පොළොන්නරුව ඇලහැර තිළිණිගේ ගම.
" මට පුලුවන් ගොතන්න විතරයි.. ඒ දේවල් කරෙත් මම බැන්දට පස්සේ.. එතකොට මට පුතත් හිටියා.. අපේ මහත්තය වැඩ කරපු තැන රස්සාවත් ඒ වෙලාවෙ නැති වෙලයි තිබුණෙ. ඔහොම ඉන්නකොට තමයි මම පත්තරයක ඇඩ් එකක් දැක්කෙ. නිර්මාණ කරන්න අවශ්‍ය කරන බඩු ඒ අය දුන්නම මට තිබ්බෙ ඒව ගෙනත් හදන්න. හරිම කටුක කාලයක් වුණත් මම නිකන් හිටියෙ නැහැ. මට පුලුවන් විදිහට මම නිර්මාණ කරා.. .හරියට අන්තර්ජාලය හසුරවන්නත් මට තේරුමක් නැහැ. පැකේජ් ගැන දැනුමක්වත් මට තිබුණෙ නැහැ. ඩේටා කාඩ් සූරල ෆෝන් එකට දාගන පුලුවන් විදිහට යු ටියුබ් වලින් දැනුම හදාගත්ත. ෆේස් බුක් ඔන්ලයින් ව්‍යාපාර කරන්නෙ කොහොමද කියලවත් මම දැනගෙන හිටියෙ නැහැ. මම කොහොම හරි ඒ දේවල් බයේ බයේ කරගත්තා. අඩුම ගානේ කුරියර් කරනවා කියන්නෙ මොනවද කියලවත් ඒවා කොහොමද කරන්න කියලවත් මම දන්නෙ නැහැ. ඔන්ලයින් ව්‍යාපාරයකට අවශ්‍ය හැම දෙයක්ම හෙමින් හෙමින් ඉගෙන ගත්තා.. දැන් මම හැම දේම දන්නවා. මොනව හරි හිතුන වෙලාවෙ පටන් ගන්න මට හිතුණා. ඉතින් මම මේ ව්‍යාපාරය පොඩියට කරගෙන යනගමන්... ඒකෙ දියුණුව ටික ටික මට තේරෙනවා. මට හරිම සතුටුයි. කාන්තාවක් හැටියට මට මං ගැන ආඩම්බරයි.
මේ විදිහට තමන්ගෙම ව්‍යාපාරයක් තම්නගේ තනි මහන්සියෙන් ගොඩනගාගත් හැටි උජාරුවට වචන ගැටගසමින් කතාකරන්න තිළිණිට හැකි වුණා....
කාන්තා පත්තර, විවිධ යු ටියුබ් නාලිකා, සමාජ ජාලා වෙබ් අඩවි වලින් ඇයව සොයාගන යන මට්ටම ඇය ළඟා වුණා...
මේ යන අතරවාරයේ ජිවිතෙ කිසිදා නොසිතු අන්දමේ සිද්ධියකට මුහුණ දෙන්නට ඇයට සිදුවුණා....ඒත්,
මෙතැන් පටන් තිළිණි තව තවත් ශක්තිමත් වේවි... ඇගේ සරණ ඇයම වේවි...
ලැබිම් නොලැබීම් අතර දෝලනය වන මිනිස් ජිවිතය නම් මෙයමයි...
උඩ පහළ යන මුහුණු පොතේ හැමදාම තිබුණෙ ඇය විසින් ගොතපු ලස්සන නිර්මාණ. නමුත් 21 දා Crochet by Thili හිත මොහොතකට හිරිවට්ටපු පෝස්ට් එකක් ඇගේ මුහුණු පොතේ පළවී තිබුණා.
".. මගේ රත්තරන් මං විශ්වාස කරන්නේ නෑ ඔයා මාව දාලා ගියා කියලා..මේක හීනයක්..
මං දන්නවා මං විශ්වාස කරනවා ඔයා කොහේ ගියත් කීයට හරි පරිස්සමෙන් එනවා කියලා..
ඔයාගේ චූටි ඇස් දෙකෙන් මං දැක්කා ඔයා ඉන්නවා කියලා..
මට බයයි..මාව ඇහැරවන්න..මට ඔයාව ඕනේ හැමදාම වයසට යනකම් ජිවත් වෙන්න.. යන්න එපා..
මගේ දෙයියෝ ඔයා මට අමාරු කාලවල මගේ ළඟ හිටියා.. මගේ අහිංසකයා..
මං බනිනවා තමයි කියන දේ අහන් නැතිකොට..
ඒත් මට ඔයාව ඕනි..
මේක හීනයක් නේද..
මං විශ්වාස කරන්නේ නෑ..
ඔයාට බෑ මාව දාලා යන්න..
මගේ ලහිරු මට බයයි..
අනේ කවුරුහරි කියන්න..
මට තනියි සුදු..මට ගොඩක් බයයි...
මාව දාලා යන්න එපා..මං කොහොමද පුතාට කියන්නේ ලොකු උනාම..
මං තවත් හිතනවා ඔයා මගේ විශ්වාසය කඩලා නෑ කියලා..ඔයාට බෑ එහෙම අපිව දාලා යන්න..මං බලාන ඉන්නවා
මං විශ්වාස කරන්නේ නෑ සුදු.."
ජීවන ගමනේ නොසිතු මොහොතවල් වල අනතුරු වෙනවා.. සමහරක් දරා ගන්නම බැරි තරම්. එහෙම වුණා තියලා හිතා ගන්නවත් බෑ.. ඔව් විශ්වාස කරන්න බෑ. නමුත් යථාර්ථය ඒක නම් ඒකට මුහුණ දෙන්න වෙනවා..ඒක බාරගන්නම වෙනවා...මේක තිලිණිටම සිද්ධ වෙන දෙයක් නෙවෙයි. ජීවත්ව සිටින සෑම මනුෂ්‍යයෙක්ටම මුහුණ දෙන්න වෙන සිදුවීමක් තමයි තමන්ගෙ ප්‍රියයන් වෙන් වෙන එක දරාගන ජීවත් වෙන එක.
නමුත් ඇයගේ ජීවිතය එතැනින් නතර වෙන්නේ නෑ.. තිළිණි කියන්නේ එහෙම නතර වෙන කෙනෙක් නෙවෙයි. අහිමිවීම් මධ්‍යයේම ජීවිතය ගොඩනාඟාගත් ඇය ආපහු නැඟිටිනවා..ඒක විශ්වාසයි. අපිට පුළුවන් ඇයට දිරියක් වෙන්න..මොකද ඒ ආදර්ශය හැම ජීවිතයකටම වටිනවා...