නයිජීරියානු දැරියන් පැහැරගෙන වසරයි

Published in අනං මනං
Wednesday, 15 April 2015 09:37

‘බොකෝ හරාම්’ සටන්කරුවන් විසින් දෙසීයකට වැඩි නයිජීරියානු පාසල් දැරියන් පැහැර ගනු ලැබ වසරක් ගත වීම ලොව පුරා ඊයේ දින අනුස්මරණය කෙරිණි.

පැහැර ගැනීමට ලක් වූ දැරියන් නැවත දෙමව්පියන් වෙත රැගෙන ඒම සඳහා සිය උපරිම බලය යොදන බව නයිජීරියානු නව ජනාධිපති මුහම්මාදු බුහාරි පවසා තිබේ.

නමුත් ඒ අතර සිටින ඇතැම් දැරියන් කිසිදා හමු නොවනු ඇති බවත් ඔහුගේ අදහසයි.

පාසල් දැරියන් පැහැර ගෙන ගොස් වසරක් ගත වීම අනුස්මරණය කිරීම පිණිස ආබුජා අගනුවර සංවිධානය කර ඇති රැළියට සහභාගී වීම සඳහා ජනතාව එක් රැස් වූ බව වාර්තා වේ.

දෙසීයකට අධික පාසල් දැරියන් අනුස්මරණය කිරීම සඳහා නයිජීරියාවේ සෙසු නගර තුළ සහ ලොවපුරා නොයෙකුත් ස්ථානවල අනුස්මරණ උත්සව පැවැත්විණි.

 

ld add copy

ක්‍රීඩා

Connet With Us