මලාලා නමින් ග්‍රාහකයක්

Published in අනං මනං
Sunday, 12 April 2015 09:30

කාන්තා අධ්‍යාපන අයිතිය වෙනුවෙන් පාකිස්තානයේදී තලේබාන් ප්‍රහාරයකට ලක්ව, පසුව නොබෙල් සාම ත්‍යාගයෙන් පවා පිදුම් ලැබූ මලාලා යූසුෆ්සායි නමින් ග්‍රාහකයක් නම් කර ඇති බව වාර්තා වෙයි.

ඇය වෙත කරන ගෞරවයක් ලෙස ඇගේ නමින් මෙසේ ග්‍රාහකයක් නම් කර ඇති අතර, එය ප්‍රමාණයෙන් කිලෝමීටර් 4ක් පමණ විශාලත්වයෙන් යුතු ග්‍රාහකයකි.

අඟහරු හා බ්‍රහස්පති ග්‍රහයා අතර පිහිටා ඇති මලාලා යූසුෆ්සායි ග්‍රාහකය සෑම වසර පහ මාරකට වරක්ම හිරු කක්ෂය වටා ගමන් කරයි.

නාසා ආයතනයේ ආමි මෙයින්සර් විසින් 2010 වසරේදී සොයාගෙන තිබූ 316201 ලෙස මීට පෙර හැඳින්වුණි.

ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමයේ නිතිරීති අනුව මලාලාගේ නමින් එය නම් කිරීමට එය සොයාගත් මෙයින්සර්ට හැකියාව පවතින නිසා, 17 මලාලාට කරන ගෞරවයක් ලෙස මෙයින්සර් මෙම නම් කිරීම කර ඇති බවද වාර්තා වෙයි.

(ada)

ld add copy

Latest News

අද පායනවාද ? වහිනවාද ?

අද පායනවාද ? වහිනවාද ?

උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Connet With Us