වාමාංශිකයන් මැරුවේ කවුද? සෝමවංශ - තිස්සවිතාරණ ගැ‍ටුමක්

Published in අනං මනං
Tuesday, 27 January 2015 12:14

ඊයේ(26) ඉන්දීය ජනරජ දිනය නිමිත්තෙන් කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පැවැත්වූ උත්සවයට සහහාගී වී සිටි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා හා ලංකා සමසමාජ පක්ෂයේ නායක තිස්ස විතාරණ මහතා අතර අතපය හරස් කර ගැනීමක් දක්වා දුර දිග ගැ‍ටුම හටගෙන තිබේ.

මෙම ගැ‍ටුමට හේතු වී තිබුණේ සෝමවංශ අමරසිංහ මහතා ජනාධිපතිවරණයේදී සමසමාජ පක්ෂය ගත් තීරණය වැරදි බව තිස්ස විතාරණ මහතාට පැවැසීම හේතුවෙනි.

එහිදී තමන් ගත් තීරණය නිවැරදි බවත් ජවිපෙ ගත් තීරණය වැරදි බව ළඟදීම පෙනෙනු ඇති බවත් විතාරණ මහතා පැවැසීය. මේ වාදය ටිකක් දුර දිග යාමෙන් අනතුරුව විතාරණ මහතා තරමක් කේන්තියෙන් පැවැසූවේ අපි මොනව කරත් වාමාංශිකයන් මැරුවේ නැති බව පවසා විතාරණ මහතා එතැනින් පිටව යාමට උත්සහ ගනිද්දි අමරසිංහ මහතා තිස්ස විතාරණමහතා ගේ අතින් ඇද නවත්වා.. 'අපිත් වාමාංශිකයන්ව මැරුවෙ නෑ ..ඒ ගැන මන් දැන් පොතක් ලියාගෙන යනවා.. වාමාංශිකයන්ව මැරුවේ කවුද කියලා හෙළි කරන්වා.."ආදී වශෙන් පැවසීය..

මේ වාදය තරමක් සැඩ පරුෂ වී අතින් පයින් ගහ ගන්න තරමට දුර දිග යන බවක් පෙනී යාම නිසා අසල සිටි කිහිප දෙනෙකු මැදිහත්ව දෙදෙනා දෙපසට කළහ.

වළ පයයි ගොඩ පයයි තියාගෙන හිටියත් මේ වාමංශික නායකයන්ගේ විප්ලවවාදී ජීව ගුණයෙන් නම් තවමත් අඩුවක් නැතැයි යනුවෙන් තවත් දේශපාලන පක්ෂ නායකයකු එතැනදි පැවැසීය.

 

ld add copy

ක්‍රීඩා

Connet With Us