චම්පික දේශපාලන පිළිලයක්. එය ගලවා විසි නොකොළොත් විනාසයක් ! Featured

Tuesday, 05 January 2021 10:25

චම්පික රණවක සජබයේ නායකත්වය වෙනුවෙන් සහ 2024 ජනාධිපතිවරණ අපේක්ෂකයා වීමේ ඉලක්කය මත සජබය තුල දියත් කළ කුමන්ත්‍රණකාරී මෙහෙයුම ඊයේ දිනයේදී මුළුමනින්ම හෙළිදරව් වී තිබේ.

සජබ නායකත්වය විසින් ඔහුව සෘජුව ප්‍රශ්න කිරීම මත ඊයේ (04) දිනයේ පැවැති එම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ ‍රැස්වීමෙන් ඔහුට නැගිට යන්න සිදුවූයේ කටඋත්තර නැතිවය.

මේ තත්වය මත චම්පික රණවක සහ ඔහුගේ කණ්ඩායම තනිව ගමනක් යෑමට මේ වන විට කටයුතු කරමින් තිබේ. 43 සේනාංකය නමින් ගොඩනගාගෙන තිබෙන ගෝත්‍රික දේශපාලන ව්‍යාපාරය ඒ අනුව සමාජ ගත කිරීමේ කටයුතු වේගවත් කිරීමට මේ වන විට ආරම්බ කර තිබේ.

කොහොම නමුත් අප මීට පෙර පළ කළ ලිපියකින් (චම්පිකගේ 2024 ජනාධිපති ව්‍යාපෘතිය විහිළුවක් වී අවසන්.) පෙන්වා දුන්නේ චම්පිකගේ දේශපාලනය අවසන් අදියරට පැමිණ තිබෙන බවය. ඔහුට සහය දීමට කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යාපාරයක් මේ මොහොතේ කැමැති නැත. එක්කො වෙනදා මෙන් කාට හෝ මුක්කුවක් වී සන්ධාන ගතවීම හැර චම්පිකට වෙන විකල්ප නැත. ඔහුගේ සුපුරුදු දේශපාලනය වූයේ ද මේ මුක්කු ගැසීමය. කවදාවත් ස්ථිර දේශපාලන ප්‍රතිපත්තියක නොසිටි ඔහුට කිසි දිනෙක තනිව ගමනක යෑමේ හැකියාවක් නැත. ගෝත්‍රික දේශපාලන සංකල්ප මත හිඳිමින් චම්පිකලාට මේ රට තුල තවත් කළ හැකි දෙයක් නැති බව පැහැදිලිය. මන්ද ඒ ගෝත්‍රික ආකල්පවලට වටිනාකම් එකතු වූ යුගය දැන් අවසන් නිසාය.

අලුත් දේශපාලනයක් වෙත මාරු වීමට චම්පිකලා පමණක් නොව සෙසු දේශපාලන පක්ෂවලටද බල කර ඇති දේශපාලන වටපිටාවක් දැන් නිර්මාණය වී තිබෙන බව දේශපාලනය යනු කුමක් දැයි අවබෝධයක් ඇති පිරිස් එක හෙළාම පිළිගන්නා තත්වයකි. එසේම ජනතාව සමඟ හැංගි මුත්තම් කරමින් ඔවුන් රවටමින් ඔවුන් අතර ගැ‍ටුම් ඇති කරමින් දශක ගනනාවක් තිස්සේ පවත්වාගෙන ආ තක්කඩි දේශපාලනයට තවත් ඉඩක් ජනතාව තුල නැත. ජනතාව මේ වන විට බොහෝ පාඩම් ඉගෙන ගෙන තිබේ.

මේ අනුව චම්පිකලාගේ ගෝත්‍රික දේශපාලනයට තව දුරටත් මේ මහ පොළොවේ සිහි බුද්ධියක් ඇති මිනිසුන් මත නම් පැවැත්මක් නැත. ඊට ඉඩක් ලබෙනවා කියන්නේම රට විනාස කරන දේශපාලන පිළිලයක් මතුවීම නොවලක්වා ගැනීමකි.

Leave a comment

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us