බිෂොප් පදවියට පත් ප්‍රථම කාන්තාව

Published in අනං මනං
Tuesday, 27 January 2015 11:46

එංගලන්ත සභාවේ ප්‍රථම වරට බිෂොප් පදවියකට පත් වූ පුජකවරියගේ පූජ්‍ය පදවි ප්‍රාප්තිය එංගලන්තයේ යෝර්ක් දෙවස්ථානයේ දී සිදු විය.

සම්ප්‍රදායට අනුව පූජකවරුන් පමණක් බිෂොප් පදවිය දැරූ අතර පූජකවරියන්ටත් එම පදවිය දැරීමට ඉඩ ලබා දීමට මීට සය මසකට පෙර එංගලන්ත සභාව තීරණය කළේය.

මේ අනුව හතළිස් අට හැවිරිදි ලිබි ලේන් පුජකවරිය ස්ටොක්පොර්ට් හි බිෂොප් වරිය ලෙස නිල වශයෙන් පදවි ප්‍රාප්ත විය. විවාහක කාන්තාවක් වන ඇය දරුවන් දෙදෙනෙකුගේ මවකි.

එංගලන්ත සභාව මුලින්ම කාන්තාවකට පූජක වරය ලබා දුන්නේ 1994 දී වන අතර ලිබි ලේන් පූජකවරිය 2007 සිට සාන්ත පීටර්ස් හේල් සහ සාන්ත එලිසබෙත් ඈශ්ලි හි ප්‍රදේශ භාර දේවගැතිවරිය ලෙස කටයුතු කර තිබේ.

crist1

crist2

crist4

crist5

 

ld add copy

ක්‍රීඩා

Connet With Us