subash

subash

අයහපත් කාලගුණික තත්වය හමුවේ වසා දැමුණු වනජීවි ජාතික උද්‍යාන කිහිපයක් සහ සංචාරක නිවාස කිහිපයක් අද (03) සිට විවෘත කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ආපදා තත්ත්වය හේතුවෙන් බිඳ වැටුණු මෙරට දුරකථන සහ අන්තර්ජාල සන්නිවේදන ජාලා හෙට (04) වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇතැයි ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේය.

අය­හ­පත් කාල­ගු­ණ­යෙන් පීඩා­වට පත් ජන­තා­වට සහන සැල­සීමේ රජයේ වැඩ­පි­ළි­වෙ­ළට, ශ්‍රී ලංකා ඩාවුඩි බෝරා ප්‍රජාව විසින් ඒ සඳහා රුපි­යල් ලක්ෂ 100ක මූල්‍ය­මය පරි­ත්‍යා­ග­යක් සිදු කරනු ලැබීය.

පස්වරු 2.00න් පසුව වැසි

Published in පුවත්
Wednesday, 03 December 2025 06:55

උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත් බදුල්ල සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද (03) පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අයහපත් කාලගුණික හා ආපදා තත්ත්වය හේතුවෙන් රියදුරු බලපත්‍ර අලුත් කර ගැනිම සඳහා මාසයක විශේෂ සහන කාලයක් ලබාදී තිබේ.

කැලණි ගඟේ ජල මට්ටම මේ වන විට පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

අද සිට බස් රථ 4000 කට ආසන්න සංඛ්‍යාවක් ධාවනයට එක් කිරිමට ශ්‍රි ලංකා ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලය පියවර ගෙන තිබේ.

අයහපත් කාලගුණය හමුවේ ගංවතුරින් යටවී තිබූ අතුරුගිරිය පිවිසුම විවෘත කර තිබේ.

උතුරු සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අධික වර්ෂාපතනය හේතුවෙන් මන්නාරම ඉලුප්පුකඩවායි සහ සෙට්ටිකුලම් ප්‍රදේශයේ ඇති වී ඇති ගංවතුර තත්වය හමුවේ ආපදාවට පත් පුද්ගලයින් 157දෙනෙකු නාවික හමුදා ආපදා සහන මෙහෙයුම් මඟින් මුදා ගෙන තිබේ.

Connet With Us