ජවසම්පන්න ශ්‍රී ලාංකිකයෙක්, නාකි ඇමරිකන් හිවලෙක් සහ රටේ පින Featured

Tuesday, 12 November 2019 14:34

ලංකාවේ ඉතිහාසයේ අරුම පුදුම ජනාධිපතිවරණය මෙවර ජනාධිපතිවරණය ලෙස හැඳින් විය හැකිය. ඒ මෙරට ජනාධිපතිවරණයේ ප්‍රධාන සටන පවතින්නේ නාකි අමරිකානු හිවලෙක් සහ ජවසම්පන්න සැබෑ ශ්‍රී ලාංකික පුත්‍රයෙකු අතර වීමය..

1972 ට පෙර නම් මේ රටේ විදේශීක පුරවැසියන්ගේ පාලනයට නතුව තිබිණි. 1972 ජනරජ ව්‍යවස්ථාව මඟින් එංගලන්ත කිරීටයේ බලපෑමෙන් රට නිදහස් විය. ඉන් පසුව 2015 න් පසුව ගෙන එන ලද 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ද්විත්ව පුරවැසියන්ට මහජන නියෝජිතයන් ලෙස ඉදිරිපත් වීමේ හැකියාවද අහෝසි කෙරිනි. එනම් නියම ශ්‍රීලාංකික පුරවැසියකුට හැර මේ රටේ මහජන නියෝජිතයකු ලෙස මහජන ඡන්දයෙන් පත් විම සිදු කළ නොහැක.

එහෙත් මෙසේ නීතියක් රටේ තිබියදී ගෝටාබය රාජපක්ෂ ව්‍යාජ ලියකියවිලි පෙන්වා වංචනික ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් විය. අද මේ මොහොත වන තුරුත් ඔහුට අමරිකානු පුරවැසි බාවය අහෝසි කළ බව තහවුරු කළ හැකි කිසිදු සාක්ෂියක් පෙන්වීමට නොහැකි විය. තව දුරටත් ව්‍යාජ ලේඛන පෙන්වමින් තමන් කළ වංචාව වසා ගැනීමට උත්සහ ගනිමින් තිබේ.

බැරිය දැන් පෙර සේ

ඒ කොහොම උනත් මේ 70 හැවිදිරි මහල්ලා මේ රටේ පාලන බලය සිය අන්ත්වාදී ත්‍රාඩ මෙහෙයුම් තුලින් ඩැහැගැනීමට කරන කුමන්ත්‍රණකාරී මෙහෙයුම් බොහොමයක් දැන් හෙලිදරව් වී අවසන්ය. එසේම රට ගොඩනැගීම සඳහා තමන් සතුව දැක්මක් ප්‍රතිපත්තියක් වැඩ පිලිවෙලක් නැති බවත් පෙන්වා අවසන්ය. ඒ තබා පිටස්තරයක් ලියා දෙන දේවත් වරද්ද ගැනීමකින් තොරව ප්‍රකාශයට පත් කර ගැනීමට තරම් සිහි බුද්ධියක් නැති අයකු බවත් ඔප්පු කර හමාරය. වැදගත්ම දේ කොන්දක් කටක් කෙලින් තියාගෙන ජව සම්පන්නව වැඩ කිරීම හැකියාවක් ඔහුට නැති බව ඔප්පු කිරීමය. හෘද රෝගියකු වන ඔහුට වෙහෙස වීමේ සීමාවක් ඇති අතර දේවල් දරා ගැනීමේද සීමාවක් තිබේ. ජීවිතේ සැඳැ සමයේ විශ්‍රාම සුවයෙන් කල් ගත කළ යුතු ඔහු මේ ජනාධිපතිවරණයකට ඉදිරිපත් වී රට හදන්න පුලුවන් තමාට යැයි කීම පට්ට විහිළුවකි.

