ලෝකයේ ඇති අමුතු අවන්හල්

Published in අනං මනං
Wednesday, 04 March 2015 16:26

ලෝකෙ තියෙන බොහොමයක් අවන්හල් උත්සාහ කරන්නෙ එකිනෙකට වෙනස් අත්දැකීම් තමන්ගෙ අමුත්තන්ට ලබාදෙන්න. නමුත් මේ අවන්හල් කීපයේ දකින්න ලැබෙන වෙනස නම් වෙන කිසිම අවන්හලකින් විඳින්න ඔබට බැරිවෙයි.


Heart attack cafe

rest1

මේ අවන්හලේ නමත් අමුතුයි නේද? මේ අවන්හලේ තේමාව රෝහල. නමුත් මේකෙ තිබෙන කෑම හැම එකක්ම වගේ අධික කැලරි සහිත ඒවායි. ඒවගේම කෑම පිළිගන්වන්නේ හෙදියන් ලෙස සැරසුණු වේටර් වරියන්


Robot Restaurant

rest2

චීනයේ පිහිටලා තියෙන මේ අවන්හලේ කෑම පිළිගන්වන්නේ රොබෝලා. ඒ විතරක් නෙමේ කෑම උයන්නත් රොබෝලා සහය වෙනවා. මේ රොබෝලා පැය පහක් පමණ එක දිගට වැඩ කරනවා. ඊටපස්සේ මේ ගොල්ලන්ව charge කරන්න වෙනවා පැය දෙකක් පමණ.

Dinner in the Sky

rest3

බෙල්ජියමේ පිහිටලා තියෙන මේ අවන්හල පිහිටලා තියෙන්නෙ අහසෙ. ක්‍රේන් එකක් ආධාරයෙන් එල්ලලා තියෙන මේ අවන්හල පොළොවේ ඉඳල 40m උසකින් පිහිටනවා .

Hibaritei Cafe

rest4

මේ අවන්හලේ කෑම පිළිගන්වන වේටර්වරුන් සියලු දෙනා සැරසී සිටින්නේ කාන්තාවන් ලෙසිනුයි.

Lucky Hotel

rest5

මේ හෝටලය තුල සොහොන් 22ක් පිහිටලා තියෙනවා. ඉන්දියානු ආහාර පිළිගන්වන මේ අවන්හල පිහිටලා තියෙන්නෙ අහමදාබාද්වල.

Toilet restaurant

rest6

මේ අවන්හලේ තිබෙන හැම අංගයක්ම නිර්මාණය කරලා තියෙන්නෙ වැසිකිළියක දකින්න ලැබෙන උපකරණ විදියට. ඉඳගන්න තියෙන්නෙ කොමඩ් එකක් විදියට හදපු පුටු. ඒ වගේම කෑම පිළිගන්වන්නෙත් කොමඩ් එකක් ලෙස නිර්මාණය කරපු භාජනවල.

Opaque Cafe

rest7

මේ අවන්හලේ වැඩකටයුතු සිදුවන්නේ තනිකරම අඳුරෙ. ඒ වගේම පිළිගන්වන වේටර්වරු අන්ධයි.

jail-themed restaurant

rest8

මේ අවන්හලට යන අමුත්තන්ට සිද්ධ වෙන්නෙ සිරගත වෙන්න. නමුත් ඒ කෑම ගැනීම සඳහා පමණයි. කෑම ගැනීම සඳහා සිර මැදිරි ලෙස නිර්මාණය කරපු කුටි විශාල ප්‍රමාණයක් මේ අවන්හලේ තියෙනවා.

Cabbages and Condoms restaurant

rest9

මේ අවන්හලේ වේටර්වරු කොන්ඩම් එකක් තමන්ගෙ හිසේ පැළඳගෙන තමයි කෑම පිළිගන්වන්නෙ. මේ විදියට කොන්ඩම් පැළඳීමට හේතුව වෙන්නෙ ආරක්‍ෂිත ලිංගික එක්විම් පිලිබඳ දැනුවත් කිරීමයි.

Twin Stars restaurant

rest10

මොස්කව් නගරයේ පිහිටලා තියෙන මේ අවන්හලේ සෑම වැඩ කටයුත්තකම ඉටුකරන්නෙ නිවුන්නු විසින්.

 

ld add copy

ක්‍රීඩා

Connet With Us