ගෝඨාට තිබුණු ආදරය අනුරට දැන් ඇයි ? Featured

Tuesday, 20 August 2024 15:42

මේක ආදර කතාවකි. තමන් විශ්වාස කළ ආදරවන්තයා තමන්ව රැවැටීම ගැන කතාවකි. තමන්ව රැවැටීම නිසා ඒකේ වාඩුව ගැනීමට තැත් කරන ආදරවන්තියකගේ කතාවකි.

තමන්ව අත්හල ආදරවන්තයාට රිදවීම වෙනුවෙන් වෙනත් අයෙකු තමන්ගේ ආදරවන්තයා බව පෙන්වන කතාවකි. අලූත් සම්බන්ධය, පරණ ආදරයේ වේදනාව මකා ගැනීම වෙනුවෙන් තමන්වම රවටා ගැනීමට කරන ආදරවන්තියක් දරණ උත්සහය ගැන කතාවකි. ආදරවන්තයාගෙන් කරන ආදරණීය පළිගැනීමක් ගැන කතාවකි. ආදරයයි වෛරයි අතර ඇත්තේ කෙස් ගහක වෙනසක් යැයි කියයි. ගෝඨා පසු පස ගිය අයගෙන් දැන් අනුර පසුපස වැටුණු අයගේ කතාවත් එසේමය.

අද මාලිමාවට ජය වේවා කියන බහුතරය, 2019 දී ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් උන්නතිකාමීව ඡුන්දය පාවිච්චි කළ පිරිසකි. 2019 දී මාලිමාවට ජය වේවා කිව්වෙ ජවිපෙ කාඩර්ය සහ තවත් සුළු පිරිසකි. ඒ ලක්ෂ 4 කට ආසන්න පිරිසකි. මේ අතරින් ජවිපෙ කොටස ලක්ෂ 3 කට පමණ වෙයි. ඒ මහ මැතිවරයේ දී ජවිපෙ ලැබු සමස්ත ඡුන්ද සංඛ්‍යාවත් එක්ක බැලූ විටය.

කොහොම වුණත් එදා ගෝඨාට ජය වේවා කියපු පිරිසෙන් කොටසක් දැන් අනුර ජනාධිපති කරන්න සැරසී සිටී. ගෝඨා බොරුකාරයකු බව, දුර්වලයකු, අසාර්ථක පාලකයකු බව මේ අය දැන ගත්තේ ගෝඨා පාලනයට පත්වී වසරක් දෙකක් යන විටය.
ඔහුගෙන් බලපොරොත්තු නොවු දුර්වල නායකත්ව ලක්ෂණයන්, ප‍්‍රතිපත්තිමය ගැටලූ, වැඩ පිළිවෙල අසාර්ථක වීම ආදිය මේ ගෝඨාවාදින් ජනාධිපතිවරණයට පෙර හීනෙකින්වත් සිතු දේ නොවේ. තමන් ගෝඨාව විශ්වාස කළ තරම අනුව, ගෝඨා මහා ආශ්චර්යයන් පානු ඇතැයි සිතුවේය.

ඒත් ගෝඨාභය වෙනුවෙන් සමාජ මාධ්‍ය තුළ මෙන්ම ගමේ පාර තොටේද මේ අය ප‍්‍රසිද්ධියෙත් සෘජුවත් පෙනී සිටියේ ගෝඨා ආවොත් රට සුරපුරයක් වීම ගැන සහතික දෙමිනි. ගෝඨාට රැවැටුණ තරම අනුව මේ අයට එය දරාගැනීමට නොහැකි විය.

ගෝඨාභය අතිශය දුර්වල පාලකයකු වන බවට, පෙර විවේචන ඕනෑ තරම් තිබිණි. එහෙත් ඒ කිසිවක් මේ අය ගනනකටවත් ගත්තේ නැත. කොළඹ ලස්සන කිරීම, යුද්ධයට නායකත්වය දීම ආදිය මත වැඩ කරන විරුවා ලෙස උත්කර්ශයට නංවාලීම සිදු කරගෙන තිබිණි. රටේ ජාතික ආරක්ෂාව සහතික කළ හැක්කේ ගෝඨා වැන්නෙකුට පමණක් බව විශ්වාස කළේය.

