මා දන්නා මෛත්‍රී....

Thursday, 25 December 2014 11:00
මෛත්‍රීපාල සිරිසේන මහතා සමිබන්ධයෙන් බොහෝ දෙනෙක් විවිධ තොරතුරු අසා ඇතිවාට සැකයක් නැත. පොළොන්නරුවෙි හද්දා පිටිසර ගමක ඇති හැකි පවළක නුපන්  ඔහු සැම විටම ගැමිකම  හිස දරාගෙන සාමාන්‍ය මිනිසුන් අතර නම හදාගත් නායකයෙකි.  
වසර ගණනාවක් මම ඔහුව ඉතා ලගින් ඇසුරු කළ නිසා ඔහු සිතන පතන ආකාරය මෙන්ම ඔහුගේ  ප්‍රතිපත්ති පිළිබඳව මම හොඳින් හඳුනමි.
 
මෛත්‍රීපාල සිරිසේන මහතා තම දේශපාලන ජීවිතයට වසර 47ක් හා පාර්ලිමෙින්තු ජීවිතයට වසර 25ක් පිරිම නිමිත්තෙන් පොළොන්නරුවෙි පැවැති උත්සවයක දී කළ කතාවෙි එක් කොටසක් තවමත් මගේ මතකයේ රැඳී තිබෙි. එම කතාව තුළින් ඔහු දැරූ මතය සමස්තයක්  වශයෙන් පැහැදිළි වෙතැයි සිතමි. 
 
,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ මගේ ජීවිතය. කවදා හරි මෙි පක්ෂය විනාශ වෙන්න ගියොත් එදාට මම කුණාටු සාගරයක නැවක් පදවන කප්පිත්තෙක් තමන් පදවන නැව විනාශයෙන් බෙිරා ගන්න බැරි නමි ඒ නැවෙි සුක්කනාම බදා ගෙන නැවත් එක්කම මැරෙනවා වගේ මමත් මෙි පක්ෂය බෙිරා ගන්න බැරි වුනොත් ඒ මත්තෙම මමත් මැරෙනවා, යයි ඔහු එදා පොළොන්නරුවෙි දී සඳහන් කළේය 
 
ඇත්තටම මෛත්‍රීපාල සිරිසේන යනු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. එම පක්ෂයෙන් තොර ජීවිතයක් ඔහුට නොතිබිනි. සෑම විටම පක්ෂය හා පක්ෂයේ ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනි සිටි හෙතෙම පක්ෂයේ විනයට හානි විය හැකි කිසිවක් තම දේශපාලන දිවිය තුළ සිදු කළේ නැත.  වත්මන් රජයේ අමාත්‍යාංශ ගණනාවක කැබිනටි අමාත්‍ය තනතුරු ඉසිලුව ද කෙදිනක වත් තම පවුලේ කිසිවෙක් හෝ හෝ අමාත්‍යාංශයක් වෙත ගෙන ඒමට කටයුතු කළේ නැත. අඩුම තරමින් අමාත්‍යවරයා වශයෙන් වැඩ බාර ගන්නා දිනයක තම පවුලේ උදවිය බිරිඳ ඇතුලු දු දරුවන් අමාත්‍යාංශයට කැඳවා ගෙන ඒම බොහෝ ඇමැතිවරුන්ගේ සිරිතකි. නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍ය තනතුරේ  වැඩ බාර ගත් සෑම අවස්ථාවකම ඔහු අමාත්‍යාංශය වෙත පැමිණියේ තනිවමය.
 
වරක් ඔහුගේ සොහොයුරෙක් අමාත්‍ය කාර්යාලය වෙත පැමිණියේය. ඔහු දුටු මෛත්‍රී ,උඹ මොකද මෙහේ ආවෙි යැයි ඇසීය. අයියගේ අමාත්‍යාංශය බලන්න ආවා යැයි ඔහු කීය දැන් බැලුවනේ. එහෙනමි පළයං මට පේන්න ඉන්නේ නැතිව, යැයි හෙතෙම කීය. සොහොයුරා අමාත්‍ය කාර්යාලයෙන් එළියට බැස ගියේය. මෛත්‍රීගේ හැටි එහෙමය .
 
