රේගූ මාෆියාව මැඩලන්න ජනපතිට පුලුවන් වෙයිද? Featured

Sunday, 24 January 2021 11:23

රාජ්‍ය ආයතනයන් හී වංචා දූෂණ අකාර්යක්ෂමතා මැඩලීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙල යටතේ ජනාධිපතිවරයාගේ මීළඟ මෙහෙයුම බවට පත්ව ඇත්තේ රේගු දෙපාර්තමේන්තුව සුද්ද බුද්ද කර එහි සේවය උපරීමයෙන් රටට ජනතාවට ලබාදීම බව ඔහු ඊයේ දිනයේදී මහජනතාව හමුවේ සපත කර සිටියේය.

ජනාධිපතිවරයා මීට පෙර පෞද්ගලිකවම මැදිහත් වී අතිශය දූෂිත ආයතනයක් ලෙස ප්‍රකටව තිබූ මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුවේ දූෂිත නිලධාරීන් ඉවත් කර එම දෙපාර්තමේන්තුවේ කටයුතු වඩාත් සක්‍රීයව පිරිසිදුව සිදුකිරීමට අවශ්‍ය පියවර ගනු ලැබීය. ඒ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ ජනකොටස් වල ප්‍රසාදය ජනාධිපතිවරයාට හිමිව තිබේ.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී රේගුවේ කටයුතු මෙම වසරේ මුල් මාස 3 ඇතුලත ප්‍රතිසංස්කරණය කරමින් ධනාත්මක පරිවර්තනයකට ලක් කරන ලෙස ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර ලිඛිතවම රේගු දෙපාර්තමේන්තු බලධාරීන් වෙත දන්වා තිබිණි. එසේ නොවුණහොත් ජනාධිපතිවරයාට මැදිහත් වී එම කටයුතු සිදු කිරීමට වන බවට අනතුරු හැඟවීමක් ද කර තිබිණි. ඒ අනුව ඊයේ දිනයේදී ජනාධිපතිවරයා රේගුව ගැන පළ කළ අදහස් වලින් පැහැදිලි වන්නේ ඔහු බලාපොරොත්තු වූ දූෂණයෙන් වංචාවෙන් තොර කාර්යක්ෂම රේගුව ඇති කිරීමට බලධාරීන් අපොහොසත් වී ඇති බවය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රදේශයේ ඊයේ (23) පැවති "ගම සමග පිළිසඳරක්" වැඩසටහන අමතමින්, "විශේෂයෙන්ම මාව පත්කරනකොට තිබුණු ලොකුම දෙයක් තමයි මේ රටේ තියෙන දූෂණය. දැන් අපි ගමු, විශාලම චෝදනා තියෙන තැනනෙ රේගුව. ඒවා හුඟක් ඒවා ඇත්ත. හමුදාවෙ නිලධාරියෙක් මං පත්කළා අධ්‍යක්ෂක ජනරාල්වරයා හැටියට, නමුත් සාර්ථක ලෙස ඒක මට ඕනෙ තරමට සිද්ධ වෙලා නෑ. ඉතිං මං ඉදිරියේදී ඉක්මනින්ම මීට වඩා දරුණු තීරණ ගන්න වෙනවා. මේ රේගුවෙ ඉන්න සියලුම නිලධාරීන් එළියට දාලා හරි මේක හදන්න මම ක්‍රියා කරනවා" යනුවෙන් සඳහන් කර තිබිණි.

