තම තමන්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුද යන්න ගැන පසුගිය කාලයේ ඒ ඒ පක්ෂවල කතා බහක්ද ප්‍රතිපක්ෂවල විවේචයන්ද බහුලව දකින්න තිබිණි. කොහොම නමුත් ඉදිරියට තිබෙන මාස තුන හතර තුලදී මේ අපේක්ෂකයන් කරලියට පැමිණෙනු ඇත.
කෙසේ නමුත් මේ වන විට සංවාදය තිබෙන්නේ ' දිනන්න පුලුවන්' අපේක්ෂකයාව තෝර ගැනීම ගැනය. පක්ෂයකට හෝ ඒ කණ්ඩායමකට දිනන්න නම් දිනන්න පුලුවන් අපේක්ෂකයකු අවශ්‍ය බව ගැන විවාදයක් නැත. එහෙත් අපේක්ෂකයකු දිනපු පමණින් ඒ පක්ෂයටවත් රටටවත් ජනතාවටවත් ලැබිය හැකි ජයග්‍රයණයක් තිබේද යන ගැන වන සානච්ඡාව බරපතල ලෙස යටපත් වී තිබේ. රජ වෙච්ච එකා පිස්සු කෙලීමත් පිස්සෙකු රජ කමට පත් කර ගත්තත් එකම ආනිශංසයය. විශේෂයෙන්ම තවමත් ඒකධිපති මුහුණුවරක් සහිතව තිබෙන බලවත් තනතුරක් වන විධායක ජනාධිපතිධුරයට යම් කෙනෙකු තෝරා පත් කර ගැනීමේදී පරිස්සම් විය යුතුව තිබේ. ඉතිහාසයෙ කළ වරද්දා ගැනීම එමටය..ඒවා නිවැරදි කර ගැනීමට ගෙන ආ පියවරයන් සාර්ථක කර ගැනීමට කෙතරම් අසීරුද යන්නටද පසුගිය කාලයෙ උදාහරණ ඕනෑ තරම් විය. විධායක ජනාධිපතිධුරය අහෝසි කරන බවට කී දෙනෙකු නම් පොරොන්දු දුන්නාද.. එය ඉටු කරනු ඇති බවට වැඩිම බලාපොරොත්තු තබා ගත් සිරිසේන ජනාධිපතිවරයාද මේ වන විට බල ලෝබයෙන් මත්ව යළි ජනාධිපතිධුරයට පත් වීමේ අභිලාශයෙන් පසුවේ. ඒ වෙනුවෙන් දේශපාලන කුමන්ත්‍රණ ගනනාවකද යෙදුනෙ නිර්ලජ්ජිත ආකාරයෙනි. වත්මනෙහි ඇතිව තිබෙන සිංහල මුස්ලිම් කලකොලහලයද ඒ කුමන්ත්‍රණ වල ප්‍රතිපළ බව පැහැදිලිය.. ඥානසාර, රතන ආදීන්ගේ නව ප්‍රවේශන්ද ඒ කුමන්ත්‍රණ වල කොටස්ය. මෙවායේ සාහසිකත්වය හෙට අනිද්දා වන විට කිහිප ගුණයකින් වැඩි වීමේ අවධානමක්ද මේ සිදු වෙමින් පවතින දේවල් අනුව කල්පනා කළ හැක.
මේ තත්වයන් හමුවේ බොර දියෙහි මාළු බෑමට කල්පනා කරන දේශපාලන නායකත්වයන් තක්කඩි ලෙස තමන්ගෙ ජයග්‍රහණයට රටේ පවතින දුර්වලතාවයන් පාවිච්චි කිරීම නියත ලෙසම සිදු වනු ඇත..එහි ලක්ෂණද මේ වන විට පෙන්නුම් කරමින් තිබේ. සිරිසේන පිලත් රාජපක්ෂ පිලත් ජාතිවාදය ආගම්වාදය උලුප්පවා මැතිවරණ සටනට සූදානම් බව දැන්ටම තහවුරු කර අවසන්ය. එජාපය තවමත් කල් මරමින් සිටින්නේ සියල්ල අවුල් ජාලයක් වන තුරු බවත් පැහැදිලිය. එජාප නායක රනිල්ගෙ පිළිවෙත සුපුරුදු පරිද්දෙන්ම සිදු වෙමින් පවතී.. රට තුල ඇති වූ නොසස්සුන් තාවය , අනතුරුදායක බව හමුවෙ පවා ඔහු කළබලයක් පෙන්වූයෙ නැත. සියල්ලෙහි වගකීම ජනාධිපතිවරයා හා අනෙක් වගකිව යුතු නිලධාරීන් මත පටවා ඔහු අත පිහද ගනිමි සිටී.. මේ තත්වයන් හමුවේ එජාප පාක්ෂිකයා පවා නොසන්සුන්ව සිටින බව පැහැදිලිය. එජාප නායකත්වය ජනාධිපතිවරණය හමුවෙ ගන්න පියවර කුමක් වූවත් ඒය දෙශපාලන දාම්පෙත වෙනස් කිරීමට හේතුවනු ඇති බව මේ වන විට පවතින දේශපාලන වාතාවරණය හමුවේ පැවැසිය හැකිය.
