කෑලි කෑලිවලට කැඩී තිබෙන විපක්ෂය එකතු කිරීම අසාර්ථකයි - ඩිලාන්

Published in Gossip
Tuesday, 20 February 2024 10:14

වික්ෂයේ සිටින පිරිස් කෑලි කෑලිවලට කැඩී තිබෙන බවත්, මෙම සියලුම දෙනා එකට එකතු කර ගැනීමට ගත් උත්සාහය සාර්ථක වී නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ඩිලාන් පෙරේරා පවසයි.

මේ නිසා සමගි ජනබලවේගයට නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් 07 දෙනෙකු දැනට සහාය ලබා දීමට තීරණය කර තිබෙන බවත්, තවත් කිහිප දෙනෙකු එම තීරණයට පැමිණීම සඳහා කාලය ඉල්ලා තිබෙන බවත්, මේ අනුව ඉතිරි පිරිස්ද ඉදිරියෙහිදී සමගි ජනබලවේගයට සහය දක්වනු ඇතැයි සිතන බවත් ඒ මහතා සඳහන් කළේය.

නිදහස ජනතා සභාව සජිත් ප්‍රේමදාස මහතා සමග එක්වූයේ 2022 වසරේදී බවත්, ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුව තුළින් ජනාධිපති ධුරයට පත් වූයේ නම් අගමැතිවරයා වන්නේ සජිත් ප්‍රේමදාස මහතා බවත් හෙතෙම පවසා සිටියේය. ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති ධුරයට පත් වූවා නම් සජිත් ප්‍රේමදාස මහතා පුමුඛ කණ්ඩායම් සමග ආණ්ඩු කිරීමට තීරණය කර තිබූ බවද ඒ මහතා සඳහන් කළේය.

එදා සිට දිගටම සමගි ජනබලවේගය සමග හා අනෙකුත් කණ්ඩායම් සමග එකට එකතු වී පොදු සන්ධානයක් සකස් කිරීමට සාකච්ඡා කළ බවද හෙතෙම පවසා සිටියේය. වර්තමානය වන විට ආණ්ඩුවට පක්ෂපාතීව තිබෙන්නේ 20% ක ඡන්ද ප්‍රතිශතයක් බවත්, විපක්ෂයේ කණ්ඩායම්වලට 80% ක ඡන්ද ප්‍රතිශතයක් තිබෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මේ අතර ඩලස් අලහප්පෙරුම ප්‍රමුඛ කණ්ඩායමක් ජාතික ජනබලවේගය සමඟ සම්බන්ධ වීමට ගත් උත්සාහය සාර්ථක වී නැති බව ද වාර්ථා වේ. එමෙන්ම මේ වන විට ගොඩනැගෙන තවත් සන්ධාන කිහිපයක් සමඟ සම්බන්ධ වීමට සාකච්ඡා පවත්වමින් සිටින බවත් වාර්ථා වේ.

කෙසේ නමුත් ඩිලාල් පෙරේරා මන්ත්‍රීවරයා පවසන පරිදිම විපක්ෂය කුළ ඒ්කමතියක් නොමැති බව නිසා ඉදිරි කවර මැතිවරණයකදී හෝ වෙන් වෙන් තරගකිරීම සිදු වෙනු ඇති අතර අවසන් මොහොතේදී හෝ ආණ්ඩු පක්ෂයට සහය දීම ද සිදු වෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. එමෙන්ම දැනට පෙනෙන්නට ඇති පරිදි විපක්ෂ කණ්ඩායම තමන්ගේ දේශපාලනය තුළ උපරීමයට පැමිණ ඇති අතර ආණ්ඩු පක්ෂ කණ්ඩායම් තවමත් දේශපාලනික සංවිධාන හා ප්‍රචාරක කටයුතු වල සැලකිය යුතු තරමින් සක්‍රීයව නැත. ඒ අනුව පවතින දේශපානික තත්වයන් ආණ්ඩු පක්ෂ වල ක්‍රියාකාරිත්වයන් සමඟ තවදුරටත් වෙනස් වෙනු ඇත.

Leave a comment

worky

worky1

ld add copy

Connet With Us