ලිපෙන් කබලට ජම්ප් එකක් - පනින්න බැරි උන් ලිපටම වැටිච්චාවේ සහ ඩවුන් ටවුන් පල්ස්

Wednesday, 24 December 2014 11:47

රසිකයෝ-කෙල්ලෝ-කොල්ලෝ,බල්ලෝ,බලු පැටවු තාල කඩාගෙන ආඩි පාගාගෙන උඩ පනිති,නටති,අත් උස්සා සප් එක දෙති.එහෙත් රස වින්දනයක්,වින්දනයේ මෙලෝ රසයකුත් නැත.මේක ම්යුසිකල් ෂෝස් වලට ගිහින් බීට් වලට නටන කට්ටිය ඉන්න හොඳ ලිපක්,

 

මොකක්ද ලිප? කොහෙටද මේ ලිප කිවුවේ? 

 

ඒ කිවුවේ මේ පොලවට, අපේ තැප්‍රෝබේන් පොලව,එහෙමත් නැත්තන් සිලෑන් එක එහේ ගොඩක් අය මියුසික් අහලා උඩ පනිනවා. රහක් නැතිනම් උඩ පනින්නේ මොකටද?

 

"එකට තමයි බීට් එකේ මෂා එක කියන්නේ" කියා සමහරු කියනවා. එත් කවුරුත් උඩ පනින්නේ තමන්ට පුළුවන් විදිහට විඳින ආතල් එක ඇතුළේ බව අපි දන්නවා. ආතල් කුඩු කිරීම බරසාර පවක් ලු ඒ නිසා එයාලගේ ඒවා එයාලට ගන්න කියමු එත් ඒවා හැමෝටම බලෙන් දෙන්න එපා කියමු සිල්ලරට පිටකොටුවේ විකුණන සමහර වෙලාවට බලෙන් අස්සන  ඒවාට කියන්නේ ‘සින්දු’ කියලා. හැබැයි ඒවා සින්දු කියලා හඳුන්වන වෙන වෙන ගේම්”.

 

මෙහෙම තමයි සමාජේ කට්ටිය කතා වෙන්නේ වෙනසක් හොයන අය,ටිකක් විතර වෙන මීටර් වල ඉන්න අය.ඒ වගේම ඩවුන් ටවුන් එක තියෙනවා කියලා ආරංචි වුනාම සතුටු වුනා කට්ටිය. ඒ කට්ටිය සාමාන්‍යයෙන් බලෙන් අස්සන කාටවත් ජාතක නැති ගේම් වලට කියන්නේ ලාබ ගේම් කියලා. මේ කතා කරන්න යන්නේ ඒ ගේම් එක ගැන නෙමෙයි මේක වෙන ගේම් එකක් ගේම් ඕවර් නොවෙන දන්නෝ දනිති - එති ගේම් එකක්.

 

පිටකොටුව වගේ තැනකට මහල් වරාවේ ඉඳන් එන එකම,එක විදිහක ජම්ප් එකක් මොකද අතර මග ගොඩක් නවතින්න පුළුවන් අපේ ආර්ට්ස් වලට පුරසිද්ධ තැන් පහු කරගෙන ඇවිත් තියෙන්නෙ.වැඩේට එන අයත් එහෙමම ගොඩක් දේවල් පහු කරගෙන තමයි එන්නේ.හැබැයි වැඩේ පහු නොකර කරන එක වෙනම වැඩක්, ටිකක් අමාරු ගේමක්.ඒ ගේම බේකරියේ සෙට් එක සෙට් වෙලා තිතට දීල තිබුණා.

 

කතන්දරේ අමල්බිසෝ නාට්ටිය ඔලුබක්කෝ වගේ වැඩ සිද්ධ වෙන තැන් වලට ගියාම එන අප්පිරියාව, ඔක්කාරයක චමත්කාරය බෙහෙත් හැමදාම බිවුවත් හොඳ වෙන්නේ නෑ. එහෙවු ,මළකෙලි මැද මෙහෙම වැඩ හතක් වුනානම් ඇති.වැඩේට බහින සෙට් එක කියවීම්-ලිවීම්-හැදෑරීම් තියෙන හවුලක්.ඉතින් අඩු අවුලකින් පවුල් වෙන්න පුළුවන් හවුලක්.

