මදුරුවන්ට දත් තියෙනවද?

Published in අනං මනං
Thursday, 02 April 2015 16:08

මදුරුවන්ට දත් තියෙනවද? ඇත්තටම කීයක් විතර තියෙනවා ඇතිද? මෙහෙම හිතිලා නැද්ද කවදාවත්.

මදුරුවන්ටත් දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. ලෝකයේ කෘමි සතුන් අතරින් පරණම කෘමි සතෙක් මදුරුවා. ඒවගේම මදුරු වර්ග 3500ක් විතර ලෝකයේ සිටිනවා. ඒත් ඉතින් මිනිස්සුන්ගේ ලේ උරා  බොන්නෙ ඒ අතරින් කිහිප වර්ගයක් පමණයි.

ලේ උරා බීම සඳහා පාවිච්චි කරන්නෙ  කුඩා නාලයක් වැනි කොටසක්. හරියට පරීක්ෂණ සඳහා ලේ ලබා ගන්නවා හා සමාන ක්‍රමයක් තමයි මදුරුවා ලේ උර බීම සඳහා බාවිතා කරන්නෙ.

නමුත් මේ නාලයට සම විනිවිද යන්න හැකියාවක් නෑ. ඒ සඳහා ඉතාමත් කුඩා කැපුම් තල පිහිටනවා. මේ වගේ කැපුම් තල 47ක් මදුරුවෙකුට තියෙනවා. ඒවා තමයි මදුරුවගෙ දත්.

හැබැයි ඉතින් මනුස්සයෙක් දත් වලින් කරන දේ මදුරුවා මේ කැපුම් තලවලින් කරන්නෙ  නෑ. ලේවල හපන්න දෙයක් නෑනෙ.

ක්‍රීඩා

Connet With Us