හෝටල් ක්ෂේත්‍රයේ විස්කම්පාන බාර්ටෙන්ඩර්වරියන්ගේ තරගාවලිය සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී Featured

Sunday, 19 May 2024 17:32

ජාතික බාර්ටෙන්ඩර් තරගාවලියේ අවසන් මහා තරගය ලඛන ජුනි 16 දා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් ය. එය මෙරට පැවැත්වෙන ඉහළම බාර්ටෙන්ඩර් තරගාවලියයි.

සංචාරක කර්මාන්තය තුළ වැදගත්ම සහ අත්‍යවශ්‍යම කාර්ය භාරයක් ඉටු කරන බාර්ටෙන්ඩර්වරු පිළිබඳ එතරම් කතාබහ නොකෙරුණ ද, එය ජාත්‍යන්තර සංචාරක ක්ෂේත්‍රයේ පිළිගත් වෘත්තීය භාවයකි. එසේම කාන්තා බාර්ටෙන්ඩර්වරියන්ගේ ප්‍රවිෂ්ට වීම, ශ්‍රී ලංකාව තුළ සාධනීය තත්ත්වයකට පැමිණෙමින් තිබීමත් හොඳ ප්‍රවණතාවකි.

Bartender කී සැණින් අපේ රටේ බහුතරයකගේ හිතේ මැවෙන තැබෑරුම්කරුවා එහි සැබෑ අර්ථය නොවේ. හෝටල් කළමනාකරණ විෂය පිළිබඳ හදාරන විට මුණ ගැසෙන Food and Beverage හි එක් අංශයක් වන Bartending එහි තවත් මානයක් වන Mixology දක්වා ඉදිරියට පැමිණ තිබේ.

ඒ අනුව බීම වර්ග මිශ්‍ර කිරීම, රසවත් ආහාර දීසියක් නිර්මාණය කිරීම වැනිම වූ කලාවකි. එසේම විවිධ රසයන් සංයෝජනය කොට නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීමකි. එවැනි බීම වීදුරුවක් අතට ගත් විට එහි රස විඳීම, වෙනම ම ‘මූඩ් එකකට’ යෑමකි.

හෝටල් ක්ෂේත්‍රයේ ආහාර පාන කලාව තුළ එය හැඳින්වෙන්නේ Cocktail සහ Mocktail නමිනි. කොක්ටේල්වලදී ඇල්කොහොල් යම් ප්‍රතිශතයක් මිශ්‍ර කෙරෙන අතර, මොක්ටේල් නිර්මාණය වන්නේ ඇල්කොහොල් රහිතව ය.

වැදගත්ම දෙය නම්, මේ කොයි එක නිර්මාණය කරන්නටත් අපේ රටේ අලුත් පරම්පරාවේ බාර්ටෙන්ඩර් ශිල්පීන් දැන් දැන් දේශීය එළවළු, පලතුරු සහ කුළුබඩු රස යොදා ගැනීම ය. ඒවායේ රස සංචාරකයන් අතර ජනප්‍රිය කරවීමට ඔවුන්ගෙන් බොහෝදෙනෙක් නව බීම වට්ටෝරු හඳුන්වා දෙන බව ශ්‍රී ලංකා සංචාරක හෝටල් කළමනාකරණ ආයතනයේ Cluster Head/ Food and Beverage තනතුරේ හිඳින ඩික්සන් කුමාර මහතා පවසයි. ඔහු, ජුනි මාසයේ පැවැත්වෙන ජාතික බාර්ටෙන්ඩර් තරගාවලියේ සංවිධාන කමිටුවේ සභාපතිවරයා ද වේ.

” ලෝකයේ බාර්ටෙන්ඩර්වරියන් ඕනෑ තරම් හිටියාට අපේ රටේ සංචාරක කර්මාන්තය තුළ තරුණියන්ගේ ප්‍රවිෂ්ට වීම බොහෝ කලක් යනතුරු සිදු නොවූයේ මේ ක්ෂේත්‍රය කෙරෙහි වූ වැරැදි මත නිසයි. නමුත් සංචාරක හෝටල් කර්මාන්තය තුළ, බාර්ටෙන්ඩර්වරියන් ලෙස මේ ශිල්පය සහ කලාව ප්‍රගුණ කළ බොහෝ තරුණියන් ජාත්‍යන්තර හෝටල්වල දස්කම් පාමින් ඉහළ වැටුප් තලවල සේවය කරනවා.

අපේ පාඨමාලාවල වගේම මෙම තරගාවලියට ඉදිරිපත් වූ බොහෝ තරුණ තරුණියන් ගමේ වෙරළු, ජමනාරං, කොමඩු, පැෂන්, ලාවුළු, අඹ, අඹරැල්ලා, නමිනං, දෙහි, ලෙමන් වැනි පලතුරුත් රණවරා, ඉරමුසු, මින්චි, මැල්ල කොළ, හීන් බෝවිටියා සහ ගොයම් කොලේ ඉස්මවලින් අලුත් Cocktail සහ Mocktail වර්ග නිර්මාණය කරනවා. මේ තරගය පැවැත්වෙන්නේ Cocktail සඳහා පමණයි. නමුත්, ඔවුන් Cocktail සහ Mocktail දෙවර්ගය සඳහාම දේශීය එළවළු පලතුරු සහ කුළුබඩු ඇසුරෙන් හඳුන්වා දෙන අලුත් බීම වට්ටෝරු රසයෙන් විතරක් නෙවෙයි ගුණයෙන් ඉහළ බවත් පැහැදිලි කරමින් ඉදිරිපත් කරනවා.

