දේශපාලනයේදී අවස්ථාවාදය පමණක් නොව ත්‍රස්තවාදයද උපක්‍රමිකව යොදා ගැනීමේ හරි හෝ වැරදි ගැන ඕනෑ තරම් කියවීම් තිබේ. එහෙත් ප්‍රශ්නය තිබෙන්නේ බලය සමඟ අභ්‍යාස කිරීමේදී ඒ ගැන, එහි සීමා මායිම් නොදැන කරන අවස්ථාවාදී වීම හෝ ත්‍රස්තවාදී වීම සියලු දෙනාගේ විනාශයට හේතුවී අවසන් වීමය.
මේ ගැන හොඳම උදාහරණයන් ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂකින් ලබා ගතහැක. මේ රටේ දේශපාලනයේදී අවස්ථාවාදය සහ ත්‍රස්තවාදය වැඩි මනත්ම යොදා ගත් දේශපාලන කල්ලිය ලෙස ජවිපෙ හැඳින්විය හැකිය. මේ ගැන උදාහරණ සිය ගානක් සඳහන් කළ හැකිය. එහෙත් ඒවා ගැන මේ රටේ ජනතාව ඉතා හොඳින් දන්නා නිසා අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.
ජවිපෙ සිය ඉතිහාසය පුරා සිදුකළ මේ රැවැටිලි සගත දේශපාලනය ගැන මත්ක කර ගැනීමට අද දින වු සිද්ධියක් පෙන්වා දිය හැකිය. මිට දින කිහිපයකට පෙර ජවිපෙ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පාර්ලිමේන්තුවේදී එක් සුවිශේෂ කරුණක් මතු කර තිබිණි. ඒ ඇවන්ට්ගාර්ඩ් අධිපති නිශ්ශංක සේනාධිපති රටින් පැන ගොස් ඇති බවත් මුල්‍ය අපරාධ චෝදනා ඇති ඔහුව වහාම අත් අඩංගුවට ගත යුතු බවත්ය. මේ බොරුව 2015 වසරේ සිටම කියමින් පවතින්නකි. නමුත් පසුගියදා ව්‍යාපාරික කටයුත්තකට ඩුබායි බලා ගිය සේනාධිපති මහතා අද උදෑසනම මෙරටට පැමිණ තිබේ. දැන් ජවිපෙ රෙද්ද ගැලවී ඇත.
වත්මන් රජයේ සමීප හිතවතකු වන ඒ මහතා ව්‍යාපාරික කටයුත්තකට රටින් බැහැරව යෑම ගැන මේ ජවිපෙ කීවේ රටේ දේශපාලන අර්බුදය හමුවේ ඔහු පැන ගිය බවය. කිසිදු සොයා බැලීමක්, වග විභාගයක් නැතිව මේ චෝදනාවත් සිදු කර තිබෙන බව පැහැදිලිය. ජවිපෙ ඉතිහාසය පුරාම සිදු කළේ මෙලෙස තමන්ගේ දේශපාලනික හෝ පෞද්ගලික විරුද්ධවාදීන්ට බොරු චෝදනා මගින් පහර ගැසීමය. නිශ්ශංක සේනාධිපති අවි ජාවාරම්කරුවෙකු බවත් රජයේ දේපොළ කොල්ල කන්නකු බවත් දිගින් දිගටම ජවිපෙ ප්‍රකාශ කරන නමුදු ඔහුට එරෙහිව කිසිදු චෝදනාවක් සාක්ෂි සහිතව හෝ නැතිව ඔප්පු කර පෙන්වීම ජවිපෙ තබා අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවට, ජනාධිපති කොමිසමට හෝ අධිකරණය හමුවේ හෝ සිදු නොවීය.