ඒ සියල්ල කෙසේ වූවත් අද රටට අවශයව ඇත්තේ පක්ෂක හෝ නායකයකු හෝ රජ කරවීම නොවේ. රට ඉල්ලා සිටින්නේ මේ අවුලෙන් රට ගලවා රටත් ජනතාවත් ඉදිරියට තල්ලු කරන පාලනයකි. ජාතියකට ආගමකට හෝ වෙනත් පක්ෂපාතිත්වයකින් තොරව සමස්ත රට ගලවා ගත හැකි දේශපාලන නායකත්වයක් වැඩ පිලිවෙලක් රටට අවශ්‍ය බව බහුතරයේ කැමැත්ත බව අද පැහැදිලි කාරනාවකි.
2015 දී රාජපක්ෂ රෙජීමය පරදවීමට රටේ බහුතර ජනතාව තීරණය කළේ සිරිසේනව රජ කරවන්නවත් එජාප ආණ්ඩුවක් පිහිටුවා ගැනීමටත් හෝ නොවේ..එදා ඉල්ලීම වූයේ මිනිස් නිදහස මුල් කර ගත් පිරිසිදු පාලනයකි. යහපාලනය නමින් ඒ නම් කෙරිනි. දේශපාලන හා අර්ථික ප්‍රතිසංස්කරණ යොජනා රැසක් ඒ තුල තිබිණි. 2015 ජනවාරි 08 වනදා සිදුවූ බල හුවමාරුව මේ යෝජනා මුලු මනින්ම ක්‍රියාත්මක කිරීමට තරම් වගවීමක් පාලකයන් නොදැක්වු නමුත් රටක් ලෙස ජයග්‍රහණයක් ගනනාවක් අත්පත් කර ගැනීමට සමත් වූ බව කුහකකමින් තොර ඕනෑම අයකුට පිළිගැනීමට හැකිය.. තව දුරටත් ජනවාරි 08 බලාපොරොත්තු ඉටුකර ගැනීම වෙනුවෙන් ඉල්ලීමක් බලපෑමක් සමාජය වෙතින් ඉදිරිපත් වෙමින්ද පවතී.. මේ නිසා ජනවරි 08 අපේක්ෂාවන් පරාජය වී ඇති බව කෙනෙකු කියනවා නම් ඒ පිස්සෙක් නැත්නම් කුහක තක්කඩියෙකි. ජනවාරි 08 ඉල්ලීම් තවමත් වලංගුය.. ඒ සටන තවමත් ක්‍රියාත්මකය. 2019 ජනාධිපතිවරණ සටන විය යුත්තේ එම ඉල්ලිම් ඉදිරියට තල්ලු කරමින් එය ජයග්‍රහණය කරවන්න ශක්තිමත් වැඩපිලිවෙලක් දිනවීම වෙනුනෙි. ' දිනන්න පුලුවන් අපේක්ෂකයා' රැගෙන ආ යුත්තේ එම වැඩපිළිවෙල මිසක් තමන්ගේ අපේක්ෂාවන් හෝ පක්ෂයක අපේක්ෂාවන් නොවේ.
මේ කරුණ පසෙකලා ප්‍රජාතන්ත්‍රවාදය යැයි කියමින් මැතිවරණ තැබුවාට රටටවත් ජනතාවටවත් ලැබෙන ජයග්‍රහණයක් නොමැත. රටේ තිබෙන අවුල් සහගත් තත්වයන් ගැන මේ වකවානුවෙදී තරම් සාකච්ඡාව ගැනුනු කාලයක් ඉහිහාසයෙ තිබුණේ නැත.. සමස්ත ජනතාවගෙ පොදු යහපත පිණිස විය යුත්තෙ මොනවාදැයි රටේ ජනතාව වඩාත් දැනුවත්ව සිටින සමයක ඒ පොදු යහපත පිනිස ශක්තිමත් විශ්වාසදායක වැඩපිළිවෙල ඉදිරිපත් කරන අපේක්ෂකයාට දින්න පුලුවන් වීම කිසි සේත් අහම්බයක් වන්නෙ නැත. ඉදිරි ජනාධිපතිවරණය යනු ජනතාව වඩාත් දැනුවත්ව ඡන්දය ප්‍රකාශ කරන ජනාධිපතිවරණයද විය හැකිය.