 

මේ ලිපේ ඇහෙන සහ අස්සවන සංගීතය අස්සේ තියෙන්නේ බස් වල, ලොතරැයි කූඩු වල, වෙනත් වෙනත් පොදු තැන් වල නිතරම ඇහෙන,ගීත යයි කියාගන්නා රිදම් එකක් සහ බීට් එකක් මැද නපුංසක බල්ලන්ගේ උඩු බිරීම් ඒ විතරක්ද ඉන්ඩො(ර්) ෂෝ කියමින් කරන දෙකයි පනහේ තුප්පහි කුණු වැඩ මේ ඔක්කොම තියෙද්දී,පොදු කක්කුසියක් අස්සේ නහයට දැනුන ලැවැන්ඩර් එයා ෆ්රෙශ්නර් සුවඳක් වගේ වැඩක්

 

 "ඩවුන් ටවුන් පල්ස්"

 

ඕනෑම කලාවකින් කරන වැඩක ආකෘතියක් තියෙනවා, වැඩක් පටන්ගන්නකොට ඒ ආකෘතිය හොයා ගෙන සකස් කරගන්න එක ටිකක් කල්පනාකාරී, ඉවසිලිවන්ත වැඩක්, ආවට ගියාට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.බේකරියේ කට්ටිය සෙට් වෙලා මේ වැඩේ කරගෙන යනකොට මෙහෙට ටිකක් ආගන්තුක වුනත් තැනෙ හැටියට ඇණ ගහලා හුරුබුහුටි ආකෘතියක් හැදුවා. සිද්ධිය නැගලා යනවා හේතුව මෙහෙ ඉන්න විකල්ප සංගීතයක් හොයන රසිකාවියන්ට මේ ප්‍රසංගය පොඩියට උනත් බේකරියේ කට්ටිය නියමෙට තිබ්බ නිසා.

 

කලින් තිබුණු වැඩ වලදී දැනුන සැප සනීපය තාම යූ ටියුබ් එකේ එහෙම අහන්න පුළුවන්,බලන්නත් පුළුවන්.ඔය වැඩේ ඉතාම නිදහස් අනෙකාගේ චූන් එක හිනාවට.බාල්දුවට.අභියෝගෙට ලක් නොවෙන ඉතා නිරවුල් වැඩක්.රැගත් සුරා පිරූ බඳුන්,දුම් දමමින් හිත හෙළි පෙහෙළි කරමින් විඳින්න පුළුවන් විඳුම් උයනක්.ඔන්න ඔය ආකෘතිය මේ ලිපේ හිටිය ලිප දිරවන්නේ නැති කට්ටියට හොඳ කබලක් ඒ කියන්නේ තාච්චියක් වගේ ලිපට උඩින් තියෙන.හොඳට බැදෙන තැනක් ලිපට සාපේක්ෂව ආතල් හැබැයි ලිපේ රස්නෙත් වදින්නේ නැත්තේම නෑ

 

මේ පාර පිටකොටුවට අරගෙන ආවේ ඒ ආකෘතියට හදපු ඩවුන් ටවුන් පල්ස්.ඉතාම ලස්සනට වැඩේ කෙරීගෙන යන්න පටන් ගත්තා. ආකෘතිය නොබිඳ නොනසා බේකරියේ දී ඉපදුන සුන්දර සංකල්පය පිටකොටුවට රැගෙන ආවා. දවල් ප්‍රැක්ටිස් කළා කට්ටියම, එතනත් බලාගෙන හිටියා නා නා ප්‍රකාර මිනිස්සු.හවස් වෙද්දී පුරුදු එලිය වැටුනා ඒ විදුලි පහන් එලිය, නියෝන් එලිය. ඔහොම ඉතින් පිටකොටුව හෙමින් හෙමින් සද්දේ අඩු කරගනිමින් පුරුදු හීලෑවීම වුනා. පෝලිමේ ඉඳල ටිකට් ගන්න අමාරු කට්ටිය කවුරුත්ම නොහිටපු නිසා, පෝලිම් වුන සහෝදර සහෝදරියෝ ආගිය තොරතුරක් කතා බහ කරගෙන රෑ අටයි කාල වගේ වෙනකොට වැඩේ පටන් ගන්නව කියලා පෝලිමෙන් ඇතුළට ගියා.

 

අවට නැගෙන්න පටන් ගත්තේ මී දුම් වලාවන් එහෙම නෙමෙයි, හැබැයි මීදුම තරමටත් වඩා සැහැල්ලු, උණුසුම් හදවතින් ඇවිත් පිටවෙන ශ්වේත ධූම වලාවන් ඒ අතරින් පතරින් වේදිකාවේ අලංකාර මුහුණ පේනවා. තව ටිකකින් මේ ආකෘතියෙන් සින්දු අහන්න පුළුවන්. නියමයි, පට්ට, එළ හැමෝම අතරින් පතරින් මේ වගේ වචන කිවුවා.

