මහින්ද දිනුවා, මෛත්‍රී දිනුවා, සජිත් දිනනවා.. සඳු තිරණය ගන්නවා Featured

Wednesday, 13 November 2019 00:53

2019 ජනාධිපතිවරණයෙන් දිනන්නේ කවුද කියලා ගොඩක් අය විවිධ මත පල කරලා තිබ්බා. ඉතින් මාත් පොඩි අදහසක් දෙන්න හිතුණා ඒ ගැන.

මම ඒ ගැන කියන්නේ ,,, ලංකාවේ තිබ්බ කලින් ජනාධිපතිවරණත් සැලකිල්ලට අරගෙනයි. විශේෂයින්ම කලින් තිබ්බ ජනාධිපතිවරණ වලදි සඳු ග්‍රහයාගේ ගමන ගෝචර පල අරගෙනයි මේ ගැන අදහස් දක්වන්නේ...

ජෝතිෂ්‍යය පොඩ්ඩක් හරි දන්නවනම් ඔයාලා දන්නවා සඳු දවස් දෙක හමාරකින් වගේ පොඩි කාල සීමාවකින් රාශි මාරු කරන බව. ඒ නිසාම සදුගේ ගමන සැලකිල්ලට අරන් දිනපතා වෙන සුබ අසුබ හේතුවලට අදාල අදහසක් ගන්නත් පුලුවන්.

# ශ්‍රී ලංකාවේ පළමු ජනාධිපතිවරණය තිබ්බේ 1982 ඔක්තොබර් 20 වෙනිදා. එදා ප්‍රධාන අපේක්ශකයන් දෙන්න විදිහට තරග කළේ ජේ ආර් ජයවර්ධන මහතා හා හෙක්ටර් කොබ්බෑකඩුව මහතා. ජයවර්ධන මහත්තයගේ ලග්න විස්තර මම ළඟ තිබ්බත් , හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ ලග්නය මම දන්නේ නැති නිසා , ඒ ජනාධිපති වරණයේන් ,කොබ්බෑකඩුව මහතා පරාජය කරලා ජයවර්ධන මහත්තයා දිනුවේ කොහොමද කියලා ජෝතිශ්‍ය ඇසුරින් මට පැහදිලි කරන්න බෑ...

#ශ්‍රී ලංකාවේ දෙවන ජනාධිපතිවරණය තිබ්බේ 1988 දෙසැම්බර් 19 වෙනිදා. එදා ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ශකයන් විදිහට රණසිංහ ප්‍රේමදාස මහතාත් ,සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියත් ඉදිරිපත් වුණා...

1916 අප්‍රේල් 17 වන දින උපන් සිරිමාවෝ මැතිණියගේ ලග්නය වුණේ කණ්‍යා ලග්නයයි. 1924 ජුනි 23 ඉපදුණු රණසිංහ ප්‍රේමදාස මහතාගේ ලග්නය මේෂ ලග්නයයි.

මැතිවරණය තිබ්බ 1988 දෙසැම්බර් 19 වෙනිදා උදේ 07 ( ඡන්දය පටන් ගත්ත වෙලාව ) වන විට උදාවෙලා තිබ්බේ ධනු ලග්නය. සදු ග්‍රහයා ඒ වෙද්දී ගමන් කරමින් සිටියේ මේෂ රාශියේ අංශක 10.34 තුල.

ඒ අනුව සිරිමාවෝ මැතිණියගේ කන්‍යා ලග්න කේන්දරේ සදු එදා ගෝචර ගමන්කරලා තිබ්බේ 08 වැන්න වන සදු දුර්වලම වෙන තැනක. ඒත් රණසිංහ ප්‍රේමදාස මහතාගේ මේෂ ලග්න කේන්දරේ සදු ගමන් කරලා තිබ්බේ එදා ලග්න භාවෙ.. ඒ අනුව අපිට දල අදහසක් ගන්න පුලුවන් එදා ජනාධිපති වරණේ සදුගේ ගමනට අනුව ,රණසිංහ ප්‍රේමදාස මහතාට ජනාධිපති වරණයෙන් ජයගන්න වාසියක් වුණේ කොහොමද කියලා.... සදු 08 වැන්නේ ගමන් කීරීම සිරිමාවෝ මැතිණියගේ පරාජය ජෝතිශ ඇසින් දකින්න පුලුවන්.