නමුත් මේ කියන කරණා සියල්ලේදීම ගෝඨාභය යනු දුර්වලයකු බව පෙන්වන්න ඕන තරම් හේතු සාදක ජනාධිපතිවරණයට පෙරත් තිබිණි. කොළඹ ලස්සන කිරීම සිදු කළේ හමුදාව ලවා මිසක ඒ වෙනුවෙන් වන රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ හෝ යාන්ත‍්‍රණයක්, වැඩ සටහනක් සහිතව නොවේ. හමුදාවට දෙන නියෝගයකින් ඒ සිදු කිරීම එම මොහොතට අදාල තවකාලික සාර්ථකත්වයක් විනා දිගු පැවැත්මක් ඇති දෙයක් නොවේ. ගෝඨාගේ නියෝග දීමේ බලය අහිමි වන විට ඒ වැඩපිළිවෙල කඩා වැටිනි. කොළඹ ලස්සන අවසන් විය. ඒ තබා ගෝඨාභයට ජනාධිපති වීමෙන් පසුව, ඔහු ආරක්ෂක ලේකම් වරයාව සිටි සමයේදී හමුදාවට නියෝග දී කරගත හැකිව තිබු වැඩ කොටසවත් කරගැනීමට නොහැකි විය. රජයේ ඉහළ තනතුරුවලට හමුදාවේ පිරිස් පත්කරමින් වැඩ පෙන්වන්නට හැදුවත් ඒ මුළුමනින්ම අසාර්ථක විය. රාජ්‍ය යාන්ත‍්‍රණයේ වැඩ සිදුවීම සහ හමුදාවේ වැඩ සිදුවන ආකාරය කියන්නේ දෙකක් බව හෝ ගෝඨා දැනගෙන හිටියේ නැත. රජයේ ක‍්‍රමවේදයෙන් එහාට යන්න ගෝඨාට නොහැකි විය. හමුදා නිලධාරීන් පවා අපකීර්තියට පත් වී ඒ කෙරුවාව අවසන් විය.

යුද්ධය ගැන කතාවද එසේය. ගෝඨාභය කළේ ආර්ක්ෂක ලේකම් වරයා ලෙස පරිපාලනයට අදාලව කටයුතු කිරීමය. රජය ගන්නා තීන්දු තීරණ අනුව අදාල අමාත්‍යංශය මෙහෙය වීමය. යුද්ධය කළේ හමුදාපති ඇතුලූ හමුදා නිලධාරීන් සහ සොල්දාදුවන්ය. ඒ සැලසුම සකස් කළේ ගෝඨා නොවේ. යුද පිටියට ගියෙත් ගෝඨා නොවේ. ආරක්ෂක ලේකම්වරයා ලෙස ලැබි තිබු බලතල සහ නිල නොවන ආරක්ෂක කණ්ඩායම් පවා නඩත්තුකරගෙන, ගෙන ගිය මෙහෙයුම් ගැන සමාජය තුළ තිබු මතයන් ආදිය නිසා ගෝඨා දැඩි තීන්දු තීරණ ගන්නා බය නැති ප‍්‍රතාපවත් චරිතයක් ගොඩනගාගෙන සිටියා මිස ඇත්තටම එහෙම වුණේ නැත. කොටින්ම මාධ්‍යය විසින් පුම්බනු ලැබු බොල් චරිතයක්ම පමණක් විය.

ගෝඨාවාදීන් එදා රැවැටුණේ මේ මාධ්‍ය ප‍්‍රතිරූපයටය. අඩු තරමින් ඔහු ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කළ වැඩපිළිවෙල, ඔහු ඒ සම්බන්ධයෙන් කතා බහ කළ දේවල් මේ අය දැක්කේ ඇහුවේ නැත. රටේ ආර්ථිකය ගොඩ දමන්නේ කොහොමද කියා අසන විට ඒවාට ගෝඨාට උත්තර තිබුණේ නැත. නමුත් ඡුන්දය දුන් හැට නව ලක්ෂයක් ගෝඨා මොකක් හෝ කරනු ඇතැයි අන්ධ විශ්වාසයක පසු විය.

එහෙත් මේ අන්ධ විශ්වාසය වැඩි කල් පැවැතුනේ නැත. බලයට පත්ව කෙටි කලකින් ඇත්ත මතු විය. ගෝඨාවාදීන් අපේක්ෂා කළ කිසිවක් සිදු නොවුණා පමණක් නොව එතෙක් පවත්වාගෙන පැමිණි ක‍්‍රමවේදයන් ද බි`ද වැටී රට බංකොලොත් විය. ගෝඨාභයට තමන්ගේ බලය අත්හැර රටෙන් පලා යන්නත්, ඒ ගියත් යන්න තැනක් නැතිව රටින් රට රස්තියාදු ගසන්නටත් වුවා සේ ගෝඨාවාදීන්ටද යන එනමන් නැති විය. විශේෂයෙන්ම තමන්ව රැකබලා ගනියි යැයි විශ්වාස කළ නායකයා තමන්ව අත්හැර පලා යාවේ වේදනාව තිබිණි. ගෝඨා කෙරෙහි වූ ආදරය වෛරයක් බවට පත් විය.

