මෙම මැයි දින රැළියේ කටයුතු වෙනුවෙන් මෙරට ප්‍රකට ව්‍යාපාරිකයකුගේ මූලිකත්වයෙන් ඊට අරමුදල් එකතු කර තිබෙන අතර ඒ වෙනුවෙන් රුපියල් කෝටි 18 කට ආසන්න මුදල් එකතු කර තිබේ. මීට අමතරව ඒ ඒ සංවිධයකවරු විසින් හා ප්‍රාදේශීය ව්‍යාපාරිකයන් මඟින් තවත් කෝටි ගනනක් මුදල් වැයවී ඇති නමුත් ඒ ගනනය කිරීමක් සිදුව නොමැත. මෙලෙස එකතුවූ කෝටි 18 න් විශාල මුදල් ප්‍රමාණයක් ප්‍රාදේශීය සංවිධායකවරු වෙත ලබා දුන් බවද ඒ අනුව මුදල් ,කෑම බීම, මත්පැන් ලබා දී විශාල පිරිසක් කොළඹට ගෙන්වා ගැනීමට හැකිවූ බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
ඒ අතර මෙලෙස මුදල් එකතු කිරීමේ මූලිකත්වය ගත් ව්‍යාපාරිකයා තමන්ගේ මුදලින් රුපියල් කෝටියක මුදලක් හා පැමිණුන පිරිස් වෙනුවෙන් 'ඇමරිකන් වෝටර්' නමින් වන වතුර බෝතල් ලක්ෂයක් ලබා දීමද සිදු කර ඇත.