2012 වසරේදී මෙරට මුලින්ම ඇරඹුණු මෙම රංග කලා උළෙල ලෝකයේ විවිධ රටවල් සහ මෙරට කලාකරුවන්ගේ නිර්මාණ එකම වේදිකාවකට ගෙනඒමට නියමිතව ඇත. මීට අමතරව නාට්‍ය කලා වැඩමුළුද පැවැත්වේ.
මෙම රංග කලා උළෙලේ අරමුණ වන්නේ ජාත්‍යන්තර කලාකරුවන්ට මෙරට පිවිසීමට අවස්ථාව දීම හරහා මෙරට නිර්මාණකරුවන්ගේ හැකියාවන් වැඩි දියුණු කරගැනීමට අවස්ථාව ලබාදීම සහ ලංකාවේ ප්‍රේක්ෂකයන්ටද වෙනස් අත්දැකීමක් ලබාදීමයි.