එම ගීතයේ රචනය හා තනු නිර්මාණකාරිණියද අැයමය. ඇගේ මෙම ගීතය මෙරට ගීත දර්ශකයකවලද සති කිහිපයක් පුරාවට ප්‍රථම ස්ථානයේ රැඳී තිබිණි.
පසුගිය වසරේ පැවැති හොලිවුඩ් මියුසික් ඉන් මීඩියා අවෝඩ්හිදී ඇගේ ගීතයක් එහි නිර්දේශිත ලයිස්තුවටද ඇතුළත් විය. එසේම ඇමරිකා එක්සත් ජනපදයේ නැඟී එන හොඳම ගායක ගායිකාවන් සිය දෙනා අතරටද ඇය මේ වනවිට පිවිස ඇත. වෘත්තියෙන් වෛද්‍යවරියක් වන ඇය ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටී.