වැඩ වර්ජන බූමරංගයක් වෙයි Featured

Tuesday, 09 July 2024 09:53

ඕනෑම සමාජයක වෘත්තිකයන් වෙනුවෙන්, වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන්, වෘත්තීය සමිති ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති බව අපි අසා ඇත්තෙමු. වෘත්තිකයාගේ සාධාරණ ඉල්ලීම් දිනා ගැනීමට අවශ්‍යතාවය පරිදි වර්ජන ක්‍රියා මාර්ගයෙන් වුව සන්නද්ද වූවාට කම් නැත. එය වෘත්තිකයාගේ අයිතියකි.

නමුත් වෘත්තික සටන් සාධාරණ විය යුතුය. ඉල්ලීම ලබා දීමට රජයට හෝ ස්වාමි පක්ෂයට එම ඉල්ලීම් ඉටු කළ හැකි වාතාවරණයක් හැකියාවක් තිබෙනවාද යන්න සැක හැර දැන ගත යුතුය. මස් රාත්තලම ඉල්ලනවා සේ අන්තගාමී තැනකට නොවැටීමට වෘත්තීය සමිති නම්‍යශීලී විය යුතුය. සාකච්ඡාවෙන් සම්මුතියෙන් එකඟතාවයන්ට පැමිණීමේ විචක්ෂණශීලි භාවයත් බුද්ධිමත් භාවයත් විනයත් අවශ්‍යය. ඒ වගේම වගකීම් සහගත බව අවශ්‍යය විශේෂයෙන්ම තමන්ගේ වෘත්තීය ක්‍රියා මාර්ග නිසා අනෙක් පාර්ශ්වයක් අනර්ථකාරී ලෙස පීඩාවට පත් වීම නොවිය යුතුය. අනෙකාගේ අයිතිය නොකෙලෙස විය යුතුය.
ඒ කොහොම නමුත් යළිත් වරක් රටපුරා වර්ජන රැල්ලක් ඇතිවෙමින් පවතී. එක් අංශයක ආරම්භ වූ වැඩ වර්ජනය සමථයකට පත්වන විට තවත් පැත්තකින් වර්ජනයක් පටන් ගනී. මේ නිසා වැඩවර්ජන බෝවෙන රෝග වසංගතයක් බවට පත්ව ඇති සැටියකි.
කෙසේ හෝ මේ වසංගතය වපුරුවන්න මැදිහත්ව ඇත්තේ එක් කල්ලියක් පමණි. ඒ අපි කවුරුත් හොදා කාරවම දන්නා ජෙවිපි නඩයයි. ජෙවිපියට වැඩවර්ජනයන් මෙහෙයවන්න වෘත්තීය අයිතිවාසිකම් පිළිබඳ ගැටළු අවශ්‍යම නැත. කුමක් හෝ ආණ්ඩුවට විරුද්ධ දේශපාලනික වුවමණාවන් වෙනුවෙන් ද ජෙවිපිය වැඩ වර්ජන මෙහෙවයි. ඒ සඳහා පේවී සිටින වෘත්තීය සමිති බලකායක්ද ඔවුන්ට තිබේ.
මේ වන විට දියතත්ව ඇති වැඩවර්ජන රැල්ලේ වුවමණාවද වෘත්තීය අයිතිවාසිකම් සටන් පාඨයක් පෙරට ගෙන ක්‍රියාත්මක් කළද එය එසේ නොවන බව පෙනී යයි. මන්ද මෙම ඉල්ලීම් රජයට මේ මොහොතේ ලබා දිය නොහැකි බව පැහැදිලි නිසාය. නමුත් වැඩ වර්ජනයක් මෙහෙයවා ඔවුන් බලාපොරොත්තු වන්නේ ආණ්ඩු විරෝධි සටන් පාඨ වලට නැවත ජනතාව කැඳවා ගැනීමේ වුවමණාවක් ඔවුන්ට ඇති බැවිනි.
මෙයට ප්‍රධාන් හේතුව ජෙවීපීය නිර්මාණය කළ මාලිමා රැල්ල මේ වන විටත් ක්‍රමයෙන් අහෝසි වී යන හැඩ ඔවුනට අවබෝධ වෙමින පැවැතීමය. මාලිමා රැල්ල ඇති වූයේ පසුගිය පාලන කාලයේ රජය මුහුණු දුන් ගැටළු නිරාකරණය කර ගැනීමට ආණ්ඩුව අසමත් වීම නිසාය. එම ආණ්ඩුව පත් කර ගත් ජනතාවම ආණ්ඩුවට එරෙහි විය. එලෙස කලකිරීමට පත් ජනතාව යන එන මං නොමැතිව අවසානයේ මාලිමාව වෙත හැරෙන්නට තීරණය කර තිබිණි. නමුත් දැන් තත්වයන් වෙනස් වෙමින් තිබේ. ඔවුන් බලාපොරොත්තු වූ පන්නයේ ආණ්ඩු පාලනයක් මේ වන විට බිහිව ඇත. අති සාර්ථක ලෙස රට මුහුණ දුන් අර්බුදයෙන් ගලවා ගෙන රට සංවර්ධන්යේ දිශාවට වේගයෙන් යොමු කිරීමට ආණ්ඩුව සමත්ව ඇත. විශේෂයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබා දෙන නායකත්වය පිළිබඳ ඔවුන්ට සෑහීමකට පත්වන්නට සිදුව ඇත. මේ තත්වයන් නිසා මාලිමා රැල්ල ඔවුන් සිතුවාට වඩා වේගයෙන් අහෝසි වෙමින් පවතී. වැඩ වර්ජන රැල්ලකට ඔවුන් නායකත්වය දෙන්නේ ඒ නැති වුණ ජනප්‍රියත්වය යළි ගොඩනඟා ගැනීමේ වුවමණාව මතය.
