30 වසරක ත්‍රස්තග්‍රහණයෙන් රට මුදවා ගැනීමත් ලෝක ත්‍රස්තවාදී ව්‍යාපාරයේ බලකණුවක් වූ එල්ටීටිඊය පරාජය කිරීමත් වෙනුවෙන් වූ විජයග්‍රහණයට මෙරටට ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ලැබුණු සැලකිල්ල වූයේ රාජපක්ෂ පාලනය පෙරලා දැමීමය. ඊට හේතු වූයේ මේ අධිරාජ්‍යවාදීන්ගේ පදයට රාජපක්ෂ පාලනය නටන්න කැමැති නොවීමය.
නිතිපතාම විවිධ යුධ අපරාධ චෝදනා ගොනු කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට, එවකට ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ආරක්ෂක අංශ ප්‍රධනින් රැසක් ඉලක්ක කරගෙන මෙම චෝදනා එල්ල විය. මේ චූදිතයන් ජාත්‍යන්තර අධිකරණයක් හමුවට නංවා දඬුවම් කිරීම වෙනුවෙන් නොගත් උත්සාහයක් නැත. එහෙත් මේ පීඩනය හමුවේ වුව රටේ අභිමානය ආරක්ෂාකර ගනිමින් මේ අධිරාජ්‍යවාදී වුවමනාවන්ට යටත් නොවීමට රාජපක්ෂ පලනයට කොඳුනාරටියක් තිබුණි.
එහෙත් ඔවුන් හා කටයුතු කළ මෙරට දේශපාලන බලවේග රටේ ජනමතය වෙනස් කරමින් එම පාලනය පෙරළා දැමීමට සමත් විය. එහී ඛේදජනක ඉරණම පසුගිය යහපාලන යුගයේදී මේ රටේ ජනතාව අත් වින්දේය. එම කාලය තුලද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හරහා මෙරටට එරෙහිව යෝජනා සම්මත කරගෙන යුධ අපරාධ ගොනු කිරීමට ඔවුන් උත්සුක විය. අද මේ මොහොතේත් එම උත්සාහය දරමින් සිටී.
ඒ කෙසේ නමුත් යහපාලනය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සමඟ වූ එකඟතා අත්හිටුවීමට වත්මන් ජනාධිපතිවරයා කටයුතු කළේය. ඒ අනුව මානව හිමිකම් කොමිසම සහ යහපාලනය විසින් ඒකාබද්ධව ගෙන එන ලද 2015 ඔක්තොර්බර් මස ඉදිරිපත් කරන ලද 30/1 දරණ යෝජනාවත් 2017 මාර්තුවල ගෙන එන ලද 34/1 යෝජනාවත් සහ 2019 මාර්තුවල ගෙන එන ලද 40/1 යෝජනාවත් පිළිනොගෙන ඉන් ඉවත් වීමට රජය තීරණය කරන ලදී. මෙම යෝජනා වෙනුවෙන් පදනම් වූ මෙරට මානව හිමිකම් කඩකිරීම සම්බන්ධයෙන් වන වාර්තා කිහිපයක්ම පදනම් කරගෙන තිබිණි. විශේෂයෙන්ම එල්ටීටීඊ දෙමළ ඩයස්පෝරාව සහ එම සංවිධාන වල සහය ලබන මෙරට රාජ්‍ය නොවන සංවිධාන සහ පුද්ගලයන් රැසක් මෙම වාර්ථා සැකසීමට හවුල් වී තිබිණි. නමුත් මේ බොහොමයක් කරුණු පදනමක් නැති සත්‍ය තොරතුරු නැත ඒකපාර්ශ්වික චෝදනා බව බැලු බැල්මටම පැහැදිලිව පෙනෙන්ට තිබිණි. ඒවා එසේ සිදුවූයේ රටට එරෙහිව ජාත්‍යන්තර මතයක් ගොඩ නගා රටට ආර්ථික සම්බාධක යොදවා පැවැති රාජපක්ෂ පාලනය පෙරළා දැමීමට අවශ්‍ය පසුබිම සැකසීම මුඛ්‍ය අරමුණ වී තිබීම නිසාය. මානව හිමිකම් යනු එහි මතුපිටින් තවරා තිබූ අයිසිං තට්ටුවය.
