සල්මන්ට වසර 05ක සිර දඬුවමක්

Published in අනං මනං
Wednesday, 06 May 2015 12:31

2002 වර්ෂයේ සිදු වූ හදිසි අනතුරකදී බීමත්ව රිය පදවා පුද්ගලයන් පස් දෙනෙකු අනතුරට පත්කර එක් පුද්ගලයෙකු මිය යාම සම්බන්ධයෙන් සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන් වරදකරු බව ඉන්දීය අධිකරණය තීරණය කොට තිබේ.

මීට වසර 13ට පෙර සිදු වූ මෙම අනතුරට වරදකරු වීම හේතුවෙන් සලමන්ට වසර 05ක සිර දඬුවම් හිමිව තිබේ.

වසර 13 ක් තිස්සේ ඊට අදාළ නඩු විභාගය පැවැත්වුණු අතර සල්මන් ඛාන් අධිකරණයට පවසා ඇත්තේ මෝටර් රථය පැදවූයේ තම රියදුරා  බවයි. නමුත් සල්මන් ඛාන් බීමතින් රිය පදවා මෙම අනතුර සිදු කර ඇති බව පසුව අනාවරණය වී තිබේ.

හින්දි චිත්‍රපට 80 කට පමණ රංගනයෙන් දායකවී ඇති සල්මන්  ඩාබෙන්ග්, රෙඩි, බොඩිගාර්ඩ්, එක් තා ටයිගර්, මෙනෙ ප්යාර් ක්යා, හම් අප් කී හෙයින් කූන් ආදී චිත්‍රපට අතිශය ජනප්‍රිය විය.

Last modified on Wednesday, 06 May 2015 14:57

 

ld add copy

ක්‍රීඩා

Connet With Us