සේනාධිපති මහතා තමන්ට එරෙහිව තිබෙන චෝදෙනා සියල්ල රැගෙන තමන් හා විවාදයට එන ලෙස ජවිපෙට දිගින් දිගටම ඇරයුම් කළ මුත් කිසිදු දිනක ජවිපෙ නම් ආවේ නැත. ඒ විවාද අභියෝගය තවදුරටත් විවෘත්තව පවතී.
මේ රටේ සිහි බුද්ධියක් ඇති මිනිස්සු මේ ජවිපෙ වැනි මජර තක්කඩි සංවිධාන රටේ ජනතාව නොමඟ යවමින් සිදුකරන තක්කඩි අවස්ථාවාදී ත්‍රස්තවාදී දේශපාලනය වටහාගෙන තිබේ. තව දුරටත් ජවිපෙට රැවැටී සිටින සියයට 3 ක මුග්ධයන්ට මේ ඇත්ත තේරුම් ගෙන නිවැරදි දේශපාලනයක් තෝරා ගැනීමේ අවස්ථාව ද තවදුරටත් විවෘත්තව ඇත.
රටක දේශපාලනික අරගල පැවැතිය යුතුය, ආණ්ඩු පක්ෂ විපක්ෂ පැවැතිය යුතුය. එකිනෙකට වෙනස් විරුද්ධ මතවාද පැවැතිය යුතුය, වෙනස් දේශපාලන අරමුණු පැවැතිය යුතුය.. ඒවා අතර නිරන්තර වාද විවාද ගට්ටන පැවැතිය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදී යහපත් ආණ්ඩුකරණයකදී ඒවා අත්‍යවශ්‍යය. එහෙත් ජවිපෙ වැනි කල්ලි විසින් සිදුකරන බොරුව, රැවැටිල්ල, තක්කඩිකම, ත්‍රස්ත උපක්‍රම, රටක දේශපාලනයට අවශ්‍යම නැත. ඒවා මඟින් සිදු කරන්නේ රටේ ඉදිරි ගමන කඩාකප්පල් කර රට විනාශය කරා තල්ලුකිරීම පමණි.
අනුර දිසානයකලා, ලාල් කන්තලා, විජිත හේරත්ලා, හඳුන්නෙත්තිලා.., මේ තක්කඩි දේශපාලනය කරමින් ඉන්නේ මේ වැරැද්ද නොදන්නාකමට නොවේ. බොහොම දැනුවත්වය. ඒ තමන්ගේ බඩගෝස්තරය වෙනුවෙනි. මේ රැවැටීම් වලට ගොදුරු වන, අනුවණ ජනයා වහල් බාවයට පත්ව අනුගාමිකයන් වන විට ඔවුන්ගේ පැවැත්ම සහතික වෙයි. ජවිපෙ වත්මන් දේශපාලනය සැකසී ඇත්තේ මේ වහල් අනුගාමිකයන් පිරිස තවදුරටත් නඩත්තු කරමින් ඔවුන්ගේ පැවැත්ම සහතික කරගැනිම වෙනුවෙන් මිස වෙනකක් නිසා නොවේ..
අද ඇතිව තිබෙන ආර්ථික අර්බුදය නිසා මහජනතාව ස්වයංව සිදුකරමින් තිබෙන අරගලය කොල්ල කෑමට ජවිපෙ දතකට මැදගෙන සිටින බව ද මේ දින කිහිපයේදි පෙන්වා ඇත. ඒ වෙනුවෙන් නාට්‍ය රඟ දැක්වීම් ගනනාවක්ද සිදු කරමින් තිබේ. එහෙත් මේ රැවැටිල්ල මහ ජනතාව හොදින් තේරුම් ගෙන තිබෙන බවත් පැහැදිලිය. ජවිපෙට මේ අවංක මහජන අරගලය ඉදිරියට යෑමේ හැකියාවක් නැත්තේ ඒ නිසාය. ගියොත් මිනිස්සු ගහලා එළවන බව ජවිපෙත් නිසැකවම දන්නා ඇත්තකි.
the novemberist