ඉරාන පිරිමින්ට හැඩවීම තහනම්

Published in අනං මනං
Tuesday, 28 April 2015 13:04

පුරුෂ රූපලාවණ්‍ය ලෝලීන්ගේ ඇහිබැම හැඩ කිරීමෙන් සහ ඔවුන්ගේ ශරීර මත පච්ච කෙටීමෙන් වැළකී සිටින ලෙස ඉරාන කරනවෑමීන් වෙත අනතුරු හැඟවීමක් කර තිබේ.

ඇහිබැම හැඩ ගැන්වීම කාන්තාවන් අතර මෙන්ම මෑත කාලයේදී පුරුෂයන් අතරද ඉතා ජනප්‍රිය වී ඇති නමුත් එය රටේ ඉස්ලාමීය මූලධර්මයන්ට පටහැණි බවයි ඉරාන කරනවෑමීන්ගේ සංගමය සිය සාමාජිකයන්ට දැනුම් දී ඇත.

දෑතේ සහ දෙපයේ රෝම ඉවත් කිරීම ඇතුළු බටහිර පන්නයේ යැයි සැලකෙන රූපලාවණ්‍ය කටයුතුවලින් පුරුෂ විලාසිතා ලෝලීන් ඈත් කර වීමට මෑතදී ඉරාන බලධාරීහු කිහිපවරක්ම උත්සාහ කළහ.

 (bbc)

Last modified on Tuesday, 28 April 2015 13:05

 

ld add copy

ක්‍රීඩා

Connet With Us