# තුන්වන විධායක ජනාධිපතිවරණය 1994 නොවැම්බර් 09 පැවත්වුවා. එදා ජනාධිපති සටනට ප්‍රධාන පක්ශ දෙකින් ආවේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හා ශ්‍රීමා දිසානායක මහත්මිය. ඒත් මට ශ්‍රීමා දිසානායක මහත්මියගේ උපන් ලග්නය ග්‍රහචාරය හොයාගන්න බැරි වුන නිසා , ඒ ජනාධිපති වරණය ගැන අදහසක් දෙන්න බෑ....

# සිව්වන විධායක ජනාධිපති වරණය පැවත්වුයේ 1999 දෙසැම්බර් 21 වෙනිදා. ප්‍රධාන පක්ශ දෙකේ අපේක්ශකයක් වෙනුවෙන්. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හා රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත්වුණා.

රනිල් වික්‍රමසිංහ මහතා මීන ලග්නෙන් ඉපදිලා හිටිය අතර චන්ද්‍රිකා මහත්මියගේ ලග්නය කටක ලග්නයයි.

ඡන්දය තිබ්බ දෙසැම්බර් 21 වෙනිදා උදේ හත වනවිට ධනු ලග්නේ උදාවෙලා තිබ්බ අතර සඳු වෘෂභ රාශියේ අංශක 11.05 තුල ගමන් කරමින් තිබ්බා.

එය රනිල් මහතාගේ මීන ලග්නේට ආදේශ කළොත් සදු ගෝචර වශයෙන් ගමන් කරමින් තිබ්බේ තුන්වන භාවේ.. චන්ද්‍රිකා මහත්මියගේ කටක රාශියට ආදේශ කළොත් 11 වන භාවේ සදු ගමන් කරමින් හිටියා.. 11 වැන්න මාරක ස්ථානයක් උනත් සියලු ලැබීම් පෙන්වන තැන... ඒ නිසා ඒ හේතුව නිසා 1999 ජනාධිපති වරණයෙන් චන්ද්‍රිකා මහත්මිය ජයග්‍රහණය කළා කියලා සදු ගමන ඇසුරින් අනුමාන කරන්න පුලුවන්.

# 2005 නොවැම්බර් 17 තිබ්බ පස්වන ජනාධිපතිවරණය ලංකාවේ තිබ්බ තියුණුම ජනාධිපති වරණය කිව්වොත් නිවරදී. එදා ප්‍රධාන පක්ෂ දෙක වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා හා රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත්වුණා.

රනිල් මහතා මීන ලග්නෙන් උපන් කෙනෙක් වගේම මහින්ද මහතා කන්‍යා ලග්නෙන් උපන් කෙනෙක් වුණා...

2005 නොවැම්බර් 17 වෙනිදා උදේ 7.00 වන විට උදාවෙලා තිබ්බේ වෘශ්චික ලග්නයයි. සදු වෘෂභ රාශියේ අංශක 13.24 තුල ගමන් කරමින් හිටියා.

සදුගේ ගෝචරයට අනුව රනිල් මහතාගේ මීන ලග්නේට ආදේශ කළොත් එදා දවසේ සදු ගමන් කරමින් ඉදලා තියෙන්නේ 03 වැන්න තුල. මහින්ද මහතාගේ කන්‍යා ලග්නෙට ආදේශ කළොත් සදු 09 වැන්නේ ඉෂ්ඨ ස්ථානයක සඳු ගමන් කරමින් උන්නා...

ඉතින් ඒ දවසේ සඳුගේ ගමන අනුව වැඩි වාසී තිබිලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාට කියලා ඔයාලට තේරෙනවා ඇතී....

# ශ්‍රී ලංකාවේ හයවන ජනාධිපතිවරණය තිබ්බේ 2010 ජනවාරි 26 වෙනිදා. එදා ප්‍රධාන පක්ශ දෙක වෙනුවෙන් ඉදිරිපත් වුනේ මහින්ද රාජපක්ෂ මහතා හා සරත් ෆොන්සේකා මහතායී.

මහින්ද මහතාගේ ලග්නය කන්‍යා ලග්නේ වුණ අතර සරත් ෆොන්සේකා මහතාගේ ලග්නය තුලා ලග්නයයි.

2010 ජනවාරී 26 වෙනිදා උදේ 07 වනවිට උදාවෙලා තිබ්බේ මකර ලග්නේ වුණ අතර සදු වෘෂභ රාශීයෙම අංශක 14.14 තුල ගමන් කරමින් තිබ්බා.

