් කාණ්ඩ වෙනුවෙනි. අනුරගේ ආණ්ඩුව මේ අය වෙනුවෙන් ලබා දෙන මුදල 10,000 දක්වා පමණක් වැඩි කරන්නේ නම් එ් වෙනුවෙන් අමතරව මාසිකව රු.බිලියන 12 ක් නැතිනම් වාර්ෂිකව බිලියන 144ක් පමණ අවශ්‍ය වේ. ආබාදිත, වකුගඩු රෝග ආදි කාණ්ඩ වලටත් රු.10,000 ක් ලබා දෙන්නෙ නම් තවත් බිලියන 120 කින් පමණ අඩු පාඩු පුරවා ගැනීමට අවශ්‍යය. එ් අනුව අමතර බිලියන 264 ක් පමණ මුදලක් රාජ්‍ය ආදායමට සොයා ගත යුතය.

අන්ත දිළිඳු කාණ්ඩයට රු.15,000 වෙනුවට 20,000 ක් ගෙවන්නෙ නම් තවත් බිලියන 24 ක් පමණ එකතු කර ගත යුතුය.

මේ අනුව රජයේ ඇසත්මේන්තු අනුව සිටින ලක්ෂ 20 ක පමණ පිරිසටත් අනුරගේ සහන මල්ල දීමට රජය මේ වන විට වැය කරන බිලියන 200 ට අමතරව, තවත් රු බිලියන 288 කට ආසන්න මුදලක් රාජ්‍ය ආදායමට එකතු කර ගැනීමට සිදුවේ.

එමෙන්ම අනුර පවසන ලෙස මේ ගෙවනවා කියන සහනාධාරය මේ පිරිසගේ ජීවිත කාලයටම ගෙවනවා යැයි ද හැඟේ. අස්වැසුම ක්‍රියාත්මක වීමට ප්‍රථමව රජය නම් එම කාල වකවානු ප්‍රසිද්ධ කර වැඩසටහන ආරම්බ කළේය. අනුරගේ වැඩසටහන කාල සීමාවක් නොමැති බැවින් මේ දුප්පත් ජනතාව රජයෙන් සදාකාලිකව යැපෙන හිඟනුන් බවට පත් කිරීම සිදු වෙනවා ද යන සැකය මතුවේ. මෙහෙම රටක් ගොඩ ගන්නවා කියන එකත් එක අතකට ආශ්චර්යක් වෙනු ඇත.

ඒ අතරම වැට් බදු කපා හැරීම, ආදායම් බදු සහන, උපයන විට බදු ආදායමට සහන, ආදිය මගින් රාජ්‍ය බදු ආදායම් අති විශාල ප්‍රමාණයකින් අඩු කර ගැනීමේ යෝජනාද අනුර සිදු කර ඇත. එසේම විදුලි ගාස්තු, ඉන්ධන මිළ ආදිය අඩු කිරිමක් ගැනද කියයි. එසේ අඩු කළ හැක්කේ පෙර කළ මෙන් මෙම ආයතන වලට රාජ්‍ය සහනාධාරයක් ලබා දීම මගිනි. මේ ආයතන වලට පිරිවැය අනුව මිළ තීරණය කළ නොහැකි නම් යළි පාඩු පිට පවත්වාගෙන යෑමට සිදු වෙනු ඇත. ඒ පාඩුවේ බර රාජ්‍ය ආදායමෙන් ගෙවන විට ඒ අඩුව පුරවාගැනීම සිදුවන ආකාරයත් පැහැදිලි නැත.

මේ ආදි වශයෙන් රාජ්‍ය ආදායම් අහිමි කර ගනිමින් රාජ්‍ය වැය බර වැඩි කර ගැනීමේ අනුරගේ රාජ්‍ය පාලනය රට කෙතැනකට ගෙන යයිද කියන එක අමුතුවෙන් කිව යුතු නැත. ගෝඨා පාලනයේ අත් දැකීම් ඊට හොඳටම ප්‍රමාණවත්ය.

මෙය අනුරගේ පාලනයට පමණක් නොව සජිත්ගේ පාලනයටත් අදාලය. මොකද දෙකම එකක් වන බැවිනි.

anu

anu 2

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us