ක්‍රිකට් ගැහිල්ල පැත්තක තියල සින්දු කියන බ්‍රාවෝ(video)

Published in අනං මනං
Wednesday, 06 May 2015 12:12

බටහිර  ඉන්දීය කොදෙව්  ක්‍රිකට් කණ්ඩායම  ලෝකය තුල  ජනප්‍රිය වී තිබෙන්නෙ  ක්‍රිකට් ක්‍රීඩාවට  දක්වන දක්ෂතාවය  හින්ද විතරක්  නෙමේ. කොදෙව්වන්  කියපු ගමන්  අපිට මතක් වෙන්නෙ  විනෝදයෙන් පිරි  නිහතමානී මිනිසුන්  පිරිසක්.

 ඒ  අතරින් ක්‍රිස් ගේල්  කැපී පේනවා. ඒත්  මේ කතාකරන්න හදන්නෙ  ක්‍රිස් ගැන නෙමේ.  ඒ කණ්ඩායමේම  තවත් ක්‍රීඩකයෙකු වන ඩ්වේන් බ්‍රාවෝ ගැනයි.

බ්‍රාවෝ  ක්‍රිකට් ගැහිල්ල  පැත්තක තියල  සින්දු කියන්න  පටන් අරන්.  නිකම්ම සින්දුවක්  නෙමේ හින්දි  සින්දුවක්. ඔහු මේ  දිනවල සිටින්නේ  ඉන්දියාවේ පැවැත්වෙන අයිපීඑල් තරඟ සඳහා  සහබාගි වෙමිනුයි.  

බ්‍රාවෝ පසුගිය ඉරිදා  බොම්බායේදී Chalo Chalo නම් තමන්ගෙ  හින්දි ගීතය එළි  දැක්වුවේ තවත්  ක්‍රිකට් ක්‍රීඩකයන්  රැසකගේ සහභාගිත්වයෙන්  යුතුවයි.  ඔහු මීට  පෙරත් ගීත  කීපයක්ම  ගායනා කර තියෙනවා. ඒ  විතරක් නෙමේ මේ  වෙනකොට දමිළ චිත්‍රපටයකත්  රඟපා  තියෙනවා.

bravo2

Last modified on Wednesday, 06 May 2015 12:32

 

ld add copy

ක්‍රීඩා

Connet With Us