ස්වේතා බාසු 'ගණිකාවක්' කලේ සමාජයයි -දීපිකා

Published in අනං මනං
Tuesday, 16 September 2014 10:43

ගණිකා වෘත්තියේ නියැළිමේ චෝදනාව මත අත් අඩංගුවට පත්වු ඉන්දීය නිළි ස්වේතා බාසු වෙනුවෙන් පෙනී සිටින බව සුපිරි නිළි දීපිකා පදුකෝන් කියයි.

පසුගියදා ඉන්දීය පුවත්පතක් වෙත අදහස් දක්වමින් ඇය සදහන් කර තිබුණේ ස්වේතා බාසු දෙස වැරදි ඇසකින් නොබැලිය යුතු බවයි.

ඇය එම තත්වයට පත්වීමට පෙර ප්‍රවිණ අනිකුත් නිළියන්ට ඇය වෙනුවෙන් මැදිහත් වීමට ඉඩ තිබු බව දීපිකා පදුකොන් සදහන් කරයි.මේ නිසා මින් ඉදිරියට ඇය වෙනුවෙන් තමන් පෙනී සිටින බව දීපිකා පවසා තිබේ.

ගණිකාවක ලෙස හැසිරීම නිළියකට නොගැලපෙන කටයුත්තක් බව පිලිගන්නා දීපිකා සදහන් කර ඇත්තේ ස්වේතා එම තත්වයට පත්කර ඇත්තේ සමාජය විසින් බවයි.

ස්වේතා බාසු නම් 23 හැවිරිදි ඉන්දීය නිළිය පසුගිය 2වනදා ගණිකා වෘත්තියේ යෙදී සිටියදී අත් අඩංගුවට පත්විය.

ඇය එක් රැයක ඉන්දීය රුපියල් ලක්ෂයක් (ශ්‍රිලංකා රැපියල් ලක්ෂ 3ක් ) අයකරන බවට ද තොරතුරු හෙළිව තිබේ. සිය වෘත්තියට අගෞරව වන ආකාරයෙන් හැසිරීමේ චෝදනා මත ඇය මේ වනවිට පිරිවාස භාරයේ රදවා සිටියි.

( lfn.lk )

ld add copy

Latest News

ලෝක වෙළඳපොළේ ඇලුමිනියම් මිල ඉහළම අගයට පැමිණෙයි

ලෝක වෙළඳපොළේ ඇලුමිනියම් මිල ඉහළම අගයට පැමිණෙයි

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ඇලුමිනියම් නිෂ්පාදන සමාගම් දෙකකට ප්‍රහාර එල්ල වීමත් ස...

Connet With Us