,මෙළොවට තනිවම කිසිවක් නැතිවම පැමිණි අප යනවිට යන්නේ කිසිවක් නොමැතිවම තනිවම බව, ඔහු නිතර කී දෙයකි. අල්පේචිිඡ ජීවිතයක් ගත කළ හෙතෙම අනවශ්‍ය බරක් දරා ගැනීමට පියවර ගත්තේ නැත. මම දන්නා පරිදි තමන්ට ලැබුන බලතල ඊට පහළ ස්ථරයන් වෙත පැවරූ කිසිදු අමාත්‍යවරයෙක් අපේ දේශපාලන ඉතිහාසය තුළ නැත. නමුත් කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් සිටිය දී මෙන්ම සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් සිටිය දී ද තමන්ට පැවරුණ බලතලවලින් කොටසක් පළාත් සභාවන් හි එම විෂයට අදාල අමාත්‍යවරුන් වෙත ලිඛිතවම පවරා දෙනු ලැබු බව කවුරුත් නොදන්නා රහසකි. අනුන් සතු බලතල පවා පවරා ගන්නා යුගයක තමන් සතු බලතල විමධ්‍යගත කිරිමට අපේ රටෙි දේශපාලනඥයෙක් කටයුතු කළා නමි ඒ මෛත්‍රීපාල සිරිසේන මහතා පමණි.
 
එමනිසා බලය සමිබන්ධයෙන් තන්හාවක් ඔහුට නොවිනි.
2013 වසරේ දී නියෝජ්‍ය අමාත්‍යවරු කිහිප  දෙනෙක් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් පත් කිරිමට යෝජිතව තිබු අවස්ථාවෙි ඊට පෙරදින රාත්‍රීයේ මෛත්‍රීපාල සිරිසේන මහතා දුරකථනයෙන් මා හට කතා කළේය.  ආගිය තොරතුරු කතා කිරිමෙන් පසුව මෛත්‍රී පසු දින අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුමි දීමට  අරලිය ගහ මන්දිරයට පැමිණෙන ලෙස ජනාධිපතිතුමන් තමන්ට පැවසු බව මා සමග කිය. ඒ අනුව තමන් පසුදින අග්‍රාමාත්‍ය තනතුරේ දිවුරුමි දෙන බව හෙතෙම සතුටින් මා සමග පැවසීය. නමුත් පසුදින අදාල නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුමි දුන්නත්  අග්‍රාමාත්‍යවරයා වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කළේ නැත. ඊට හේතුව වශයෙන් හෙතෙම මා සමග කියා සිටියේ  රජයේ එක් පුද්ගලයෙක් තමන්ට අගමැති තනතුර ලබා දෙනවාට විරුද්ධ වු බවයි. ඒ මහතා පසුවුයේ දැඩි කළකිරිමකිනි.
වර්තමානයේ රජයේ පාර්ශ්වයෙන් ඇතැමි අය මෛත්‍රීපාල සිරිසේන මහතාට එල්ල කරන චෝදනාවක් වන්නේ ඒ   මහතා අගමැතිකම නිරන්තරයෙන් ඉල්ලා සිටි බවත් එය නොලැබුන නිසා මෙවැනි පියවරක් ගත් බවයි. නමුත් එහි සත්‍යතාවයක් නැත. එය වෙනමම කාරණයකි.  
 
පක්ෂය වෙනුවෙන් කෙතරමි කැපවීමි කළ ද තමන්ට විවිධාකාරයෙන් එල්ල වු තාඩන පීඩන ගැහැට සියල්ල ඒ මහතා නිහඩ සිතින් උපේක්ෂා සහගතව විඳ දරා ගත්තේය. විශේෂයෙන්ම ජාතික ඖෂධ පනත මෙන්ම දුමිවැටි දවටනවල රූපමය අවවාද ඇතුළත් කිරිමෙි පනත පමණක්් නොව කෘෂිකර්ම  අමාත්‍යවරයාව සිටිය දී ඉදිරිපත් කළ පනත් කිහිපයක් ද  අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ නමුදු ඒවාට අනුමැතිය ලබා නොදුන් බව අමාත්‍යවරයා කිහිප අවස්ථාවක මා සමග පැවසීය. විශේෂ කරුණ නමි මෙි සෑම පනතක්ම  මෙි රටෙි සාමාන්‍ය අහිංසක ජනතාවට ඉතාමත් බලපාන අණ පනත් වීමයි. නමුත් ඒවා ගත් තැනම ලොප් විය.
 