මේ අනුව ජනාධිපතිවරයාට රට ගොඩනැගීම වෙනුවෙන් ඇති අවංකභාවය ගැන පමණක් නොව මේ රට මිලිටරිකරණයට යටත්කර ඇති බවට නැගෙන චෝදනාවට පිළිතුරක්ද මේ කෙටි ප්‍රකාශය තුල තිබේ. ජනාධිපතිවරයාට අවශ්‍ය වූයේ රට මිලිටරිකරණයට ගොදුරු කිරීමද නැතිනම් රට හැදීමට දක්ෂ නිලධාරීන් තෝරා පත්කර ගැනීමද කියන කාරණය පැහැදිලි වේ. උසස් හමුදා නිලධාරියකු වුව අසාර්ථක නම් ඔහුව වගකීම වලින් නිදහස් කිරීමට ජනාධිපතිවරයා දෙවරක් කල්පනා කරන්නේ නැති බව වරාය අධ්‍යක්ෂක ජනරාල්වරයා ඉවත් කිරීමට ගත් පියවරෙන් පැහැදිලිය. ඔහුට අවශ්‍ය වැඩ මිස කිසිවකුත් හුරතල් කිරීමට නොවන බවත් පැහැදිලිය. මෙය රටේ අනෙකුත් රාජ්‍ය ආයතන බලධාරීන්ටද තමන් කරන කියන දේවල් ගැන යළි සැලකිල්ලක් දක්වන්නට බලකරන තත්වයකි.

මෙරට ජාතික ආර්ථිකය සම්බන්ධයෙන් ජාත්‍යන්තර වෙළදාම යනු එහි වැදගත්ම අංශයකි. එම වෙලඳාම ආශ්‍රිතව රේගුවට පැවැරෙන කාර්යභාර අති මහත්ය.
මෙරට භාණ්ඩ හා සේවා ආපනයනය සහ ආනයනයට අදාල තීරු බදු හා අනෙකුත් බදු ක්‍රියාත්මක කිරීම භාණ්ඩවල තත්වයන් පරික්ෂා කිරීම, බීජ පැලැටි හා සත්ව නිරෝධායනය නීති ක්‍රියාත්මක කිරීම, නීති විරෝධි භාණ්ඩ හුවමාරු වීම වැලැක්වීම, බහලුම් ගුදම් ආදී පහසුකම් ලබාදීම ආදි වශයෙන් විශාල වගකීමක් ඔවුන් හමුවේ වෙයි.

එහෙත් මෙම වගකීම නිසියාකාරව ඉටු වන්නේ නැත..අප දන්න් කාලයේ පටන්ම රේගුව චෝද්නා එල්ලවන තැනකි. මෙරට රාජ්‍ය බදු ආදායමෙන් දෙකෙන් පංගුවක් පමණ ලැබෙන්නේ රේගු දෙපාර්තමේන්තුවෙනි. එමෙන්ම අති විශාල බදු වංචා දූෂණ අක්‍රමිකතා රැසක්ද ඒ තුල වෙයි. මේ නිසා ව්‍යාපාරික ප්‍රජාවගෙන් සහ ජනතාවගෙන් නිරන්තර පැමිණිලි එල්ල වෙමින් තිබෙන ආයතනයක් බවට දැන් කාලාන්තරයක් තිස්සේ රේගුව පත්ව තිබේ. එසේම බදු නොගෙවා හොර බඩු/ බාල බඩු ලංකාවට ගෙන ඒමේ මහා ජාවාරම් වෙනුවෙන් ඇතැම් රේගු නිලධාරීන්ගේ සහය ලැබෙන බවත් ප්‍රසිද්ධ කරුණකි.

රේගු නිලධාරියකු ලෙස ‍රැකියාවක් ලබාගත හැකි නම් මාස කිහිපයක් තුල ප්‍රකෝටිපතියකු වීමේ වාසනාව හිමිවන බවට ජනසමාජය තුල මතයක් ඇත්තේ මේ නිලධාරීන් අයතා ලෙස මුදල් හම්බකර ගන්නා නිසාය. මේවා බොරු නොවේ. මේ අකටයුතුකම් වැලැක්වීමට විටින් විට විවිධ ආණ්ඩු විසින් නොයෙක් උපක්‍රම, ක්‍රමවේදයන් යෙදූවද ඒවා සාර්ථක වූයේ නැත. ඊට ප්‍රධානම හේතුව දුෂිත නිලධාරීන් ඒවා පවත්වගෙන යෑමට ඉඩ නොදී කඩාකප්පල් කිරීමය. මෙය එක්තරා ආකාරයක මා‍ෆියාවකි. දේශ්පාලන අධිකරියට පාලනය කරනන් බැරි තරම් බලයක් සහිත මා‍ෆියාවකි. නියත ලෙසම රටේ ජාවාරම්කාර පාතාල මා‍ෆියව සමඟද මේ නිලධාරීන් කෙලින්ම සම්බන්ධය. අවංකව කටයුතු කරන රේගූ නිලධාරීන්ව ඝාතනය කර දැමීමේ අවස්ථා කිහිපයක්ම රේගු ඉතිහාසයේ තිබේ. ඒවා එහෙම වෙන්නේ අවංකව වැඩ කිරීම රේගුව තුල සිදු නොවිය යුතු ජීවිතයෙන් වන්දි ගෙවිය යුතු වැ‍රැද්දක්ව ඇති නිසාය.

