යහපාලන කාලයේ දූෂිත රේගු නිලධාරීන් රටට අහිමිකළ මුදල පමණක් රු බිලියන 6550 ක්. Featured

Monday, 25 January 2021 13:24

රජයේ ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ බදු ය. එම බදු ආදායම් ලැබෙන ප්‍රධාන මාර්ග තුනක් වේ. ඒ ශ්‍රී ලංකා රේගුව, දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සහ සුරා බදු දෙපාර්තමේන්තුවය.

ඒ අතරිනුත් මේ ආදායමෙන් දෙකෙන් පංගුවකට වඩා උපයා දෙන්නේ ශ්‍රි ලංකා රේගුවයි. 2018 වසරේ ශ්‍රී ලංකා රේගුව නිකුත් කළ වාර්ෂික කාර්ය සාධන වාර්තාවට අනුව එම වසරේ රේගු බදු ආදායම රු. බිලියන 919.05කි.

එම වර්ෂයේ සමස්ත රාජ්‍ය ආදායම රු. බිලියන 1712.31ක් වූ අතර සමස්ත රාජ්‍ය ආදායමෙන් 53.7%ක ප්‍රතිශතයක් ලැබී ඇත්තේ රේගු බදු ආදායමෙනි.

ඒ අනුව ශ්‍රී ලංකා රේගුවෙහි ඇති වටිනාකම ගැන පැහැදිලි අදහසක් ගත හැකිය.

එහෙත් රේගුව ගැන එල්ලවන චෝදනා රැසකි. පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රේගුව ඉලක්ක කරගෙන බරපතල චෝදනාවක් සිදු කළේය. එම ආයතනය තුල සිදුවන වංචා දුෂණ මැඩ පවත්වා රේගුව කාර්යක්ෂම ආයතනයක් කිරීම වෙනුවෙන් තමන් පත් කළ හමුදා නිලධාරියා පවා අසාර්ථක වී ඇති බවත් ඉදිරියේදී සියලූම රේගු නිලධාරීන් එළවා දමා හෝ එම ආයතනය පිරිසිදු කාර්යක්ෂම ආයතනයක් කරන බව ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපතිවරයාට එසේ කියන්නට සිදු වුයේ මෙම ආයතනය තුල වන වංචා දූෂණ ආදියෙහි බරපතලකම නිසාය. නමුත් මෙහි දී රේගුවේ සේවය කරන සියලු දෙනා වංචනිකයන් දූෂිතයන් වන බවක් ඉන් හැඟවෙන්නේ නැත. මන්ද අවංක නිලධාරීන්ටද මේ දූෂිත නිලධාරීන් හමුවේ ඇස්කන් පියාගෙන සිටීමට සිදුව තිබෙන නිසාය. මේ දූෂිතයන් නිලධාරීන් මෙරට ජාවාරම්කාරී අපරාධකාරී පාතලය මෙන්ම බලවත් දේශපාලනික සම්බධතා සහිත වූවන් වීම නිසා ඒහා ගැටෙන්නට අවංකයන්ට පහසු නැත. අවංක රේගු නිලධාරීන් මේ පාතාලයන් විසින් ඝාතනය කළ අවස්ථා කිහිපයක්ම තිබීම නිසා මේ නිලධාරීන්ට නිහඩව සිටීමට බලකර තිබේ. ඒ බව ජනාධිපතිවරයාද නොදන්නවා නොවේ. නමුත් සමස්තයක් ලෙස මේ ආයතනය මුලුමනින්ම පාහේ දූෂිත ආයතනයක්ය යන්න පිළිගැනීමට සිදුවේ.

රේගුවේ සිදුවන වංචා දුෂණ ගැන විමර්ශන ගනන්වක්ම පෙර කාලවල සිදුව තිබේ. එහෙත් එම විමර්ශන කිරීමට හෝ මේ රේගු නිලධාරීන් ඉඩ ලබාදෙන්නේ නැත. රේගුවේහි ඇතැම් ප්‍රදේශවලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට හෝ ඇතුළුවීම ද මේ රේගු නිලධාරීන් තහනම් කර ඇත. රේගුව සීසීටීවී කැමරා පද්ධතියකින් ආවරණය වූවද ඊට හසු නොවෙන සුවිශේෂී ප්‍රදේශ ද තිබෙන බව පොලිසිය වරක් හෙළිකර තිබිණි. එම ස්ථාන වංච දූෂණ තිප්පොළවල් බවට තොරතුරුද ලැබී තිබිණි. එහෙත් මේ කිසිවක් පොලිසියට පරික්ෂා කරන්න ඉඩ නොදෙන තරමට මේ රේගු නිලධාරීන් අතිශයින්ම බලවත්ය.