මෛත්‍රීපාල සිරිසේන චරිතය දෙස බලන විට  ඔහු තරමි ඇසු පිරූ  චරිතයක් වර්තමාන අමාත්‍ය මණ්ඩලය තුළ නොවීය. වරක් මා හට දුරකතනනයෙන් කතා කළ හෙතෙම එක්තරා පොතක් මා හට ගෙන දෙන ලෙස දැන්වීය. එම පොතේ නම මා හට දැන් අමතක නමුත් මම ඒ පොත මරදානේ පොත් සාප්පුවකින්  මිල දී  ගත්තෙමි. පිටු 1000කින් පමණ සමන්වත එම පොතේ සෑම පිටුවකම පාහේ වුයේ වැකි දෙක තුනකින් සමන්විත විවිධ නම ගිය පුද්ගලයින් විසින් කරන ලද ප්‍රකාශයන්ය. මම එම පොත මා හට වැරදමකින් වුවක් දැයි සිතා ජංගම දුරකථනයෙන් අමතා ඒ බව පැවසුවෙමි. ,නැහැ ඒක තමයි මට ඔිනැ. ඒ පොත තමයි මම හොයන්නේි, කී ඒ මහතා එම පොත මවෙතින් ලබා ගත්තේ සත්වනක් පිරි ඉතිරි  ගිය සිතකිනි.
 
බොහෝ අමාත්‍යවරු තම අමාත්‍ය ධුරය දරණ කාලයේ දී තම අමාත්‍යාංශයට අයත් ආයතනවල ඇමැතිවරයාගේ සේයාරුවක් එල්ලිම සුළභ දසුනකි. නමුත් මෛත්‍රීපාල කවදාවත් තමන්ගේ ඡායාරූපය කාර්යාලවල එල්ලීම අනුමත කළේ නැත. මහවැලි අමාත්‍යවරයා වශයෙන් සිටිය දී මහවැලි කේන්දුයේ දිවංගත ගාමිණි දිසානායකයන්ගේ ඡායාරූපයක් එල්ල තිබිනි. අමාත්‍යවරයා වශයෙන් මෛත්‍රී වැඩ බාර ගත් දිනට පසුදින එහි වු එක් නිලධාරියෙක් ගාමිණි දිසානායක මහතාගේ ඡායාරූපය ඉවත් කර ඒ වෙනුවට මෛත්‍රීගේ ඡායාරූපයක් එල්ලා තැබීය. පසු දින මෛත්‍රී කාර්යාලයට එනවිට ගාමිණි දිසානායකයන්ගේ සේයාරුව අතුරුදන් වීම ගැන කරුණු විමසීය.
 
එවිට අර කී නිලධාරියා තමන් එම සේයාරුව ඉවත් කළ බව කීය. එවිට මෛත්‍රී පැවසුයේ මෙම මහවැලි කේන්ද්‍රය හැදුවෙි ගාමිනි දිසානායක මහතා බවයි. එම නිසා වහාම ඔහුගේ සේයාරුව තිබු තැනම එල්ලා තබන ලෙස දැන්වීය. එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන විට එක්තරා ඉහළ නිලධාරියෙක් විමසීමකින් තොරව මෛත්‍රීගේ ඡායාරූප සිය ගණනක් මුදණය කිරිමට පියවර ගත්තේය. එම ආරංචිය සැලවු වහාම  අදාල නිලධාරියා කැඳවු මෛත්‍රී ඔහුට හොඳටම දොස් තැබීය. එපමණක් නොව ඊට පසුදිනම අදාල නිලධාරියා අමාත්‍යාංශයෙන් වෙනත් අමාත්‍යංශයකට මාරු කර යවනු ලැබීය. ඡාියාරූප මුදණයට ගිය වියදම වහාම එම නිලධාරියාගේ වැටුපෙන් අය කිරිමට ද නියෝග කළේය.
 
