කෝච්චිය ඇල කර මගියා බේරා ගනී

Published in අනං මනං
Thursday, 07 August 2014 11:02

දුම්රිය වේදිකාව සහ දුම්රිය අතර පාදයක් සිරවූ මගියෙකු බේරාගැනීමට දුම්රියේ සිටි අනෙකුත් මගීන් දුම්රිය මදක් ඉහළට එසවූ පුවතක්  ඕස්ටෙ‍්‍රලියාවෙන් වාර්තා වේ. අදාළ මගියා දුම්රියට නැගීමට සූදානම් වන විට ඔහුගේ පාදයක් අදාළ කොටසේ සිරවී ඇත.

ඔස්ටෙ‍්‍රලියාවේ පර්ත් නුවර පිහිටි දුම්රිය පළකදී මෙම සිදුවීම සුදුවී ඇති අතර අදාළ මගියා බේරාගන්නා තුරු දුම්රිය ධාවනය කිරීමෙන් වළකින් ලෙස දුම්රිය රියදුරාට උපදෙස් ලබා දී තිබේ. 

 
පසුව එම ස්ථානයට රැස්වූ මගීන් සහ දුම්රිය පළ නිලධාරීන් දුම්රිය මදක් පදවා පැත්තකට ඇල කර සිරවී සිටි මගියාව බේරාගෙන තිබේ.
ඔහුට කිසිදු තුවාලයක් සිදුවී නොමැති බවද වාර්තා වේ.

පහත දැක්වෙන්නේ එම සිදුවීමේ වීඩියෝ පටයයි.
 

ld add copy

Latest News

අද (18) සහ හෙට (19) විශේෂ දුම්රිය සේවයක්

අද (18) සහ හෙට (19) විශේෂ දුම්රිය සේවයක්

අලුත් අවුරුද්ද සඳහා ගම් බිම් කරා ගමන් කල ජනතාවට අනුරාධපුරය ,කන්කසන්තුරය ,මාතර සහ බෙලිඅත්ත සිට නැවත ප...

Connet With Us