එහෙම කිරීමේ හැකියාවක් අඩුම තරමින් තිබිය හැකි යැයි සිතන්නට තරම් සුදුසු කම් ඔහු පෙන්වාද නැත. අඩුම තරමින් තමන්ට රට ගැන මොනයම්ම හෝ පැහැදිලි ප්‍රතිපත්තියක් තිබෙන බවත් පෙන්වා තිබුනානම් ,හරි කමක් නෑ මිනිහාගේ ප්‍රතිපත්තියට දැක්මට වටේ ඉන්න එවුන් වැඩ කරයිනේ... කියා සිතිය හැකිව තිබිණි.. එහෙත් එහෙමත් නැත. වටේ ඉන්නේ රට කාපු කම්බ හොරු රන්චුවකි. සාහසික මිනීමරුවන් රන්චුවකි. සිංහල බෞද්ධ ජාතිවාදී ත්‍රස්තයන් රංචුවකි. මේ නිසා ගොටාබය හෝ ඔහු වටේ සිටින තක්ඩියන් ‍රැල්ලට මේ රට හදන්න තියා මේ තිබෙන තත්වයවත් තබාගෙන යෑමට නොහැකි බව නැවත නැවත අමුතුවෙන් කිව යුතු නැත. එය ඉතා පැහැදිලිව පෙන්වාදෙන හෙණ ගහන ඇත්තකි. මේ තනිකර බල පෙරේතකම මිස වෙනකක් නොවේ.

 

කියන  දේ කරන - කරන දේ කියන නායකත්වය

ගොටාට අභියෝග කරන සජිත් ප්‍රේමදාස ගැන කියන්න වෙන්නෙ වෙනත් කතාවකි. තවමත් 52 වියේ පසුවන ඔහු තමන් කවුද යන්න ගැන පසුගිය මාස දෙක ඇතුලතදී පෙන්වා ඇත. කිසිවකුත් බලාපොරොත්තු නොවූ පරිදි ඔහු ඔහුගේ නායකත්වයේ ගුණය පෙන්වා ඇත. තමන් හමුවේ වන බරපතල අභියොග සියල්ල පරාජය කරමින් ජනාධිපති අපේක්ෂකත්වය දිනා ගැනිමේ සටන ඔහු ජය ගත්තේය. ජනාධිපතිවරණ සටනට ඔහු බැස්සේ ගාලු මුවදොර පිටියට ඒදා මෙදා තුර ශ්‍රී ලංකාවේ කවර හෝ ජන රැළියකට සක්‍රීයව සම්බන්ධ වූ අති දැවන්තම ජනතා සහභාගිත්වය සමඟිනි .. රට පුර පැවැත්වෙන සෑම රැළියකම අති විශාල ජන සහභාගිත්වය මඟින් කියවෙමින් තිබෙන්නේද ඔහුගේ ඇති සාර්ථකත්වයය.

අනෙක් කරුණ නම් දේශපාලන ගොබ්බයෙකු වශයෙන් හංවඩු වැදී තිබු සජිත් ප්‍රේමදාසට ඒ ගොබ්බ කම ගැන තිබූ අදහස දියුණු දේශපාලන පරිණතකමක් දක්වා වෙනස් කර පෙන්වීමට ගියේ දින දෙක තුනකි. තමන්ට රට ගැන තිබෙන හැඟීම, රට ගොඩ නැගීම ගැන තිබෙන දැක්ම ප්‍රතිපත්තිය, වැඩ පිළිවෙල ඉතා පහසුවෙන් චතුරව, පැහැදිලිව ප්‍රකිශ කිරීමට හැකි විය. කිසිදු ගැටලුවක් හමුවේ වට පිට බලන්න, ඔලුව කසන්න, අයියාගෙන් අහල බලන්න, අරයාගෙන් අහන්න මෙයාගෙන අහන්න යැයි ඔහු කිසි විටෙක කීවේ නැත, කවර ක්ෂෙත්‍රයක් සම්බන්ධයෙන් වූ පැහැදිලි නිශ්චිත උත්තරය ඔහු හමුවේ විය.