ඩෙංගු රෝගය මැඩලීම සඳහා විවිධ අය විවිධ අදහස් දක්වන විට වැඩි දෙනෙක් කියුබාවෙි ඩෙංගු මර්ධන ක්‍රමවෙිදය ගැන ඉහළින්ම කථා කළේය. කියුබානු රජය ඩෙංගු මර්දනය සඳහා ගත් ක්‍රියාමාර්ග ඇතුළත් වාර්තා එකක්  නෑරම මෛත්‍රිපාල සිරිසේන මහතා කියවනු ලැබීය. කියුබාවෙි තියෙන්නේ සමාජවාදි නමුත් හමුදා ආණ්ඩුවකට සමාන දැඩි නිති රීති සහිත ආණ්ඩුවක් ඒ ක්‍රමවෙිද අපේ රටෙි ක්‍රියාත්මක කළොත් බොහෝ අය මානව හිමිකමි උල්ලංගනය කරනවා කියළා කෑ ගසාවි යැයි  කීවෙිය.
 
තමන්ට ලබා දෙන ඔිනැම දෙයක් ඉතාමත් පිළිවෙලට ක්‍රමානුකූලව කිරිමෙි හැකියාව මෛත්‍රී තුළ තිබෙන නිසග ගුණාංගයකි.  එය පැහැදිළි කිරිමට ඇති හොඳම නිදසුන වන්නේ  පුවත් පත් කියවන විට අනුගමනය කරන ක්‍රමිවෙිදයයි. සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් පුවත්පතක් කියවා අවසන් කළ තවත් අයෙකුට ඒ පුවත් පත කියවීමට සිතෙන්නේ නැත. මක්නිසාද යත් පිටු පොඩි කර අවුල් කර අපිළිවෙලකට ඒවා කියවීමයි. නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතා පුවත් පතක් කියැවු පසුව එය නැවතත් කියවීමට පමණක් නොව අලෙවි කිරිමට පවා හැකිය. පුවත් පතේ පිටු  අවුල නොකර පිළිවෙළකට නැවතත් එම පුවත් පත සකසා අදාල පිටු නිසි ස්ථානයේම තබා කියැවීම මෛත්‍රීගේ සිරිතය.
 
ආහාරපාන සමිබන්ධයෙන් ද ඔහු අනුගමනය කළේ බුදුන් අනුදත් මාර්ගය යි. මිනිහෙක් ජීවත් වන්නේ ආහාර වලින් නමුත් ජීවත් වන්නේ ආහාර සඳහා නොවෙිය යන්න හෙතෙම  සෑම විටම කියන දෙයකි. 2012  වෙසක් මාසයේ දින කිහිපයක් මෛත්‍රී හදිසියේ ම අතුරුදන් විය. ඔහු ගිය තැනක් සොයා ගැනීමට නොහැකි විය. ආරක්ෂකයින් පවා එම අතුරුදන් වීම නොදැන සිටි අතර ඇතැමි විට ඒ මහතාගේ බිරිඳ හා දරුවන් දැන සිටියා ද යන්න මා දන්නේ නැත. පසුව කොළඹට පැමිණි ඔහු මා හට පවසා  සිටියේ ආරණ්‍ය සේනාසනයක දින තුනක් භික්ෂුන් වහන්සේලා සමග භාවනා කළ බවයි. එහි දී උන්වහන්සේලාට පිරිනමන දානය ගැන කතා කළ මහතා භික්ෂුන් වහන්සේලා ගිලන් වීමට ප්‍රධාන හේතුවක් වන්නේ දායකයින් පිරිනමන ඇතැමි දාන මාන සෞඛ්‍ය සමිපන්න නොවීම නිසා බව කීය. මෙි නිසා උන්වහන්සේලා උදෙසා දාන වටිටෝරුවක් සකස් කිරිමට කටයුතු කරන බව ද කීය.
 
