කොළ පැහැති පූසෙක් අන්තර්ජාලය කළඹයි

Published in අනං මනං
Sunday, 07 December 2014 11:01

පසුගිය දින කීපය පුරාම බල්ගේරියාව පුරා කතාබහට ලක්වුනු කොළ පැහැති පූසෙක් පිළිබඳව මේ වන විට විවිධාකාරයේ මත පළවෙමින් තිබෙනවා.

ඡුායාරූප ශිල්පියෙක් විසින් බල්ගේරියාවේ නගරයක සැරිසරන මෙම පූසාගේ ඡුායාරූප ගෙන අන්තර්ජාලයට මුදාහැර ඇති අතර ඉන් පසුව බොහෝ දෙනා විශ්වාස කොට ඇත්තේ මෙය ස්වාභාවිකවම නිර්මාණය වූ වර්ණයක් බවයි.

කෙසේ නමුත් වැඩිදුර තොරතුරු සොයා බැලීමත් සමග මේ වන විට මත පලවී ඇත්තේ මෙම පූසා කවුරුන්හෝ විසින් වර්ණ ගන්වන්නට ඇති බවයි. ඒ පිළිබඳ මේ වන විට සත්ව හිංසාව පිළිබඳ සංවිධාන විරෝධය පළකොට ඇති අතර බොහෝ පිරිස් ඔවුන්හට දඬුවම් කරන මෙන් ඉල්ලා තිබේ.

23BBF15800000578-0-image-m-45 1417705550165

23BBF18200000578-0-image-m-36 1417705293926

23BBF34700000578-0-Mandatory Credit Photo by REX 4275072g The green cat Bright gree-m-35 1417705090323

 

Connet With Us