iPhone 6 එකකට නංගිව දුන්න අයියෙක්

Published in අනං මනං
Wednesday, 24 September 2014 10:45

සිය නැගණිය විවාහ කර දීම සදහා දෑවැද්ද ලෙස iPhone 6 එකක් ලබාගත් පුද්ගලයෙක් ගැන සෞදි අරාබියෙන් වාර්තා වෙයි.

සෞදි සම්ප්‍රදායට අනුව මනාලයාගේ පාර්ශවයෙන් මනාලියට දෑවැද්ද ලබාදෙන අතර මෙහිදී මනාලියගේ පියාට සහ සහෝදරයාට ද ඇතැම් තෑගි ලබාදිය යුතු වෙයි.මෙම තෑගි ඉල්ලා සිටීමේ අයිතිය තරුණියකගේ පියාට සහ සොහොයුරාට හිමිව තිබේ.

මෙම අයිතිය තහවුරු කරමින් එක්තරා පුදාගලයෙක් සිය නැගණිය විවාහ කර ගැනීමට පැමිණි පුද්ගලයාගෙන් iPhone 6 එකක් ඉල්ලා ඇති අතර ඔහුගේ පියා ඉල්ලා ඇත්තේ මුදල් බව විදෙස් වාර්තා කියයි.

පසුව මෙම පුද්ගලයා iPhone 6 එකක් ලබාදීමට මේ වනවිට එකග වී ඇති අතර නුදුරේදීම මෙම තරුණියගේ විවාහ උත්සවය පැවැත්වීමට නියමිත බව ද සෞදි වාර්තා කියයි.

(lfn.lk)

ld add copy

Latest News

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ කලක සිට පවතින තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සියලු ර...

Connet With Us