දවල් හීන දකින්නන් වෙනුවෙන් තරඟයක්

Published in අනං මනං
Tuesday, 28 April 2015 16:16

චීනය අමුතු අමුතු තරඟ වලට ගොඩක් ප්‍රසිද්ධයි. මේකත් අලුත් වගේම වෙනස් තරගයක්. චීනයේ ටයුවාන්හි වෙළද සංකීර්ණයක පැවති මෙම තරඟයේ විශේෂත්වය වූයේ දෑස් විවර කරගෙන හැකිතාක් කාලයක් මුහුණේ ඉරියව් වෙනස් නොකර ධ්‍යානයකට සමවැද සිටින අයුරින් සිටීමයි.

මේ සඳහා සහභාගී වූ තරඟකරුවන්ට තිබූ අබියෝගය වන්නේ විවිධ විහිළු තහළු හමුවේ නොසෙල්වී , සිනහනොවී හෝ නිදා නොගෙන සිටීමයි.

මෙම තරඟයේ ජය ලැබුවේ Liang Danni නම් 24 හැවිරිදි  විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකි. ඇය පැය දෙකක කාලයක් නොසෙල්වී සිට ඇත.

තරඟයේ ජයග්‍රාහිකාවට ඇපල් සමාගමේ අලූත්ම නිෂ්පාදනය වන ඇපල් අත් ඔරලෝසුවක් තෑගි ලැබී තිබේ.

තරග සංවිධායකයින් පසුව අදහස් පළකරමින් සදහන් කළේ මෙය හුදෙක් ඇපල් අත් ඔරලෝසුවක් තෑගි දීමේ අරමුණින් නොව ඉතාම කාර්යබහුල දිවිපෙවෙතක් ගතකරන චීනය ජනයාගේ මානසික ආතතිය යම්තාක් දුරට හෝ අඩු  කිරීමට ගත් උත්සාහයක් බවයි.

chaina1

chaina2

chaina3

chaina4

chaina6

chaina7

 

ld add copy

ක්‍රීඩා

Connet With Us