ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

Published in Gossip
Saturday, 13 July 2024 14:10

සුරාබදු ආදායම පනත යළි සංශෝධනය කරමින්, මත්පැන් වලින් ලැබෙන රාජ්‍ය බදු ආදායම වැඩි කරගැනීමට රජය සුදානම් වන බව වාර්තා වී තිබිණි.

කෙසේ නමුත් මේ පිළිබඳව පසුගියදා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදි සාකච්ඡාවට ගත් මොහොතේ දී මැත් පැන් මිළ ඉහළ යෑම නිසා නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතය වැඩි වී ඇති බවත් එම නිසා ඒ පිළිබඳ තීරණයක් ගත යුතු බව මන්ත්‍රී මධුර විතාන මහතා ජනාධිපතිවරයාගේ අවධානය යොමුකර තිබිණි..

“මේකට හොඳම දේ ගල් අරක්කුවල මිල අඩුකරන එකයි” යනුවෙනද් ඔහු පවසා තිබිණි. එය එස්.බී. දිසානායක මන්ත්‍රීවරයාද අනුමත කර ඇත.
ඒ මොහොත් ජනාධිපතිවරයා පවසා ඇත්තේ, “අපි ඒකට මොනව හරි කරන්න බලමු. මම ඒ ගැන අයි.එම්.එෆ් එකත් එක්ක කතා කරන්නම්.” යනුවෙනි.

මේ අනුව ඉදිරියේ දී ගල් අරක්කු මිළ අඩු කිරීමක් බොහෝ විට සිදු විය හැකිව තිබේ.

කොහොම නමුත් රජයේ බදු ආදායම් වැඩි කරගැනීම සම්බන්ධයෙන් මුල්‍ය අරමුදලේ නිර්දේශ සමග වන එකඟතා අනුව බදු ලිහිල් කිරීමට තීන්දුවක් ගැනීම රජයට ඒකමතිකව සිදු කළ නොහැකිය. මෙරට ආර්ථිකය ස්ථාවර කර ගැනීම වෙනුවෙන් රජය සැපිරිය යුතු ඉලක්කයන් අතර රාජ්‍ය ආදායම් ඉලක්කයන්ද වේ. මුල්‍ය අරමුදලේ සහය මෙරටට ලැබෙන්නේ එම ඉලක්කයන් සපුරාගැනීමට සාපේක්ෂවය.

Leave a comment

 

ld add copy

Connet With Us