සුකීගේ ගේට්ටුව වෙන්දේසියේ

Published in අනං මනං
Saturday, 31 January 2015 13:10

බුරුම විපක්ෂ නායිකා ඕන් සාං සුචී වසර ගණනාවක් නිවාස අඩස්සියේ සිර කර තැබූ නිවසේ ගේට්ටු වෙන්දේසියේ විකිණීමට තීරණය කොට තිබේ.

ඇයගේ නිවසේ අංකය පිඟන් ගඩොලින් නිමවා ඇති කහ සහ රතු පැහැති යකඩ ගේට්ටුවට මේ වන විට ඩොලර් ලක්ෂ දෙකක මුදලට ගැනුම්කරුවන්ගෙන් ඉල්ලුමක් ලැබී ඇති බවයි විපක්ෂයේ සාමාජිකයකු පවසා ඇත.

මේ ගේට්ටුවේ ඇති කහ සහ රතු පැහැති වර්ණ ගැන්වීම පසු කලකදී මියන්මාර හමුදා පාලකයන්ට එරෙහි සංකේතයක් බවට පත් වී ඇත. එම නිසා මෙම ගේට්ටුවට විශේෂ වටිනාකමක් ද හිමි වී තිබෙනවා.

ගේට්ටුව විකිණීමෙන් ලැබෙන මුදල පක්ෂය වෙනුවෙන් නව මූලස්ථාන ගොඩනැගිල්ලක් ඉදි කිරීම වෙනුවෙන් වෙන් කිරීමට නියමිත බව පැවසේ.

ඕන් සාං සුචී මෙම ගේට්ටුව අබියස සිට කිහිප වරක් පක්ෂයේ සිය ආධාරකරුවන් අමතමින් දේශන පැවැත්වූවාය. ඇය නිවාස අඩස්සියෙන් 2010 වර්ෂයේ නිදහස ලැබූ පසු ආධාරකරුවන් අමතමින් සිය සතුට බෙදගත්තෙත් මේ ගේට්ටුව අබියස සිටිමිනි.

නිවාස අඩස්සියෙන් නිදහස් වීමෙන් පසු විපක්ෂ නායිකාව සිය නිවසේ පැරණි ගේට්ටුව වෙනුවට නව ගේට්ටුවක් සවි කිරීමට කටයුතු කර තිබේ.

gate1

 

ld add copy

Latest News

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

ඡන්දය ගණන්කිරීම සිදුවන අවස්ථාවේදී ටෙලිවිෂන් හෝ විශාල තිර යොදාගෙන පාරවල් අසල එක්රැස් වී වැඩසටහන් නැරඹ...

ක්‍රීඩා

Connet With Us