 

වැඩේ පටන් ගත්තා වැඩේ එක ගානකට යනවා. මේ රාත්‍රිය සොඳුරුයි එළියේ වෙන දේවල්ම වුනත් වෙන විදිහකට කියාගෙන යනවා එක හොඳයි.එකම දේවල් එකම විදිහට අහද්දී එකම දේවල් වුනත් වෙනස් විදිහකට කියන එක හරි ශෝක්!

 

මෙහෙම හිතමු නිකමට වොඩ්කා බෝතලයක් අරන් බොන්න යනවා බෝතලේ දැක්කම හිත පිරෙනවා නියම වොඩ්කා ආකෘතිය එත් බොනකොට වොඩ්කා නෙමෙයි.එහෙම නැත්තං මෙහෙම හිතමු කුරුම්බා ගෙඩියක් තියෙනවා ෂා! පට්ට, තිබහට මරු කපලා බොනකොට කුරුම්බා නෙමෙයි. අඳුරන ආකෘතියකට අඳුරන්නේ නැති, රහ දැනිලා නැති, අන්තර්ගත වැටුනම ඔලුව ජපන් කඳ ජර්මන් වගේ පේනවා, දැනෙනවා.

 

හැබැයි මෙහෙමත් තියෙනවනේ කවුරු හරි කිවුවොත් නොතේරෙන එක තමයි, ආකෘතියට නොගැලපෙන අන්තර්ගතය තමයි විකල්පය කියලා එතන පොඩි අවුලක් දැනෙනවා යමක් කමක් තේරෙන අයට. ආකෘතිය හදලා තියෙන්නෙම එකට ගැලපෙන දෙයක් තියෙන නිසානේ, ආකෘතිය ගැන අවබෝධය නැත්තම් දන්නා කෙනෙක්ගෙන් අහගන්න වෙනවා අඩු තරමින් ආකෘතිය හදපු අයගෙන් වත්, මොකද ආකෘතියේ අපේ කතාවේ හැටියට කබලේ ප්‍රාර්ථනය වුණේ එපා වෙලා ඉන්න ලිපෙන් කබලට ජම්ප් කරන එක නම් හරියටම කබලට පනින්න ඕනේ නැත්තන් පිට යනවා පිට ගියොත් ආයෙත් ලිපේ!

 

එතකොට අර කබල ගැන හිතලා එක ප්ලෑන් කරලා නිදි මරාගෙන ඉඳලා එක හරියට හදලා ලිපට උඩින් තියලා හෙන ගේම් එකක් දීලා කබල කියන විකල්පය හදපු කල්පනාකාරී සෙට් එකට අසාධාරණයි මොකද කබල හදන්න දුන්න සප් එකයි ඉඳි කට්ටේ ඉඳලා වලන් කට්ට වෙනකම් කාපු කටු ටිකයි දන්නේ ඒ සෙට් එක නිසා.එහෙම නරකයි නේද? ඒ නිසා හොඳම දේ,විකල්පය තාම හරියට අහු වෙලා නැත්තම් ලොකු ආකෘති වලට හිතෙන හිතෙන දේවල් පුරවන්නේ නැතුව ඉන්න එක.මොකද හිතෙන ඕනෙම දෙයක් කරලා එකේ නැති ගැම්මක්,විකල්පයක් පෙන්නන්න වචන හරඹ කරලා වැඩක් නෑ.

 

වොඩ්කා නම් වොඩ්කා කසිප්පු නම් කසිප්පු දෙකම බෝතල් තමයි හැබැයි දන්න අය බෝතලෙත් දන්නවා රහත් දන්නවා. සමහරු දෙකම බොනවා හැබැයි කවලන් කරගන්නේ නෑ. එතකොට එක රහක් වත් හරියට දැනෙන්නේ නෑ.

 

ලබන පාර ඩවුන් ටවුන් පල්ස් ඇවිත් බලන්න.”වැඩේ රහයි හැබැයි මොකක්ද ඔබේ රහ කියලා අඳුරගෙන එන්න” එහෙම කවුදෝ කියනවා මට ඇහුනා කවුද කියලා මතක නෑ. එක්කෝ කොහේ හරි ලියවිලා තියෙන්න ඇති එහෙම. කොටුවේ ටකරං අතර තිබුණු තාප්පෙකවත්.එත් මම කියන්නේ මේකයි, ඇවිත් බලන්න නොබලා ඒ ගැන කිසි දෙයක් කතා කරන්න එපා,ලියන්නත් එපා! සවුත්තු වෙයි.

 

ගිහාන් රුද්‍රිගු 

Last modified on Wednesday, 24 December 2014 13:05

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us