එක් දිනක් මෛත්‍රී උදෑසන ආහාර ගනිමින් සිටියේය. උදේ ආහාරයට මෙනේරි බත් සමිබෝල සමග අනුබව කරමින් සිටින විට එතැනට පැමිණියේ එක්තරා ඉහළ  නිලධාරියෙකි. ආහාර ගනිමින් සිටි ඇමැතිවරයා අසළට පැමිණි හෙතෙම ඇමැතිතුමා , ඔිවද කන්නේ. ඇමැතිවරු වුනාම හොඳට කන්ඩ ඔිනැනේ, යැයි ඇසිය. එහිදි මෛත්‍රී පිළිතුරු දෙමින් කියා සිටියේ ,මං ගමෙි මිනිහා. මට ඔිනැ දෙයක් ඔටිටුයි. සමිබෝලයි බතුයි කියන්නේ නරක කෑමක්ද. ඔයාලා ඉතින් කන්නේ වෙන දේවල් නේ, යැයි කීය. එම නිලධාරියා මෛත්‍රීගේ පිළිතුරෙන් දිරවා ගත නොහැකි තත්ත්වයට පත්විය. 
 
මෛත්‍රී යනු සැබවින්ම ඉතාමත් සංවෙිිදි පුද්ගලයෙකි. ඔහුගේ දෙනෙත්වල කඳුලු රැඳී තිබු අවස්ථාව ගනණාවක්  මම දිටිමි. ඉන් පළමුවැන්න සිය මවගේ අභාවයෙන් පසුව ඔහු හඩා වැළපුණු අවස්ථාවයි. සිය ආදරණීය මවගේ අභාවයෙන් පසුව දින ගණනාවක් යනතෙක් හෙතෙම නිසි පරිදි ආහාර පාන පවා ගත්තේ නැත. මෑණියන්ගේ භෂ්මාවශේෂ ජලයට මුදා හරින ලද අවස්ථාවෙි  මහා පරාක්‍රම සමුද්‍රයේ දොරවල් සත විවර කළ අවස්ථාවක් පරිදි  ක\ුලු ගංගාවක් මෛත්‍රී ගේ දෑසින් ගලා ගියේය.
 
එමෙන්ම මෑතක දී අවශ්‍යතාවක් සඳහා තමන් හමුවන ලෙස ඒ මහතා මා හට දැනුමි දුන් අතර ඒ අනුව මම සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ගියෙමි. එදින බදාද දිනයක් වු බැවින් විශාල පිරිසක් අමාත්‍යවරයා හමුවීමට පැමිණ සිටි අතර මම ඔහුගේ කාර්යාලයට ගියෙමි. එවිට ඈත දුරබැහැරක සිට වයෝවෘද්ධ මවක් ඇගේ දියණියක සමග පැමිණියහ. එවිට අමාත්‍යවරයා ,ඇයි අමිමෙි, යැයි ඇසු විට තමන්ගේ දියණිය එක්තරා සංස්ථාවක ලිපිකාර තනතුරක් සඳහා ඉල්ලුමි කළත් තවම ඒ ගැන තොරතුරක් නොමැති බවත් ඇය නිතර තමන්ට ඇවිටිලි කරන බවත් ඇතැමි විට ආහාර පවා නොගෙන හැඩු කඳුලින් සිටින බවත් පැවසුවාය.
 
 එම මෑණියෝ බොහෝ දුක් ගැහැට විඳි තැනැත්තියක් බව කියන ඇගේ මුහුණ පිරිසිඳ දැකිය හැකි වාර්තාවක් විය. අමාත්‍යවරයා ඇය පැවසු සංස්ථාවෙි සභාපතිවරයා සමිබන්ධ කර ගැනීමටකිහිප වරක්  උත්සාහ දැරුවද එය සපල නොවිය. එවිට  දියණිය ගේ දුරකථන අංකය ඉල්ලා ගත් අමාත්‍යවරයා ඔවුහු පිටත් කර හැරියහ. කෙසේ වුවද තවත් පැය භාගයක් පමණ උත්හාස කළ අතර සභාපතිවරයාගෙන් අදාල තොරතුරු ලබා ගෙන එම මවට අදාල තොරතුරු ලබා දෙනු ලැබීය.

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us