නමුත් මේ නිසා රටට ජනතාවට මුහුණ දෙන්න සිදුව ඇති අනර්ථකාරී ප්‍රතිවිපාක ගැන ජෙවීපිය කල්පනා නොකළේය. එහෙම රට ජනතාව ගැන හිතන මෘදු ගුණයක් ජෙවීපියට කිසිදා තිබුණේ ද නැත. ඉතිහාසය පුරාම කළේ ජනතාව පීඩාවට පත් වන සේ දේශපාලන ක්‍රියාමාර්ග තේරීමය.
කරකියාගන්නට නොහැකි ජේවීපි නඩයට අදත් ඉතිරිව ඇත්තේ මෙවැනි මජර කඩාකප්පල්කාරී වැඩසටහන් පමණි. කොහොමත් ජනතා විමුක්ති පෙරමුණ රට තුළ සිදුකරන්නේ බංකොලොත් දේශපාලනයක් බව අපි කවුරුත් දන්නා දෙයකි.
ජනප්‍රිය සටන් පාඨ හමුවේ ජන කොටස් නොමග යවමින් වැඩ වර්ජන ඇති කරමින් මේ හදන්නේ නැවත රට අගාධයට තල්ලු කර දැමීමය. පණ ඇදමින් සිටි රට මේ තරමට හෝ තිබෙනවා දැකීමට තියෙනා කුහකකමය. රට යථා තත්වයට ගෙන එමින් බංකොලොත් භාවයෙන් මුදා ගනිමින් ආර්ථික පීඩනයක් හමුවේ වුවද ජනතාවට සහන ලබා දෙමින් රට ඇදගන යන අන්දම බලා සිටිමට බැරි මේ ජෙවිපි නඩය ගැන ඇත්තේ අද ජනතාවට ඇත්තේ පසුතැවීමකි. වැඩ වර්ජන රැල්ලෙන් බලාපොරොත්ත වූ ආණ්ඩු විරෝධය වෙන්වට මාලිමා විරෝධයක් දැන් ඇති වෙමින් තිබේ.
ඒ අතර වෛද්‍ය , අධ්‍යාපන, සෞඛ්‍ය, මිනින්දෝරු, ගුවන් තොටුපල, වරාය, ප්‍රාදේශීය ලේකම්වරු, විධායක නිළධාරින්, බැංකු සේවක සංගම් , ආදී මෙකී නොකී විශාල උද්ඝෝෂණ පෙලපාලි, වැඩවැරුම් නොකඩවා, දිනපතා වීදියට එමින් සිටියදී, එහි අර්ථය සිය පාලනය අවුල් කරවීම බව තේරුම් ගනිමින්, ඒවා සාවදානව, ඉතා අනුකම්පාවෙන් සලකා බලා, නිවැරදිව සමනය කරමින්,බොහෝ විසඳුම් ලබාදෙමින් ආණ්ඩුව රට කර ගෙන යන අපුරුව ගැන අමුතුවෙන් කතා කළ යුතු නැත. ඒ බව ජනතාව මේ වනවිටත් හොදින් අවබෝධ කරගනිමින් සිටි.
ජෙවිපි නඩයට මෙන්ම සජබ සිපයියලාට දේශපාලන කෙරුවාව නිතරම වැරදෙන්නේ මේ නිසාය. ජනතාව කල්පනා කරන්නේ කොහොමද ජනතාවගේ වුවමණාවන් මොනවාද යන්න ගැන අවබෝධයක් නැති කම මේ වරද්දා ගැනීමට හේතු වී තිබේ.
දේවදත්තයන් බුදුන්ට ගල් පෙරළුවත් උන් වහන්සේ උන්වහන්සේගේ ගමන ගියා සේ කවුරු ගල් පෙරලුවත් රනිල් යන්නේ භාරගත් රට නැවතත් සෞභාග්‍යමත් රටක් බවට පෙරළාය. ඔහුට ඇත්තේ රට ගැන නිවැරදි දර්ශනයක් හා ප්‍රතිපත්තියකි. බහුතර ජනතාවගේ වුවමනාවන් මොනවාද යන්න ගැන ඔහු දනී. බලය ලැබුනු අවස්තාවේ එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කර රට නිවැරදි මාවතකට යොමුකර ඇතිබවත්, ඒ නිසාම රටේ ජනයා එතුමාගේ නායක්ත්වය ගැන විශ්වාසයෙන් යුතුව සිටින බවත්, ඔහුට සුවිශාල ජයග්‍රහණයක් ලබාදීමට කෙළෙහිගුණ යදත් ජනතාව සැදී පැහැදී සිටින බවත්, යම් කුමන්ත්‍රණයකින් හෝ වෙනත් යම් ක්‍රියදාමයක් හේතු කොටගෙන, එතුමාගේ නායකත්වය ගිලිහී ගියහොත් හෝ රටට අහිමි වුවහොත් නැවතත් රට අරාජික වන බවත් රටේ ජනතාවට අවබෝධයක් ඇත.
මේ නිසා ජනපති රනිල් මේ මොහොතේ ගන්නා ක්‍රියාමාර්ග ගැන විශ්වාසයක් බහුතර ජනතාවට තිබේ. බොරු ජනප්‍රිය රැලි වලට යටවී තීන්දු තීරණ ගැනීමට අද ජනතාව සූදානම් නැත. එය ඉදිරි මැතිවරණ වලදී පැහැදිලිව පෙන්වා දෙනු ඇත.