වරක් රෙගුවේ දූෂිත කටයුතු ගැන ගෙන විමර්ශනයක් සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ කොමිසම හමුවේ හෙළිකර සිටියේ රේගුවේ ඇත්ත ආදායම ලංකාවේ අයවැය හිඟයෙන් සියයට 75 ක පමණ ආවරණය කිරීමය තරම් විශාල එකක් බවය.

යහපාලන ආණ්ඩුව සමයේ සිදුවූ වංචා දූෂණ සොයන ජනාධිපති කොමිසමේ දී රේගු දෙපාර්තමේන්තුවේ සිදුව ඇති බදු මුදල් වංචා අක්‍රමිකතා නිසා රජයට රුපියල් බිලියන 6550 මුදලක් අහිමි වී ඇති බවට තොරතුරු හෙළි විය.

ඒ අනුව මේ රේගුවේ ඇත්ත ආදායම ගැන චිත්‍රයක් මවා ගතහැක. මේ ඇත්ත අදායමට සිදු වන්නේ කුමද යන්න ගැන අමුතුවෙන් සොයා බලන්න දෙයක් නැත. ඒ දූෂිත නිලධාරීන් විසින් යටිමඩි ගසා ඇත. නැතිනම් ජාවාරම් කාරයන්ට වාසි සැලසීම වෙනුවෙන් රේගු බදු අඩුකර හෝ හොරෙන් පන්නාදීම මඟින් රජයේ ආදායම අහිමිකර ඇත. මේ වෙනුවෙන් රේගු නිලධාරීන්ට මිලියන් ගනනින් සං‍තෝසම් ලැබේ. වැරදීමකින් හෝ හොර බඩු අසු වුවහොත් ඒවා රාජසන්තක කිරීම් නොකර හොර රහසේ විකුණන අවස්ථාද බොහොය. දඩ නියම කරන්නට සිදුවවහොත් දඩය අඩුවෙන් නියම කර භාණ්ඩ අයිතිකාරයාගෙන් ගානක් කඩා ගැනීමත් තව වැඩකි. මේවා හරහා රජයට අහිමිකර තිබෙන ආදායම රුපියල් බිලියන දහස් ගනනක් වී තිබේ.

රටට හෙරොයින් කොකේන් වනි මත්ද්‍රව්‍ය මෙන්ම වෙනත් නීති විරෝධී ද්‍රව පවා එන්නේ මේ රේගුව හරහාය. මේවා මේ රේගු නිලධාරීන්ගේ පරික්ෂාවට ලක් නොවෙනවා යන්න කිසිසේත්ම පිළිගත හැකි කරුණක් නොවේ. එහෙත් ඔවුන්ට ලැබෙන සංතොසමෙහි ප්‍රමාණය ලොකු නිසා ඒවා වරායෙන් පිටත් කරහැරීම ඔවුන් විසින් සීරුවට සිදු කරනු ලබයි.

වරක් සියලූම කන්ටෙනර් පරික්ෂාකිරීම සඳහා ස්කෑන් යන්ත්‍රයක් සවි කිරීමට පියවර ගැනීමේදී ඒවාට මුලින්ම එරෙහි වූයේ මේ රේගු නිලධාරීන්ය. ඒ තමන්ට ගානක් හොයා ගන්න තිබෙන මාර්ග ඇහිරෙන නිසාය. පොලීසිය විසින් කරන රේගු විමර්ශනය ගැන විරෝධය පාමින් වරක් රෙගුවේ මාධ්‍ය ප්‍රකාශකයා අපුරු කතාවක් බීබීසී සංදේශයට පවසා තිබිණි. එය "සී අයි ඩී එක කියන විදිහට අපිට හැම කෙනෙක් ම හැම පාර්සලයක් ම සම්පූර්ණයෙන් සෝදිසි කරන්න බැහැ. අපි වැඩ කරන්නේ ජාත්‍යන්තර නීතිරීතිවලට අනුකූලව. හැම මගියෙක් ම පරීක්ෂා කරන්න ගියොත් රටට සංචාරකයෝ එන එක අඩු වෙයි. හැම පාර්සලයක් ම නැවක් ම පරීක්ෂා කරන්න ගියොත් එක නැවක්වත් ලංකාවට එන එකක් නැහැ. අපි ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් ෆැසිලිටේෂන් ගිවිසුම අනුව වැඩ කරන්න ඕන." යනුවෙනි. මේ කතාවේ පැහැදිලිම තේරුම වංචාවට දූෂණයට ඔවුන්ට ඉඩක් තබා ගැනීමේ වුවමණාව මිස වෙනකක් නොවේ.

