රෝහිතට කරදර කරන කේක් නෝනා

Published in Gossip
Wednesday, 21 February 2024 12:40

කලුතර "කේක් නෝනා" නැමැති කාන්තාවක් සමාජ මාධ්‍යයේ පළ කරන සටහන් නිසා තම වරප්‍රසාද කඩවී ඇති බව පොදු ජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පාර්ලිමේන්තුවට වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් පවසා තිබේ.

මේ අයුරින් සමාජ මාධ්‍ය හරහා විවිධ සටහන් තබා ඇති මෙම කාන්තාව නිසා තමාට ජීවිත තර්ජන ඇති වී තිබෙන බවත් සදහන් කලේය.

එමෙන්ම මෙම කාන්තාව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ටද අපහාස වන අයුරින් සටහන් තබා ඇති බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.

2015 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයටද ඉල්ලූ මෙම කාන්තාව "කේක් නෝනා" යැයි කියූ විට කවුරුත් දන්නා බවද හෙතෙම පැවසීය.

රෝහිත අබේගුණවර්ධන හොරෙක් බවත් වහාම අත්අඩංගුවට ගත යුතු බවත් එම ෆේස්බුක් සටහන් වල සඳහන්ව ඇති බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේය.

Last modified on Wednesday, 21 February 2024 12:47

Leave a comment

 

ld add copy

Latest News

Connet With Us