පරිසර උෂ්ණත්වය ඉහළ යාම සහ දේශගුණික විපර්යාස හේතුවෙන් සත්තව ලෝකයේ කඩිසරම ජීවියා වන  මී මැස්සන් පෘථිවියෙන් ඉක්මණින් වඳවී යා හැකි බව සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.
ජාතියක් අයාලේ යැවීමට ( වැරදියට පාලනය කිරීම) අවශ්‍ය පළමු සර්ව-විරෝධීනාශකය වනාහී,  ව්‍යවාහාර මුදලේ උද්දමනයය. දෙවැන්න යුද්ධයය.  මෙම දෙකින්ම තාවකාලික සමෘද්ධිය ලබාදෙන අතර දීර්ඝකාලීන විනාශය ලැබේ. නමුත් මෙම දෙකම  දේශපාලන සහ ආර්ථික අවස්ථාවාදීන්ට රැකවරණය ලබාදේ.
 
 - ආර්නස්ට් හෙමිංවේ ( මීළඟ යුද්ධය ගැන සටහන් -  සැප්තැම්බර් 1939)
                                                                                                             
                              නිලන්ත ඉලංගමුව
 
ජනාධිපති මහින්ද රාජපක්ෂට මෙම අවස්ථාවේදී ඇති වඩාත් වැදගත්ම උපක්‍රමය වනාහී තවත් වසර දෙකකට පසු නියමිත කාලය එළඹී පසු මැතිවරණයකට යෑමය. ඔහුට, ඔහුගේ බලය රැක ගැනීම සඳහා අතිශය ඉහවහ ගිය කෑදරකමක් තිබේනම් ඔහුට ඇති දෙවන සහ වැදගත්ම විසඳුම වනාහී ජනමතවිචාරණයකට යාමය.නමුත් එය ජාතික වශයෙන් කෙසේ වෙතත් ජාත්‍යන්තර වශයෙන් රට තවදුරටත් හුදෙකලා කිරීමකට මාර්ගය පාදනු ඇත. මන්ද ජනමතවිචාරණයකින් ඔහුගේ ජය නිශ්චිත වුවද ඊට එරෙහි මතවාදය පුළුල් වනු ඇත.

ඉදිරි ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂගේ “අනෙකා” වනු ඇත්තේ, කවුරුන්දැ යි තවම පිටතට ප්‍රකාශයට පත් ව නොමැත. එසේ නමුත්, මෙතෙක් මහජන ප්‍රදර්ශනයට විවෘත නොවුණු තිරය පිටුපස පෙළගැසෙමින් ඇති සිදුවීම්වලින් නම් පෙනෙන්නට ඇත්තේ, ජනවාරියේ පැවැත්වීමට වැඩි ඉඩක් ඇති, ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපතිවරයා ගේ ප්‍රධාන ප්‍රතිවාදියා ලෙස තරග කිරීමට වැඩි ඉඩක් ඇත්තේ එක්සත් නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය බව ය.

ජීවත්වීමට තරම් වාසනාවක් ලබාගනු ඇතැයි විශ්වාස නොකළ නිවුන් පැන්ඩා පැටවුන් තිදෙනෙකු කිසිදු අතුරු අන්තරාවකින් තොරව ඉතාමත් නිරෝගීව දින 100 ක කාලයක් ජීවත්වීමට සමත්ව ඇති පුවතක් දකුණු චීනයෙන් වාර්තා වෙනවා. එහි ගු‍අන්ඩොන්ග් පළාතේ ගුඅන්ෂොයුහි පිහිටි උද්‍යානයකදී පසුගිය ජූලි 29 වැනිදා උපත ලැබූ මෙම දුර්ලබ පැටවුන් තිදෙනාගේ උපත් බර ලෙස සටහන වූයේ අවුන්ස තුන හමාරක් පමණයි. 

Fast & the Furious ලොව පුරා සිනමා රසික රසිකාවන් අතරේ අතිශය ජනප‍්‍රිය වූ ක‍්‍රියාදාම චිත‍්‍රපට මාලාවක්. එහි මීළඟට පැමිණෙන්නට නියමිතව ඇත්තේ හත්වැනි චිත‍්‍රපටය යි. එහි පූර්ව ප‍්‍රචාරක පටය පසුගිය සතිඅන්තයේදී අන්තර්ජාලයට මුදා හැරුණි.
දේශපාලනඥයින් ජනතාවට ලැදිය. නමුත් එය සත්ගුණවත් බව නිසා නොවේ. එය හරියට මැක්කන් බල්ලන්ට දක්වන ලැදියාව වැනිය - පී. ජේ. ඔරෝවූක්
 
                                                                                                    නිලන්ත ඉලංගමුව
 
මංගල  රාජපක්ෂට මුක්කු ගැසීමට නොයන්නේය. රාජපක්ෂ සමඟ අත්වැල් බැඳ නොගන්නේය. නමුත් ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙත යන්නේදැයි නොදන්නේය. එය එනම් තම ඇත්ත සම්බවය සොයා යෑම මංගලගේ සැබෑ ආශාව වේ. නමුත්, ඔහුට එහි යෑමට වුවමනාවක් මෙන්ම අවකාශයක්ද අභ්‍යන්තරය තුළ නොමැති වුවද මතුපිට පෙළ ගැසීම ඊට හාත්පසින්ම වෙනස්ය. මන්ද මතුපිට පෙළ ගැසීම ඔහුට කලකිරීම සහ මානසික අසහනය නිරතුරුව ලබා දෙන්නේය.

අප මෙච්චර කල් අසා තිබුණේ `බොරු ගෙතීමක්` ගැනය. බොරු ගොතා කියන අය - බොරු ගොතා කියන විධි - බොරු ගොතා කියන ක්‍රම ආදිය ගැන අපි ඕනෑවටත් වඩා අසා ඇත්තෙමු. එහෙත් මේ කියන්නට සූදානම් වන්නේ අලුත් කතාවකි. බොරු ගෙතිල්ල සිදු වූයේ ඉස්සරය. දැන් සිදුවන්නේ බොරු පැළ කිරිල්ලය. මුළින්ම බොරුව අවශ්‍ය අවස්ථාවේදී පැළ කරනු ලබන අතර ඉන් අනතුරුව ඊට අවශ්‍ය වතුර පොහොර යොදනු ලැබේ. ඊළඟට දන්නේම නැතිව බොරුව මහා ගසක් බවට පත්වෙයි. එතැන්සිට අමුතු ගෙතිල්ලක් අවශ්‍ය නැත. සෙවන දෙන්නේ බොරුවයි. බොරුව යට සිට කරන කියන සියල්ල කාටත් නොදැනී බොරුවේ සෙවනැල්ලට යට වෙයි.

බොක්ස් ඔෆිස් වාර්තාව බිඳ හෙළමින් සැමගේ අවධානය දිනා ගත් හැපි නිව් ඉයර් චිත‍්‍රපටය මේ වන විට ඉන්දියානු රුපියල් කෝටි 180 කටත් වඩා වැඩි ආදායමක් උපයා ගෙන අැත.

ක්‍රීඩා

Connet With Us