මේ තත්වයන් නිසා දේශපාලනිකව කල්පනා කළේ නම්, ගෝඨාට ඡුන්දය දීමට තමන් ගත් තීරණයට හේතු කාරක වූ දේ ඉෂ්ඨ සිද්ධ කරන වෙන තැනක් සොයා යෑම විය යුතුව තිබුණු නමුත් මේ අයගෙන් කොටසකට සිද්ධ වුණේ කුමක්දැයි වැටැහීමක් තිබුණේ නැත. තමන් ගෝඨාට ඡුන්දය දීමට තීරණය කළේ දේශපාලන ආර්ථික සාදක පිළිබ`ද වැටහීමකින් තොරව බව මේ අයට අවබෝධයක් තිබුණේ නැත. කොටින්ම මේ සාමාන්‍ය ජීවිතයෙත් මංමුලා වූ පිරිසකි. රටක් ගොඩ නැ`ගීමට නම් බලය හොබවන්නන්ට ඒ ගැන නිවැරදි දේශපාලන ආර්ථික දැක්මක් ප‍්‍රතිපත්තියක් තිබිය යුතු බව ගෝඨාට සිදුවූ දෙයින්වත් මේ අය තේරුම් ගත්තේ නැත. මේ නිසා නැවත මේ පිරිස් මංමුලා වී සිටී. මේ අය අනුර කුමාර පසු පස වැටීමෙන් ඔප්පු වන්නේ එයය.

ගෝඨා හමුවේ පරාජය වූ සමගි ජන බලවේගයේ සජිත්ගේ පරණ ගොබ්බ දේශපාලනය මේ අයට කොහොමත් දිරවන්නේ නැත. ඔහු වීරයෙක නොවේ. මේ මංමුලා වූ ගෝඨාවාදින්ට අවශ්‍යවන්නේ ප‍්‍රදර්ශනකාමී වීරයෙකි. මේ අය අනුරට සමීප වන්නේ ඒ අනුවය. 2019 දී ත් අනුර සිටි නමුත් එදා අනුරට වඩා, ආරෝපණය කර ගත් වීරත්වයක් ගෝඨාට තිබිණි. දැන් ගෝඨා පලාගිය තැන අනුර වීරයා කරගෙන ඇත.
හැබැයි අනුර 2019 දිත් ආවේ මාලිමාවෙන්ය. එදා මාලිමාවේ ප‍්‍රතිපත්ති අදත් එහෙම්ම තිබේ. නමුත් මේ අය එදා අනුරව පිළිගත්තේ නැත. ඒ ප‍්‍රතිපත්ති මත මේ අය තීන්දු ගත්තේ නැති නිසාය. දේශපාලන ආර්ථික ප‍්‍රතිපත්ති ගැන මේ අය කල්පනා කරනවා නම් අදත් අනුරට ඡුන්දය දීමේ අවශ්‍යතාවයක් නැත. මේ අනුව මේ යන එනමං නොමැති වූ ගෝඨාවාදීන් පිරිසට දැන් අනුරව ඕන වෙන්නේ ගෝඨා නැති විප‍්‍රයෝගයෙන් මිදෙන්නය. තමන්ගේ හිස්කම වසා ගන්නටය. වෛරය පිරිමහ ගන්නටය.

මේ අය ගෝඨා ගැන විශ්වාසය තැබුවේ දේශපාලන ආර්ථික තාර්කික පදනමක් නැතුවා සේම අනුර කෙරෙහි ඇත්තේ ද එවැනිම පිළිවෙතකි. ඊටත් වඩා අනුර ගැන බරපතල විවේචන සහිතව සිට මේ අයම ඒ සියල්ල හැරදා අනුරව විශ්වාස කරන්නේ ගෝඨාව විශ්වාස කළාට වඩා ඉදිරියට පැමිණ බවත් පැහැදිලිය.

එදා ගෝඨා ගැන කිව්වා සේ දැන් අනුර මොනව හරි කරයි කියන විශ්වාසයකින් මේ අය පෙලෙයි. මාලිමාවේ ප‍්‍රතිපත්තිය කුමක්ද යන්න ගැන මාලිමාවේ නායකයන්ටත් නිශ්චිත අදහසක් නොමැති තත්වයන් තුළ මේ ගෝඨාවාදීන්ට ද කොහොමටවත් මාලිමාවේ ප‍්‍රතිපත්ති අදාලම නැත.
අනුර බලයට පැමිණියා හෝ නැතා හෝ වරක් වරද්දා ගත් මේ පිරිස් යළිත් වරක් වරද්දා ගැනීම හැර වෙන කිසිවක් සිදු වීමට නියමිත නැති බවත් පැහැදිලිය. මන්ද යත් ගෝඨාභය සහ අනුර අතර මහ ලොකු වෙනසක් නැති බැවිනි. දේශපාලන සංදර්ශන ම`ගින් පුම්බනු ලැබු බොල් ප‍්‍රතිරුප දෙකක් වන බැවිනි. දේශපාලන ආර්ථික ප‍්‍රතිපත්ති නොමැති කට කයිවාරුකම් මත මොවුන්ගේ ජනප‍්‍රිය දේශපාලනය පදනම්ව ඇති බැවිනි.

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us