තුලා ලග්න කරුවෙක් වුන ෆොන්සේකා මහතාගේ සඳු එදා ගමන් කරමින් උන්නේ 08 වන භාවේ වුන අතර , මහින්ද මහතාගේ කන්‍යා ලග්නයට අනුව සඳු ගමන් කරමින් උන්නේ 09 වන භාවය උන ඉෂ්ඨ ස්ථානයක් තුලයි. ෆොන්සේකා මහතාගේ සදු 08 වැන්නේ ඉතා දුර්වල වෙන නිසා , 2010 ජනාධිපති වරණයෙක් මහින්ද මහතා විශාල ජයග්‍රහණයක් වාර්තා කරගන්න හැකියාවක් ලැබෙන්න ඇතී...

# 2015 ජනවාරී 08 තිබ්බ ජනාධිපතිවරණයේ ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ශකයන් විදිහට ඉදිරිපත් වුණේ මහින්ද රාජපක්ෂ මහතා හා මෛත්‍රීපාල සිරිසේන මහතායී.

මහින්ද මහතා කන්‍යා ලග්නෙන් උපන් කෙනෙක් වගේම මෛත්‍රීපාල සිරිසේන මහතා තුලා ලග්නෙන් ඉපදිලා තිබ්බා.

ජනවාරි 08 උදේ 07 වෙද්දී උදාවෙලා තිබ්බේ මකර රාශිය වුණ අතර සඳු ගමන් කරමින් හිටියේ කටක රාශියේ අංශක 25.17 තුලයි.

මහින්ද මහතාගේ කන්‍යා ලග්නේ සඳු එදා ගෝචරව ගමන් කරලා තිබ්බේ 11 වැන්නේ වන අතර , මෛත්‍රීපාල මහතාගේ තුලා ලග්න කේන්දරේ ඉෂ්ඨ ස්ථානයක් වුන 10 වැන්න තුල ගමන් කරමින් තිබ්බා.. එදා සදු ගමනේ වාසිය ඒ අනුව තිබිලා තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාටයි.

# තව සතියකටත් අඩු කාල සීමාවකින් පැවත්වෙන 2019 නොවැම්බර් 16 දවසේ සඳුගේ ගමනේ වාසිය එතකොට කාට ඇද්ද කියලා බලමූ.

ප්‍රධාන පක්ශ දෙකින් ඉදිරිපත් වෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා හා ගෝටාභය රාජපක්ෂ මහතායී.

සජිත් මහතා වෘෂභ ලග්නෙන් ( සමහර අය මිථුන කියලත් කියනව) උපන් අතර, ගෝටාභය මහතා වෘශ්චික ලග්නෙන් උපත ලබා ඇත.

2019 නොවැම්බර් 16 වෙනිදා උදේ 07 වන විට වෘශ්චික රාශිය උදාවෙලා තියෙන අතර සඳු ගමන් කරමින් ඉදින්නේ මිථුන රාශියේ අංශක 10.58 තුලයි.

එදා සදුගේ ගෝචරය ගෝටාභය මහතාගේ වෘශ්චික ලග්නයට ආදේශ කළොත් සඳු ගමන් කරන්නේ 08 වැන්න වන දුර්වල වන තැනකයි.

සජිත් මහතාගේ වෘෂභ ලග්නයට ආදේෂ කළොත් දෙවැන්න තුල සදු ගමන් කරනවා..දෙවැන්නේ සඳු අට වැන්නේ ඉන්න සඳුට වඩා හොදයි. බැරිවෙලාවත් සජිත් මහතා මිථුන ලග්නෙන් උපන් කෙනෙක්නම් සදු ගමන් කරන්නේ එදාට ලග්න භාවේමයි....

කලින් ජනාධිපතිවරණ දෙකකදීම හමුවුනා සදු අටවැන්නේ ගමන් කරද්දී තරග කරපු අපේක්ශකයින් දෙන්නෙක්ව..

ඒ 1988 තරග කළ සිරිමාවෝ මැතිනිය හා 2010 තරග කළ සරත් ෆොන්සේකා මහතායී. ඔවුන් දෙදෙනාම ඒ ජනාධිපතිවරණවලදී පරාජය වුණා.

ඉතින් 2019 ජනාධිපතිවරණයට තරග කරන ගෝටාභය මහතාගේත් , ජනාධිපතිවරණය තියෙන දවසේ සදු ගමන් කරන්නේ 08 වැන්න තුල...

ඉතින් එහෙම බලද්දී මගේනම් අදහස

මෙවර ජනාධිපතිවරණයේ ජයග්‍රාහකය වීමේ සම්විභාතාව ඉතා ඉහල සජිත් ප්‍රේමදාස මහාතාගේ බවයී.... සදු ගමන අනුව.

ජෝතිෂ්‍යවේදී සාගර සම්පත් මහතාගේ විග්‍රහයකි

Last modified on Wednesday, 13 November 2019 00:56

Leave a comment

Gossip

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us