ඔයාගෙත් මස්පිඩු පෙරලෙනවාද ? හේතුව දැනගන්නත් ප්‍රතිකාර දැනගන්නත් දැන්ම කියවන්න Featured

Sunday, 19 May 2024 08:02

සාමාන්‍යයෙන් ලෝකයේ මිනිසුන් 95% ශරීරයේ කොතැනක හෝ මස් පිඩු පෙරලීමක් ජීවිතය කවමදාවක හරි ඇතිවෙන්න ඉඩ ඇති බව වෛද්‍යවරු සඳහන් කරවා.

ශරීරයේ කිනම් හෝ ස්ථානයක් අතපය හෝ නමන කොට සංකෝචනය වෙනවා. එම සංකෝචනය වෙන අවයවය නැවත දිග අරිනකොට සාමාන්‍යයෙන් ලිහිල් වෙන්න ඕන.

ඒත් එසේ නොවන අවස්ථා වලදී ඇතිවෙන තත්ත්වයක් තමයි ක්‍රෑම්ප් එකක් කියලා හඳුන්වන්නේ.

මස්පිඩු ක්‍රියාත්මක වීමේදී ඒ මස්පිඩු වල ලැක්ටික් අම්ලය නිපදවන අතර එම අම්ලය රුධිරවාහිනී හරහා ඉවත් නොවීම නිසයි මේය සිදු වන්න්නේ.

වැඩි වශයෙන් මෙය රාත්‍රී කාලයේදී ඇතිවෙන වේදනාකාරී තත්ත්වයකි. මේ තත්ත්වය ඉතා කෙටි කාලයකින් සුව වෙනවා.

ඒ තත්පර 10-15 අතර සුව වෙන්න පුළුවන් වුවත් සමහර අවස්ථාවල විනාඩි 10-15 අතර කාලයක් තියෙන්නත් ඉඩ තියෙනවා.සමහර වෙලාවට නිතර නිතර දිගින් දිගටමත් ඇති වෙන්නත් පුළුවන්.

මෙම මස්පිඬු පෙරලීම සෘජු රෝගී තත්ත්වයක් ලෙස හැඳින්විය නොහැකි වුවත් සමහර විට මෙම තත්ත්වය වෙනත් රෝගයක පෙර ලක්ෂණයක්ද වෙන්න පුළුවන්.

මෙම තත්ත්වය ඇති වෙන්නේ කාටද?

මෙම ක්‍රෑම්ප් නැති නම් මස් පිඩු පෙරළීම වයස අවුරුදු හතේ සිට ඉහළ වයස්වල සිටින අයට ඇති වෙන්න පුළුවන්.

මෙම තත්ත්වය ඇතිවෙන්නේ ඇයි?

මෙයට හේතුන් ලෙස,

*.මස් පිඩුවල අධි ක්‍රියාකාරිත්ව විජලනය

*.සමහර ගර්භනීකාන්තාවන්ට කැල්සියම් හා මැග්නීසියම් අඩු වන නිසා

*.සමහර රෝග එනම් හෘද අකර්මණ්‍යතාවයන්ට දෙන ඖෂධ සහ වමනයට දෙන ඖෂධ නිසා බෙල්ල අවට පේෂීන් පාලනය කරගත නොහැකි ලෙස සංකෝචනය විය හැක.

*.සිරෝසිස් තත්ත්වය නිසාද වකුගඩු අක්මාවේ අකර්මණ්‍යතාවය නිසා ද සිදුවේ

*.ඇතැම් අවස්ථාවල විටමින් ඌනතාවයෙන්ද මේය සිදුවේ.

මස් පිඩු පෙරලෙන්නේ කොහෙ ද?

පාදවල කෙන්ඩ පෙරලීම අප බොහෝ දෙනාගේ පොදු අත්දැකීමක්. ඒත් මස් පිඩු පෙරලීම ශරීරය ඕනෑම ස්ථානයක සිදුවිය හැක.

ශරීරයේ බාහිර මෙන්ම අභ්‍යන්තරවද (ගර්භාෂය,මෘත මාර්ගය, ආහාර මාර්ගය) එය සිදුවිය හැක.

මෙය වළක්වා ගන්නේ කෙසේද?

*.දිනපතා ව්‍යායාම කිරීම

*.පෝෂදායි ආහාර ලබා ගැනීම.

*.නිසි ප්‍රමාණයට ජලය පානය කිරීම

*.ක්‍රීඩා වැනි කටයුතු කිරීම පෙර මාංශපේශයෙන් ලිහිල් කරන ව්‍යායාම මෙන්ම හොදින් ජලය පානය කළ යුතුයි.

*.නින්දට යාමට පෙර මස් පිඬු ලිහිල් කිරීම ව්‍යායාම සිදුකිරීමෙන් ඔබේ නින්දට මෙමගින් සිදුවන බාධා මගහරවා ගත හැක.

*වාතාශ්‍රය හොදින් ලැබෙන ස්ථානයක සිටීම කෙන්ඩ පෙරලෙන අවස්ථාවන්හි එම ස්ථානය සම්භාහනය කිරීමත් මේස ලුණු ස්වල්පයක් දියකර පානය කිරීමෙන් මෙම තත්වය පාලනය කර ගත හැක.

-උපුටා ගන්නා ලද්දකි

Leave a comment

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us