දියවන්නාව සීතල කරමින් හරීන් හරියටම කියපු කතාව ! Featured

Thursday, 07 April 2022 11:31

පර්ලිමන්ට්ස් ජෝක්ස් වල අංක එකේ හිටි සජබ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ඊයේ ප්‍රථම වතාවට සියලු පක්ෂ ආමන්ත්‍රණය කරමින් හරවත් ඉතිහාසගත කතාවක් කරනවා..

ඇයි අපි එහෙම කියන්නේ ..අද රට පත් වෙලා තියන මේ අර්බුදය ගැන පාර්ලිමේන්තුව තුළ නොයෙක් වර කතා කරනවා..එත් කිසිම පක්ෂයක නියෝජිතයෙක්ට මේ රට මේ අගාදයෙන් මුදවා ගන්න කිසිම අදහසක් වත් සැබෑ උවමනාවක්වත් නැහැ..හැමෝටම අවශ්‍ය මේ මොහොතේ රටේ ජනතාව ඉත්තන් කරගනිමින් තමන්ගේ පටු දේශපාලන අරමුණු ඉෂ්ඨ කරගන්න මිසක් මේකට ඇත්ත විසදුම් සොයන්න නෙවෙයි..හැමෝම හැම පක්ෂයකම නියෝජිතයන් ආණ්ඩුවට ඇගිල්ල දික් කරනවා මිසක් මේ අර්බුදයේ තමන්ගේ පක්ෂයත් කොටස් කාරයන් බව කියන්න දිව නැමෙන්නේ නැති මොහොතක හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කළ කතාවට රටේ පුරවැසියන් ලෙස අප ඔහුට ප්‍රණාමය පුද කරන්න අවශ්‍යයි.

හරීන් මන්ත්‍රීවරයා ඊයේ සිදු කළ කතාව මෙසේ උපුටා දක්වමි,

'' අපේ නායකතුමා ඉල්ලන්නේ නෑ..එතුමා බලාගෙන ඉන්නවා
මේ රට කරන්න මොකෙක් හරි ඕනේ. 225ම ගෙදර යන්න ඕනේ කියලා ජනතාව කියනවා
අපිට මෙහෙම වුණේ එකතු වෙන්න බැරි වුණ නිසා. මෙච්චර ප්‍රශ්නයක් වෙලත් මගේ පක්ෂයත් ඇතුළුව මේ පක්ෂවලට බෑ දෙයක් කරන්නලැජ්ජයි
ලංකාවේ මිනිස්සු ඡන්ද නෙමෙයි ඉල්ලන්නේ. මිනිස්සු පෝලිම්වල දුක්විඳිනවා
ඡන්දයක් කරන්න පුළුවන්ද?. මට හරි කනගාටුයි මේ දේශපාලනඥයින් ගැන
මේ අය එකතු වෙන්න ඕනේ. ඒක බොහොම අවංක එකතුවීමක් වෙන්න ඕනේ. මේ පාර්ලිමේන්තුවත් ගොබ්බ තැනක් වෙලා. බොරු කියන්න ඕනේ නෑ.
පක්ෂ නායකයින්ට ඇයි බැරි එකතු වෙලා බොක්කෙන් කතා කරන්න
හෙට අනිද්දා මිනිස්සු මේකට ගහනවා ගහනවා ගහනවාමයි. මේ පාර්ලිමේන්තුවට බෑ කිසිම තීරණයක් හරියට අරන් ඉවර කරන්න.
එකෙක්ට එක පක්ෂයකට උවමනා නෑ මේ රටේ මිනිස්සු දුක්විඳින ප්‍රශ්නයට උත්තරයක් ගේන්න.
මාස 6ක් අවුරුද්දක් ඡන්දයක් එනකම් කියලා විපක්ෂයේ දේශපාලනඥයෝ කරඅරිනවා නම් අපි ගැන ලැජ්ජා වෙනවා.''

මේ කතාව තුළින් හරින් සෘජුවම ප්‍රකාශ කරන්නේ රටේ ඇති වෙලා තියෙන මේ අර්බුදයට සියලු පක්ෂ කණ්ඩායම් වගකිව යුතු බව.. ආණ්ඩුවට පමණක් මේ වරද පැටවීම අසාධාරණ බව...සියලු පක්ෂ මේ අර්බුදයට විසදුම් හොයන්න කට හෙල්ලුවේ සැබවින්ම හදවතින් නොවන බව....

ජනතා වරමින් දියවන්නාවට පැමිණි සියලු පක්ෂ කණ්ඩායම් වල මහජන නියෝජිතයිනි , මේ අර්බුදකාරී මොහොතේ මේ රට දෙකඩ කරන්න මාන බැලීම නොවෙයි ඔබ කළ යුත්තේ ..අද අසරණ වෙලා ඉන්න ජනතාව කුපිත කරමින් ඔබේ දේශපාලන ගේම් තුළ ඔහුන් ඉත්තන් බවට පත් කරගනිමින් ජනතාව මහ මගට බැස්සවීම නොවෙයි ඔබ කළ යුත්තේ ...හක්කේ දඩ මස් බොක්කේ බුදු රැස් යන න්‍යාය අනුගමනය කරමින් සැබෑ ප්‍රශ්නයට විසදුම් සෙවීම වෙනුවට අර්බුදය තුළින් බලය ලබා ගන්නේ කෙසේදැයි කල්පනා කිරීම නොවෙයි ඔබ කළ යුත්තේ...බහුතර ජනවරමකින් රටේ නායකත්වය බාර ගත් ජනාධිපතිවරයාව ගෙදර යැවීමට මාන බැලීම නෙවෙයි ඔබ කළ යුත්තේ...ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රජාතන්ත්‍රවාදය මත හිදිමින් එයට ගරු කරමින් මෙය ඔබ සියලු දෙනා නිර්මාණය කර ගත් අර්බුදයක් බව වටහා ගෙන රට එක්සේසත් කිරීමයි ඔබ කළ යුත්තේ..

-පංචාලි

Leave a comment

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us