පෙම්වතා කෙල්ලන් ගෙන් බේරාගන්න පෙම්වතී යෙදු උපාය ?

Published in අනං මනං
Tuesday, 09 September 2014 10:54

මිතුරන් සමග නිවාඩුවක් ගත කිරීම සදහා යන සිය පෙම්වතා වෙනත් කාන්තාවන්ට සමීප වීම වැලක්වීමට පෙම්වතියක් උපායක් යොදයි.

සිය 24 හැවිරිදි පෙම්වතා සමග එංගලන්තයේ එක්ව වාසය කරන මෙම 20 හැවිරිදි පෙම්වතිය ස්පාඥ්ඥයේ ල්බිසා දුපත්වලට විනෝද චාරිකාවක් යාමට සුදානමින් සිටින සිය පෙම්වතාට අපුරු ටී ෂර්ට් එකක් පිරිනමා තිබේ.

එය මෙම තරුණිය විසින් සිය පෙම්වතා  වෙනුවෙන් විශේෂයෙන් සැකසුවකි. එහි ඔවුන් දෙදෙනා පෙනී සිටින ඡායාරූප මුද්‍රණය කර අපුරු වැකියක්  ද ලියා තිබේ. “මම මගේ පෙම්වතිය වන ඇබීට ගොඩාක් ආදරය කරමි.මේ නිසා ල්බිසා දුපත් වල ගැහැණු ළමුන් මට අවශ්‍ය නොවේ. කරුණා කර මට සමීප වන්නට එපා “ යන තේරුම සහිත ඉංග්‍රිසි වැකියක් එහි සදහන් කර තිබේ.

මුලින් සිය පෙම්වතා වෙනුවෙන් විහිළුවට තමන් එය දුන් බව ඇබී නම් මෙම පෙම්වතිය කියයි.එය දුර දිග නොසිතා කළ ක්‍රියාවක් බව පවසන ඇය මෙම ත්‍යාගය පෙම්වතාට දුන් පසු ඔහු එම ටී ෂර්ට් එක ඇදගෙන  ලාබාගත් ඡායාරූප අන්තර් ජාලයට යොමු කළ බව ඇය කියයි.

මේ වනවිට එම ඡායාරූප අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇති බවද දැන් ලිබ්සා දුපත්වල පමණක් නොව මුළු ලෝකයේම තරුණියන්ගෙන් සිය පෙම්වතා ආරක්ෂා කරගත හැති බවත් ඇය කියා තිබේ.

lfn.lk

Last modified on Tuesday, 09 September 2014 10:56

ld add copy

Latest News

ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් දහසක්

ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් දහසක්

2026 වර්ෂය තුළදී ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් දහසක් යොමු කිරීමට ශ්...

Connet With Us