size එක ප්‍රශ්නයක් නැති නිරූපිකාව

Published in අනං මනං
Thursday, 29 January 2015 15:36

නිරූපිකාවක් කියපු ගමන් අපි හැමෝටම මතක් වෙන්නෙ සිහින් සිරුරක් තියෙන උස යුවතියක්.

 ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර වාසය කරන Tess Munster ගොඩක් තරබාරුයි. නමුත් ඇගේ සිහිනය උනේ නිරූපිකාවක් වීමයි.

සාමාන්‍යයෙන් නිරූපිකාවක් වීමට නියමිත උසක් සහ  සිරුරේ ප්‍රමාණයක් තිබිය යුතුයි. ඒත් ඇගේ සිරුරේ ප්‍රමාණය හෝ උස එක්ක බැලුවම නිරූපිකාවක් වීම  සිහිනයක් පමණක් බව බොහෝ දෙනාගේ අදහස උනා.

නමුත් ඇය අවසානයේ තමන්ගෙ සිහිනයට ලඟා උනා. මේ වනවිට ඇය ලංඩනයේ ප්‍රකට නිරූපණ සමාගමක්  සමඟ ගිවිසුම් වලටත් එළඹ අවසන්.

ඒවගේම Tess Munster සමාජ ජාල හරහා සිරුරේ හැඩය පිළිබඳ වැරදි මතයන්ට විරුද්ධව විශාල ප්‍රචාරයක් ගෙන යනු ලබනවා.

plus-size-model1

plus-size-model2

plus-size-model3

plus-size-model4

plus-size-model5

 

ld add copy

ක්‍රීඩා

Connet With Us