කොහෝ නමුත් දූෂිත රේගු නිලධාරීන්ට මේ අක්‍රමිකතා වල යෙදීමට තවත් පහසුවක් වී ඇත්තේ පවතින ආණ්ඩුවල බලවත් දේශපාලකයන්ද දුෂිතයන් වීමේ වාසියය. විදේශ වෙළඳ ගනුදෙනු කරන ව්‍යපාරකරන ජාවාරම්කරන දේශපාලකයන් හැම ආණ්ඩුවකම සිටී. ඔවුන් ආණ්ඩු බලය පාවිච්චිකර රේගුව හරහා කරන ආනයන අපනයන වලදී බරපතල මුල්‍ය වංචාවන් සිදු කරන්නේ මේ දූෂිත රේගු නිලධාරීන්ගේද සහයෙනි. මෑත ඉතිහාසයේ ගැන කතා කළහොත් පසුගිය යහපාලන යුගයේදී හිටපු මුදල එමැති රවී කරුණානායක සහ රේගු නිලධාරීන් අතරවූ දූෂිත ගනු දෙනු ‍රැසක් හෙළිදරව් විය. ඔහුට මුදල් ඇමැතිකම අහිමිවීමටත් මේ කරුණු බලපා තිබිණි. එනමුත් දුෂිත ඇමැතිවරයෙක් තමන්ගේ විෂය බාර ඇමැතිවරයා වෙනවා නම් මේ දූෂිත රේගු නිලධාරීන් තරම් සතු වෙන කිසිවකුත් නැත.

කොහොම නමුත් රේගුවේ දූෂණ වංචා ගැන පොත් ගහන්න තරම් ලියන්න දේවල් තිබේ. මෙහෙව් දූෂිත ආයතනයක් පිරිසිදු කාර්යක්ෂම ආයතනයක් බවට පරිවර්තනය කිරීමත් එසේ මෙසේ වැඩකුත් නොවේ. මෙතැන තිබෙන්නේ අවිගත් අපරාධකාරී මා‍ෆියාවකි. ජනාධිපතිවරයාට සටන් කිරීමට සිදුව ඇත්තේ එහෙව් දරුණු කල්ලියක් සමඟ. ජනාධිපතිවරයා තමන්ට දරුණු පියවර ගන්න වෙනවා කීමෙහි තේරුම එය ද විය හැකිය.

මේ වෙනුවෙන් රේගුවේ සිටින අවංක රේගු නිලධාරීන්ගේ සහය ජනාධිපතිවරයාට නිසැකවම ලැබෙනු ඇත. තමන් භාරගත් කටයුත්ත කවර බාධක හමුවේ වුව ඉ‍ටු කරන බවට ජනාධිපතිවරයා රටට ලබා දී තිබෙන විශ්වාසය අනුව අවංක රාජ්‍ය නිලධාරෙන් සියලු දෙනා පක්ෂ පාට භේදකින් තොරව ජනපති සමඟ සිට ගන්නවාට ඇත. රේගු දූෂිතයන්ගේ මා‍ෆියාව පරාජය කිරීම වෙනුවෙන් මේ රටේ ජනතාවගේ ශක්තියද ජනපතිට හිමි බව සැකයක් නැත.

කොහොමෙන් කොහොම හරි මේ රේගුව කියන රත්තරන් බිජු දාන කිකිළියව නියමාකරයෙන් ‍රැකගෙන පෝෂණය කළහොත් මේ රටම ගොඩය.

Leave a comment

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us