ඇත්තටම වෙරළු මිශ්‍ර කොක්ටේල් එකක්, ලාවුලු මිශ්‍ර කොක්ටේල් එකක් ජීවිතේට බීලා නැති සංචාරකයින් මේවායේ තිබෙන ගුණ දැන ගත් විට ඉතා කැමැත්තෙන් ඒවා පානය කරනවා. අපේ රටේ දේශීය එළවළු පලතුරු කුළුබඩු ප්‍රවර්ධනය කරන මේ තරුණ බාර්ටෙන්ඩර් ශිල්පීන් ගැන ඇත්තටම අපිට ආඩම්බරයි.

අනිත් අතට තරු හෝටල්වල Food and Beverage වලදී ආහාර වට්ටෝරු නිර්මාණය කරන්නේ පිටරටින් ගෙන්වන ලද අමුද්‍රව්‍යය ම යොදා ගනිමින්. නමුත්, Cocktail සහ Mocktail හරහා දේශීය එළවළු පලතුරු යොදා ගැනීම, ප්‍රවර්ධනය කිරීම හැම අතින්ම රටේ ආර්ථිකයට යහපතක් සැලසෙනවා. මෙතෙක් ඈත ගම්වල ගස් යට වැටී යන වැල වරකාවලට වුණත් වටිනාකමක් එකතු කරන්න අපේ බාර්ටෙන්ඩර් ශිල්පීන් හඳුන්වා දෙන Cocktail සහ Mocktail වලට පුළුවන්. කියන්න සතුටුයි මේ නව හඳුන්වාදීම්වලට වැඩි උනන්දුවක් දක්වන්නේ ගම්වලින් මේ ශිල්පය හදාරන්න එන බාර්ටෙන්ඩර්වරියන්.

හැබැයි, Classic Cocktail සඳහා භාවිත කරන්නේ ආනයනික අමුද්‍රව්‍ය පමණයි. මේ තරගය හරහා අපි ප්‍රවර්ධනය කරන්නට අනුබල දෙන්නේ පුළුවන් තරම් දේශීය දේ යොදාගෙන, Creative Cocktail නිර්මාණය කිරීමටයි. එහිදී දේශීය අමුද්‍රව්‍ය වැඩිපුර යොදා ගැනීමට, මිශ්‍ර කිරීම හෙවත් සෙලවීමේ කලාවට සහ Technics භාවිතයට, නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීමට බාර්ටෙන්ඩර් ශිල්පීන්ට නිදහස තිබෙනවා.

ශ්‍රී ලංකාවේ තරගවලින් ජයග්‍රහණය කළ බොහෝ බාර්ටෙන්ඩර්වරියන් ආසියානු පැසිපික් තරඟ නියෝජනය කර අද ජාත්‍යන්තර හෝටල් ගණනාවක සේවය කරනවා. එය රටක් හැටියට අපට ආඩම්බර විය හැකි කාරණයක්.

ජාත්‍යන්තරයේ තරු හෝටල්වලට ගැළපෙන ආකාරයේ professional Bartender ශිල්පීන් බිහිකිරීමයි මේ හරහා අප උත්සාහ කරන්නේ. ඒ වගේම දේශීය අමුද්‍රව්‍ය පාවිච්චි කරන නිසා විදේශයට ඇදී යන මුදල් ප්‍රමාණයත් අවම කරගන්න පුළුවන්.

ඒ විතරක් නෙවෙයි. දිනෙක, Bartender, Bar Supervisor, Bar Manager, Beverage Manager සහ Director Beverage දක්වා හෝටල් ක්ෂේත්‍රයේ ඉහළම තනතුර දක්වා යන්නටත් මේ හරහා ඔවුන්ට අවස්ථාව උදා වෙනවා.

ඉතින්, ගෝලීය වසංගත සහ රට මුහුණදුන් විවිධාකාර අභියෝග හේතුවෙන් දීර්ඝ කාලයක් නොපැවැත්වුණු ජාතික බාර්ටෙන්ඩර් තරගාවලිය 2023 දී නැවත ආරම්භ කිරීමට ලැබීම ලොකු දෙයක්. අපේ රටේ බාර්ටෙන්ඩර්වරුන්ට තම දක්ෂතා කරළියට රැගෙන එන අතරම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට දායක වීමට ලැබෙන සුවිශේෂී අවස්ථාවක්…”

ඉතින්, වෘත්තීයභාවයක යෙදෙන අපේ රටේ මේ තරුණ බාර්ටෙන්ඩර්වරියන් දිනෙක අපේ දේශීය වෙරළු ගෙඩිය ලාවුළු ගෙඩිය Bartending සහ Mixology කලාව හරහා ජාත්‍යන්තරයට රැගෙන යනු ඇත. එවැනි හෝටල්වල රුපියල් ලක්ෂ දෙක තුනක ආරම්භක වැටුපකින්, සිය වෘත්තීය ජීවිතය අරඹා, ලක්ෂ හය හතක වැටුප් තල දක්වා ඉහළට යන ගමන උදා කර ගනු ඇත. ගමකින් එන සොඳුරු යුවතියකට වුවද ජාත්‍යන්තර තලයේ බාර්ටෙන්ඩර් වරියක් බවට පත්වීමට මඟ කියන්නට, SLITHM ප්‍රමුඛ රජයේ හෝටල් පාසල් අත්වැල සපයනු ඇත.

- සිළුමිණ

Last modified on Sunday, 19 May 2024 20:09

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us