අවදානම විනෝදයක් කරගත් මිනිසෙක්

Published in අනං මනං
Wednesday, 10 June 2015 11:43

එංගලන්තයේ වාසය කරන ජේම්ස් කිංග්ස්ටන්  වීර ක්‍රියා කරන්න කැමැත්තක් දක්වන්නෙක්. ජේම්ස්ගේ වීර ක්‍රියාවල විශේෂත්වය වෙන්නෙ ඔහු ඉතා උස ස්ථානවලට නැගීමට  දක්වන කැමැත්ත.

ඔහු මේ වෙනකොට ලොව පුර පිහිටි ඉතා උස පාලම්, ගොඩනැගිලි, කුළුණු වලට නැග තිබෙනවා.

සමහර වෙලාවට ඔහු  මෙවැනි ස්ථාන වලට නගින්නෙ කිසිඳු අවසරයකින් තොරවයි. මේ හේතුව නිසා ඔහුට සිරගත වෙන්න සිදු උන අවස්ථාත් තිබෙනවා.

ඔහුගේ අලුත්ම වීර ක්‍රියාව උනේ වෙම්බ්ලි ක්‍රීඩාංගනයේ ඉතා උස වක්‍රාකාර කුළුනක් තරණය කිරීමයි.

මෙම කුළුන පොළොවේ සිට මීටර් 130 උසකින් පිහිටනවා. සුළු ආධාරකයක් යොදාගෙන කරපු මේ වීර ක්‍රියාව ඉතා සාර්ථකව අවසන් කරන්න ජේම්ස්ට හැකි උනා.

james2

james3

james4

james5

Connet With Us