-  චතුල

Last modified on Tuesday, 09 July 2024 15:12

Leave a comment

Gossip

ඉන්න බැරි සේරම යන්න... රාජපක්ෂලාට රනිල් දන්වයි !

ඉන්න බැරි සේරම යන්න... රාජපක්ෂලාට රනිල් දන්වයි !

මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය නොදෙන ආණ්ඩු පාර්ශ්වය නාමිකව නියෝජනය කරන සියලු...

තැපැල් ඡන්දයේ වාසිය රනිල්ට.. සජිත් හාන්සියි.   

තැපැල් ඡන්දයේ වාසිය රනිල්ට.. සජිත් හාන්සියි.  

අද සවස මහව පැවැති ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජන රැළියක දී ඔහු පවසා සිටියේ අද දින පැවැති තැපැල් ඡන්...

සජිත් - හර්ෂ ගැටුමෙන් සජබය ඇවිළේ ! හර්ෂට බැරි නම් යන්න කියයි

සජිත් - හර්ෂ ගැටුමෙන් සජබය ඇවිළේ ! හර්ෂට බැරි නම් යන්න කියයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා අතර බරපතල මත ගැටුමක...

පාඨලීව සජබයට එව්වේ රනිල්.. සජිත් නැව් කඹයක් ගිලලා දෙලොවක් අතර..

පාඨලීව සජබයට එව්වේ රනිල්.. සජිත් නැව් කඹයක් ගිලලා දෙලොවක් අතර..

මේ වන විටත් සජිත් ප්‍රේමදාසව යට කරගෙන පාඨලී චම්පික සජබය තුළ බලවත් වී ඇති බව, සජබයේ කුරුණෑගල පළමු ‍රැ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us