කෙසේ නමුත් මේ චෝදනා ගොන්න තව දුරටත් වත්මන් පාලනයට එරෙහිවත් යොදා ගනිමින් තිබෙන බවත් පෙනෙන්නට තිබේ. එළඹෙන මාර්තු මාසයේ රැස්වෙන මානව හිමිකම් කොමිසම් සභා රැස්වීමේ දී නැවත වතාවක් ශ්‍රීලංකාවට එරෙහිව යෝජනාවක් ගොනු කිරීමට සූදානම් වන බවත් අසන්නට තිබේ.
මේ නරක තත්වයන් හමුවේ මෙය පරාජය කිරීම වත්මන් රජයේ වගකීමකි. එසේ නොවුණහොත් නැවත වරක් මේ චෝදනා පදනම් කරගෙන GSP+ සහනය අහෝසි කිරීම, ජාත්‍යන්තර වෙළඳ සම්බාධක පැනවීම, රට අපකීර්තියට පත්කිරීම ආදීය සිදු කර රට අස්ථාවර කිරීමක් විය හැකි නිසාය. පැරැදුනු යහපාලක නඩයද දැන් උත්සහ ගමින් සිටින්නේ මේ අධිරාජ්‍යවාදී රටවල සහයෙන් ශ්‍රී ලංකාව කුමණ හෝ උගුලක සිරකර නැවත බලය අත්පත් කරගැනීමට බව රහසක් නොවේ. මෙ යහපාලයෝ තරම් ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් ගැන කතා කළ වෙනත් කොට්ඨාසයක් මේ රටේ තවත් නැත. එහෙත් එම ආණ්ඩු සමයේදී මේ රටේ මානව හිමිකම් සුරක්ෂිත කිරීමට මොනවද කළේ කියන ගැටලුවද තිබේ. . ජාතීන් අතර අනවබෝධය වෛරය පෝෂණ කෙරුණු අතර ඒවායේ ප්‍රතිපළ ලෙස ජාතික ආරක්ෂාව බල්ලටම වැටිණි. සංහිඳියාව කියමින් නැටූ නාගඩම් අවහර වූයේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙනි. ඒවා නැවත නැවත කිව යුතු තරම් දේ නොවේ. කවුරුත් ඒ හරිය දන්නේය.
මේ අනුව මෙරට එල්ලකරන මානව හිමිකම් කඩවීම ගැන වන් චෝදනා සහ ඒ සම්බන්ධයෙන් ඉදිරිපත්කර තිබෙන වාර්ථාවන් ගැන කරුණු අධ්‍යයනය කර ඇත්ත තත්වය හෙළිදරව් කිරීම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ත්‍රි පුද්ගල පරීක්ෂණ කොමිසමක් පත් කර ඇත.
ජනවාරි මස 20 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම් නවාස්ගේ සභාපතීත්වයෙන් යුක්තව විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු සහ විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරියන අය සෙසු සාමාජිකයින් ලෙස එම පරීක්ෂණ කොමිෂන් සභාව පත්කර ඇත.
මේ අනුව බටහිර රටවල් සහ ඔවුන්ගේ බලපෑම මධ්‍යයේ කටයුතු කරන්නට සිදුව තිබෙන එක්සත් ජාතීන්ගේ මනව හිමිකම් කොමිසම හමුවේ ඇත්ත පෙන්වා දීම මෙම කොමිසමෙහි අරමුණ වී ඇත. ඇත්ත හමුවේ බොරුවට පැවැත්මක් නැත යන්න ප්‍රායෝගික ධර්මතාවයකි. ඒ අනුව ජනාධිපතිවරයා කල්යල් බලා මේ කොමිසම පත් කිරීමට ගත් තීරණය නිවැරදි මෙන්ම අභීත පියවරක් ලෙසද හැඳින්විය හැකිය. ජාත්‍යන්තරයේ කෙළිකාරයන් සමග සරම කැහැපට ගසමින් අපට සටනට පිවිසෙන්න තබා චණ්ඩි කතා හෝ කියවිය නොහැක. එහෙත් අපට බුද්ධියෙන් උපක්‍රමශීලීව හීන් සැරයෙන් ඒ පරාජය කිරීමේ හැකියාව ඇත. ජනපති ගත්තේ එම පියවරය. එය සාර්ථක වෙනු ඇති බව අපගේ හැඟීමය.
- the novemberist