පසුගිය යහපාලන යුගයේදී මුදල් ඇමැතිව සිටි මංගල සමරවීරද රේගුවේ වංචා දුෂණ පාලනය වෙනුවෙන් වරාය කටයුතු ගැන දැනුමක් ඇති උසස් හමුදා නිලධාරියකු පත් කිරීමට ගත් උත්සාහයද මේ රේගු මා‍ෆියව විසින් වලක්වනු ලැබූ බවද මතක් කළ යුතුය. වත්මන් ජනාධිපතිවරයාට හමුදා නිලධාරියකු පත්කර ගැනීමට හැකි වුවද ඇතැම් විට මේ රේගු මා‍ෆියාව ඔහුට අවශ්‍ය ලෙස කටයුතු කිරීමට ඉඩ ලබා නොදුන්නාද විය හැකිය. ඔහු අසාර්ථක වූයේ එම නිසාද විය හැකිය.

එතරම් දූෂිත අපරාධකාර මාෆියාවක් විසින් අකාර්යක්ෂම බවට පත්කර තිබෙන ආයතනයක් වන රේගුව සුද්ද කිරීමට ජනාධිපතිවරයා ගත් පියවර අතිශයිම එඩිතර පියවරක් ලෙසද හැදින්විය හැකිය. එය විය යුතුම දෙයකි. ඒ සඳහා සියලු හැකියාවන් ශක්තීන් ඔහුට තිබෙන බවට සැක නැත. රේගුව සම්බන්ධයෙන් දරුණු පියවර ගන්න වෙනවා යැයි ඊයේ ජනාධිපතිවරයා කළ ප්‍රකාශය අනුව ඔහු වෙත්න් රේගුව සුද්ද බුද්ද කිරීම නියත වශයෙන්ම සිදුවෙනු ඇති බවට සහතිනයකි. එමෙන්ම එහි ප්‍රතිපලයක් ලෙස රටේ ආදායමට තවන් බිලියන් ගනනක මුදලක් එකතුවීමද සිදුවෙනු ඇත.

රටක් ගොඩනගන්නේ කොහොමද කියන එක මෙන්ම රටක විධාක ජනාධිපතිවරයා කියන්නේ කාටද, එම බලය පාවිච්චි කරන්නේ කොහොමද කියන එක ගැන ජනාධිපති ගෝඨාභය නව ආදාර්ශයන් සපයමින් තිබෙන බව ඔහුගේ වැඩ විසින් පෙන්වා දෙමින් තිබේ. ඒ අනුව වත්මන් ගෝඨාපාලනය යනු මේ රටේ දේශපාලන ඉතිහාසයේ වැදගත් මොහොතක් ලෙසද සැලකිය හැකිය.

කොහොම නමුත් අද ජනාධිපති ගෝඨාභය ගැන ඉහළ විශ්වාසයක් තැබීම වරදක් නොවන බව ඔහු වැඩ කිරීම හරහා පෙන්වා තිබීම පමණක් ප්‍රමාණවත් නැත. මේ වෙනුවෙන් මේ රටේ ජනතාවගේ උපරීම සහයෝගයද ලැබිය යුතුව තිබෙන බවත් අවධාරණය කළ යුතුය. ඒ මන්ද යත් මේ රට යහපත් තැනක් බවට පත්කර ගැනීමේ මූලික වගකීම ජනතාවගේ නිසාය.

 

සැබැඳි ලිපි -

ජනපතිගේ මීළඟ මෙහෙයුම රේගුව.! අති විශිෂ්ටයි සර් !! 

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us