විවාහ වී වසර 50 කට පසු යලි විවාහ වේ

Published in අනං මනං
Thursday, 09 October 2014 10:40

මීට වසර පනහකට ඉහතදී විවාහ වී සාර්ථක යුග දිවියක් ගත කළ අඹුසැමි යුවළක් ඊයේ  (08දා) අනුරාධපුර පිහිටි ශාන්ත ජෝශප් ආසන දෙව්මැදුරේදී චාරිත්‍රානුකූලව නැවතත් විවාහ දිවියට ඇතුළත් වූහ.

අංක 05 ප්‍රීමන් මාවත අනුරාධපුර ලිපිනයේ පදිංචි හිටපු නගර නිර්මාණ ශිල්පියෙකු වන, 82 හැවිරිදි ඩබ්.බී ප්‍රනාන්දු මහතා හා 71 හැවිරිදි ඔහුගේ බිරිඳ වන රීටා මාලනී ප්‍රනාන්දු මහත්මිය යුග දිවිය වසර 50 ක් පිරීමෙන් අනතුරුව නැවතත් සිය විවාහය අලුත් කර ගැනීම මෙසේ සිදුකෙරුණි.

අගරදගුරු නෝබට් අන්ද්‍රාදි හිමිපාණන්ගේ හා ශාන්ත ජෝශප් ආසන දෙව්මැදුරේ මීසම භාර ඇලෙක්ස් ජෝයි ප්‍රනාන්දු පියතුමන්ගේ ආශීර්වාදය මධ්‍යයේ මෙසේ නැවතත් විවාහ දිවියට ඇතුළත් වූහ.

මෙම යුවළ මේ වනවිට දරුවන් සිවුදෙනෙකුගේ මාපියන් වන අතර, මුණුබුරු මිනිබිරියන් හත්දෙනෙකුගේ මුත්තණුවන් සහ මිත්තණියයි.

(අද)

1215

2822

2822

ld add copy

Latest News

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ කලක සිට පවතින තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සියලු ර...

Connet With Us