subash

subash

මහනුවර ශ්‍රී දළදා මාලිගාව සඳහා නව දියවඩන නිලමේවරයෙකු තෝරාගැනීම සඳහා වන නිලවරණය අද (7) සිදුකිරීමට නියමිතය.

අස්වැසුම ප්‍රතිලාභය ලබා ගැනීම සඳහා 2023 වසරේ ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කරන ලද ලක්ෂ 34 අතරින් මිලියනයක පිරිසක් අස්වැසුම ලබාදෙන ලෙස සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයට දුක් ගැනවිලි ඉදිරිපත් කර ඇතැයි එම මණ්ඩලයේ සභාපති නිමල් කොටවලගෙදර පැවැසීය.

2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම හෙවත් අයවැය කතාව අද (07) පස්වරුවේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

වැස්සෙන් බර අහසක්

Published in පුවත්
Friday, 07 November 2025 07:34

අද (7) බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ලොකු ලූනු ගොවියාට සාධාරණ මිලක් නොලැබෙන බව වැවිලි සහ කෘෂිකර්ම ඇමැතිවරුන් පැවසුවද දේශීය ලොකු ලූනූ කිලෝවක් මාසයකට වඩා කල් තබාගැනීමට නොහැකි බවට වෙළෙඳ ඇමැතිවරයා පැවසීම හේතුවෙන් දේශීය ලොකු ලූනූ ගොවීහු දැඩි අර්බුදයකට මුහුණපා සිටිති.

මෙවර අයවැයෙන් වතු කම්කරු වැටුප ඉහළ දැමීම සම්බන්ධව රජයේ අවධානය යොමුවී ඇත.

2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව හෙට (07) දිනයේ සිදුකිරීමට නියමිතව තිබේ.

ආනයනික මාගරින් සඳහා පනවා ඇති බදු ඉවත් කරන්නේනම් හෝ දේශීය මාගරින් මිල අඩු කරන්නේනම් නත්තල් උත්සව සමයේ සිට කේක් කිලෝවක් රුපියල් දෙසීයකින් සහ බනිස් ඇතුළු අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10කින් අඩු කිරීමට සූදානම් බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පැවසීය.

ඉදිරියේදී කටුපොල් වගා කිරීමට අනුමැතිය ලබාදීම සම්බන්ධව රජයේ අවධානය යොමුවී ඇත.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතී.

Connet With Us