නායකයෙකුගෙන් බලාපොරොත්තු වන පැහැදිලි දැක්ම ඔහු සතුව ඉහළින්ම තිබෙන බව විරුද්ධ වාදියාට වුව පිලිගැනීමට සිදුව තිබේ. තමන්ට ගහන මඩ අවලාද පවා තමන්ගේ වාසියට පෙරළා ගැනීමට තරම් ඔහු දක්ෂ විය. එය සුවිශේෂී හැකියාවකි. තමන් වටා ජනතාව ඒක රාශි කර ගැනීමට තරම් අනුහස් සහිත නායකත්ව ගුණයක් ඇති බවද ඔහු මේ මාස දෙක ඇතුලත පෙන්වා දී තිබේ.

අනෙක් වැදගත්ම දේ, වැඩ කිරීම සම්බන්ධයෙන් ඔහුගේ ඇති ජව සම්පන බව අප්‍රතිහත ධෛර්යය, කැපවීම, අවංක බව, සෘජු බව දැඩිව පෙන්වීමට සමත් වීමය. මේ ලියැවිල්ල කරන්න අද දිනයේ හිමිදිරි පාන්දර 2.00 ටත් ඔහු රැස්වීමකට සහභාගීවීම මීට හොඳම උදාහරණයයි. ඊයේ දවස තුල ප්‍රධාන මහජන රැලි අටක් අමතා අවසන් කර මේ බත්තරමුල්ලේ පැවැති කලාකරුවන්ගේ හමුවට ඔහු පැමිණෙන විට පාන්දර 2.00 ට පමණ වී තිබේ. 2.40 දක්වා කලා කරුවන්ගේ හමුවට සහභාගී සිය අදහස් ප්‍රතිපත්ති ගැන අනලස්ව නොවෙහෙසකාරීව කතා කිරීම සිදු විය. ඊයේ අවසන් ජනරැලිය වූ මොරටුව ජන රැලිය ආමන්ත්‍රණය කරන විට වෙලාව රාතී 12.20 ය. ඔහු එන තෙක් මහ ජනතාව දහස් ගන්නනින් එක් රොක් වී සිටීම ගැන කියනන් තිබෙනෙන්ද සජිත් ප්‍රේමදාසගේ අනුහස් නායකත්වය මහ ජනතාව විශ්වාස කරමින් තිබෙන බවය.

කියන දේ කරන කරන දේ කියන නායකයකු වශයෙන් ඒ විශ්වාසය පසුගිය මාස දෙක තුලදී සජිත් ප්‍රේමදාස ආදර්ශයෙන්ම පෙන්වා ඇති බව කුහක කමින් තොරව පිළි ගැනිමට කාටවුව සිදුවේ.

රටේ පින

රටකට අවශ්‍ය වන්නේ , හිඟමන් යදින වීදියේ යාචකයාගේ සිට රටේ මහ ධන කුවේරයා දක්වා වන සෑම මට්ටමකම තරාතිරකම සෑම ජාතියකම ආගමකම කුලයක ආදී කිසිදු වර්ග බේදයකින් තොරව සෑම පුරවැසියෙකුගේම ගැටලුවට සවන් දෙන , ඊට විසඳුම් දෙන ඒ විසඳුම් කියාත්මක වූවාද කියා පසු විපරම් කරන අවංක ප්‍රජාතන්ත්‍රවාදී ජන නායකයෙකි.

එවැනි ජනනායකයන් රටකට පහල වන්නේ කලාතුරකින්. එහෙම ජනනායකයකු ලබන්න රටේ ජනතාවට පින තිබිය යුතුය. මේ ගෙවෙන්නේ එවැනි සමයකි. රටේ පිනට උපන් නායකයකු පහල වී තිබේ. ඔහුව රටේ පාලකයා බවට පත් කර ගැනීමට පුරවැසියා වාසනාවන්ත වුවහොත් රටේ අනාගතය යනු මේ රටේ සෞභාග්‍යමත් යුගය වන වාට සැක නැත.

Leave a comment

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us