අභ්‍යාවකාශයට කසළ ප්‍රශ්නයක්

Published in අනං මනං
Wednesday, 22 April 2015 12:19

අභ්‍යාවකාශයේ අපද්‍රව්‍ය විනාශ කිරීමට අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට ලේසර් කිරණ අවියක් සවිකිරීම සම්බන්ධයෙන් විද්‍යාඥයින්ගේ අවධානය යොමුව තිබේ.

මේ සම්බන්ධ පර්යේෂණ පති‍්‍රකාවක් ඉදිරිපත් කිරීමට දැනටමත් පියවර ගෙන තිබෙන අතර එය පසුපස සිටින්නේ ජපාන විද්‍යාඥයින් කණ්ඩායමකි.අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය හා සම්බන්ධ කර තිබෙන ජපානයට අයත් ඒයූඑස් ඕ දුරේක්ෂය මේ සදහා සහයට යොදාගත හැකි බව ඔවුන්ගේ අදහසවී ඇත.

ඔවුන්ගේ සැලැස්මට අනුව දුරේක්ෂයෙන් හදුනාගන්නා අභ්‍යාවකාශයේ ඇති අපද්‍රව්‍ය අනතුරුව ලේසර් කිරණ අවියෙන් විනාශ කිරීම සිදුවේ.

ගණන් බලා ඇති ආකාරයට මිනිසා එක් කරන ලද අපද්‍රව්‍ය 22000 කට අධික ප‍්‍රමාණයක් අභ්‍යාවකාශයේ පාවෙමින් තිබෙන අතර ඒවා අභ්‍යාවකාශයේ ස්ථාන ගත කර තිබෙන චන්ද්‍රිකා ආදියට මෙන්ම පහළ පෘථිවියටද තර්ජනයකි.මෙනිසා එවැනි අපද්‍රව්‍ය අභ්‍යාවකාශයෙන් ඉවත් කිරීම හෝ විනාශ කිරීම හෝ අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බව විද්‍යාඥ මතයයි.

(lankadeepa)

 

Last modified on Wednesday, 22 April 2015 12:19

 

ld add copy

ක්‍රීඩා

Connet With Us