කෙසේ නමුත් රාජපක්ෂ මහතා එම නිවසේ පදිංචියට පෙර යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් රැසක්ද වාස්තු විද්‍යාවට අනුව කළ වෙනස්කම් රැසක් ගැනද වාර්තා විය. එමෙන්ම එම නිවෙස් පිහිනුම් තටාකය තුල රාජපක්ෂවරුන්ගේ රත්තරන් සඟවා ඇති බවට ව්‍යාජ තොරතුරු පවා පැවසුන අතර පසුව ඒ ගැන පොලිස් පරීක්ෂණද පැවැත් විනි.
මෙම නිවස ඉක්මනින් විකුණා ගැනීමේ අදහසින් මෙහි විශ්ව ශක්තිය ඇති බවත් මහා ධන සම්පත් උදාකර දෙන හා එහි පදිංචි පුද්ගලයන්ට රාජ යෝග ලැබෙන බවත් ආදී වශයෙන් ප්‍රචාරයක් ලියනගේ විසින් මාධ්‍ය හරහා ගෙන ගියේය. කෙසේ නමුත් ඔහු බලා පොරොත්තු වු පරිදි එම නිවස විකුණා දැමීමට නොහැකි විය.
මේවන විට වෙනත් ව්‍යාපරිකයකු හා එක්වීඑ මෙම ස්ථානෙය් මහල් 18 ක නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සඳහා ව්‍යාපාරික ලියනගේ පිඹුරුපත් සකසමින් තිබේ. ඒ අනුව නුදුරේම මෙම පීකොක් මන්දිරය මුළු මනින්ම කඩා දැමීම සිදුවීමට නියමිතය.