subash

subash

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වල ප. ව. 1න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් පොලිස් නිලධාරීන්ගේ අභියාචනා සම්බන්ධයෙන් පැවැත්වෙන පොලිස්පති දිනය සහ පොලිස්පති මහජන දිනය නොපැවැත්වෙන බව පොලිසිය පවසයි.

මෙරට රත්‍රං මිල ගණන් රුපියල් 4,000කින් පමණ ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.

අද (15) සිට රාජ්‍ය ආයතන කාර්යාල, සාමාන්‍ය පරිදි විවෘතව තැබෙන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඉරානය සමඟ පවතින යුදමය තත්ත්වය මේ වන විට අවසන්වීමට ඉතා ආසන්න මට්ටමක පවතින බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

සිංහල අවුරුදු නැකැත් සීට්ටුවේ සඳහන් පරිදි හිස තෙල් ගෑමේ නැකත අද (15) පෙරවරු 6.55ට උදාවුණි.

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල යළිත් වරක් අමෙරිකානු ඩොලර් 100ට වඩා අඩු අගයක් ගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම් බිම් බලා ගිය මගී ජනතාවගේ අවශ්‍යතාවය අනුව අද (15) දිනයේ සිට බස් රථ ධාවනයට එක්කිරීමට කටයුතු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

අද කාලගුණය

Published in පුවත්
Wednesday, 15 April 2026 07:37

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ අද (15) ප. ව. 1.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එළැඹෙන අවුරුදු සමයේ අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් ඒ සදහා ප්‍රථමාධාර සේවා සහ වෛද්‍ය සේවා සැපයීම අනිවාර්යයෙන් සිදු කළ යුතු බව ජාතික ක්‍රීඩා විද්‍යායතනය පවසයි.

Connet With Us